වෙනදට හරිම සාමාන්‍ය විදිහට තියෙන දේවරාජ වලව්ව එදා දවසේ නම් ගොඩක් කාර්‍යබහුල ටැනක් විදිහට වෙනස් වෙලා තිබුණා . ඒකට ප්‍රධානම හේතුව වුණේ හෙට දවසේ වලව්වේ සිද්ධ වෙන දාන පිංකම කියලා කිව්වොත් හරි !
සෙනසුරාදා උදේ පාන්දර ඉදන්ම දේවරාජ වලව්වේ මහ විසාල කුස්සියේ හිටපු ශාරධා මැණිකේ , සිරියා වගේම නාගහවටුන ගමේ ගොඩක් ගෑනු උදවියට වගේම ධමීර & ස්වේන්ට පවා කරන්න ඇති තරම් වැඩ තිබුණා . ඒ ඔක්කෝටමත් වඩා ආර්‍යවර්ධන පවුලේ නෑදෑයෝ , ඒ වගේම ශාරධා මැණිකේගේ පවුලේ අය වගේම ගමේ ගොඩක් අයත් ඒ වෙද්දි දේවරාජ වලව්වට ඇවිල්ලයි හිටියේ
ඉතින් , ඒ කාත් එක්කවත් වැඩි කතා බහට නොගිය ස්වේන් ඒ මුළු දවසම සම්පූර්ණයෙන්ම වගේ ගත කළේ ධමීරත් එක්ක
ගමේ කට්ටියට අමතරව ධමීරගේ එකම අක්කා වෙච්ච ධමීරා ආර්‍යවර්ධන සෙනසුරාදා උදේ පාන්දරින්ම එයාගේ මහත්තයයි චූටි පුතයි වගේම නැන්දම්මයි එක්කම දේවරාජ වලව්වට ආවා . ධමීරගේ අක්කවයි හස්බන්ඩ්වයි නම් එකපාරම ස්වේන්ගේ හිතට ඇල්ලුවත් එයාලා එක්කම ආපු වයසක වලව්කාරිව නම් ස්වේන්ට එච්චරම සෙට් වුණේ නෑ
හැබැයි , ඒකට ස්වේන්ට කරන්න පුළුවන් දෙයකුත් තිබුණේ නෑ . ඉතින් , ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ අදාල පුද්ගලයා තමන්ව දැකපු වෙලාවේ ඉදන් කියන ඇනුම්පද අහන් ඉන්න ස්වේන්ට සිද්ධ වුණා
" මේවා මම කියන්න ඕනේ දේවල් නෙවෙයි , මන් අහන්නේ එහෙම ආවට ගියාට මිනිස්සුන්ව නවත්තගන්නවද ? ඊටත් මේ වලව් වල ! "
ඒ හිටියේ මාතරගේ වෙද වලව්වේ ලොකු මැණිකේ වෙච්ච මල්ලිකා මාතරගේ !
එහෙම නැත්තන් ධමීරගේ එකම අක්කා වෙච්ච ධමීරා ආර්‍යවර්ධනගේ නැන්දම්මා !
වලව්වේ අය , පිටින් ආපු අය , නාගහවටුන ගමේ මිනිස්සු හැමෝම එකා වගේ හෙට දානේ වෙනුවෙන් මහන්සි වෙද්දි සාලේ තිබුණ ලොකු හාන්සි පුටුව සම්පූර්ණයෙන්ම අත් පත් කරන් හිටපු මල්ලිකා මැණිකේ කරපු එකම දේ වුණේ ධමීරත් එක්ක එකතු වෙලා පිරිකර පැක් කර කර හිටපු ස්වේන්ට එක එක ඒවා කියපු එක
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :