කොහොම හරි කාලේ ගෙවිලා ගිහින් කෞශාන් කියපු කැම්පස් එකේ තියෙන ඉවෙන්ට් එක තියෙන දවස අන්තිමේදි උදා වුණා . ඉතින් , ඒකට කැම්පස් එකේ හැමෝම පිස්සුවෙන් වගේ ලෑස්ති වෙන්නත් පටන් අරගෙනයි තිබුණේ . කෞශාන්ටත් එදා හුස්මක් ගන්න විවේකයක් නොතිබුණාට එයා ස්වේන් වෙනුවෙනුත් තමන්ගේ කාලය වෙන් කරගත්තා
මොකද , කෞශාන්ට පොරොන්දු වුණා වගේම ස්වේනුත් එදා කැම්පස් එකට ඇවිල්ලයි හිටියේ . කොහොමත් , ඉවෙන්ට් එක පටන් ගන්න හොදටම ළං වුණාම ස්වේන් එක්ක එතනට එන්න තමයි කෞශාන් මුල ඉදන්ම හිතාගෙන හිටපු නිසා පොඩ්ඩක් වැඩ වලින් නිදහස් වෙච්ච කෞශාන් ඉවෙන්ට් එක පටන් ගන්න වෙලාව ළං වෙනකන් ස්වේන්ව යුනිවර්සිටි ටුවර් එකක් එක්කන් ගියා
එදා කැම්පස් එක ඇතුලේ ගොඩක් කට්ටිය හිටපු නිසා වගේම ස්වේන් කැප් එකක් එහෙම දාලා මූන භාගෙට කවර් කරන් හිටපු නිසා එයා දිහාවට ලොකු අවධානයක් එච්චරම ලැබුණේ නෑ . අනික , අවධානයක් ලැබුණත් ඒ ඉන්නේ ස්වේන් වින්ත්‍රෝප් කියලා අදුරගන්න කාටවතම හිතෙන්නේ නෑ
ඔය මොනා බැලුවත් දැන් ස්වේන්ට දැනගන්න ඕනේ වෙලා තිබුණේ 'ධමීර ඉන්නේ කොහෙද?' කියන එක . ඒ නිසා ස්වේන් කොච්චර බෙල්ල කරකව එයාව හෙව්වත් ඒ වෙලාවේ ධමීර නම් ඒ පේන තෙක් මානෙක හිටියේ නෑ . ඉතින් , කෞශාන් කියපු විදිහටම ධමීර මේ වගේ ඉවෙන්ට්ස් වලට එන්නේ නෑ කියලා අන්තිමේදි ස්වේන් එයාගේ හිත හදාගත්තා
කොහොම හරි , කැම්පස් එක වටේ රවුම් ගහපු ස්වේන් & කෞශාන් දෙන්නා අන්තිමේදි ග්‍රවුන්ඩ් එකට ආපු ඒ වෙලාවේ එතන තිබුණේ හරිම කලබලකාරි වාතාවරණයක් කියලා කිව්වොත් හරි . වෙලාව හවස පහට ළං වෙලා තිබුණත් හැමෝම උත්සාහ කළේ කොහොම හරි ඉවෙන්ට් එක පටන් ගන්න වෙලාව වෙච්ච හවස හයට කලින් ඒ තිබුණ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න
මේ ඉවෙන්ට් එක ළමයි ඕගනයිස් කරපු එකක් වුණාට ඒකට ඇකඩමික් ස්ටාෆ් එකෙන්ම වගේම නන් ඇකඩමික් ස්ටාෆ් එකෙන් පවා උදවු ලැබිලා තිබුණා . ඉතින් , ඒ හැමෝම කිසිම භේදයක් නැතුව ලයිට්ස් සෙට් කරන්න , ඩෙකරේශන්ස් බලන්න , ඇජෙන්ඩා එකේ වැඩ බලන්න වගේ වැඩ ගොඩක් එක්ක බිසී වෙලයි හිටියේ
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :