සුපුරුදු විදිහට ස්වේන්ගේ තර්ජන ,ගර්ජන , නොසලකා හැරීම් , එරවිලි , කේන්තිය අතරේ දවස් කීපයක්ම හරිම සාමාන්‍ය විදිහට ගත වුණා . හැබැයි , මොනා නැතත් ඒ ටිකේමත් හෙන ඔලුවෙන් හිටපු ස්වේන් ධමීර එක්ක වැඩිය කතා නොකර තමයි හිටියේ . එහෙමයි කියලා ධමීරත් ස්වේන් එක්ක සාමාන්‍ය විදිහට ඉන්න ට්‍රයි කරන එක නවත්තලා තිබුණේ නෑ
ඇත්තටම , තමන් ස්වේන්ව රිජෙක්ට් කරපු එක ධමීරට පෙනුණේ සාමාන්‍ය දෙයක් විදිහට . ඒත් , ස්වේන්ට තාමත් ඒක ටිකක් අනෙක්ස්පෙක්ටඩ් දෙයක් වුණාට ධමීර නම් කොහොමත්ම ඒක වැඩිය බිග් ඩීල් එකක් කරගන්න ගියේ නෑ
එයා මොන විදිහකට ස්වේන්ට කතා කරන්න ගියත් ධමීරට ලැබුණේ එකම ප්‍රතිඵලය වෙද්දි ධමීරත් එක්තරා මොහොතක ඒ ට්‍රයි කරන එක නවත්තලා දැම්මා . මොකද , ස්වේන්ගේ මේ අලි ඔලුව නිසා ධමීර වුණත් හිටියේ සෝ මච් ඩන් වෙලා . කොහොමත් ධමීර කියන්නෙත් ස්වේන් වගේම අලි ඔලුවෙන් ඉන්න මනුස්සයෙක් නිසා එයාලා දෙන්නට මේ ප්‍රශ්නේ විසදගන්න තිබුණේ ගොඩක් අවම චාන්ස් එකක්
කොහොමහරි ධමීර එයා එක්ක කතා කරන එක නවත්තපු එකත් ස්වේන්ට ප්‍රශ්නයක් වෙද්දි ඒකේ ප්‍රතිඵලයක් විදිහට ස්වේන්ගේ දුක අහන අයියා වෙච්ච රඛිත් ධමීරට කෝල් කලා . ඇත්තම කිව්වොත් මේ අලි ඔලුකාරයෝ දෙන්නා නිසා වැඩිපුරම පීඩාවට පත් වෙලා හිටියේ එයාලගේ හොදම යාළුවෝ දෙන්නා වෙච්ච කෙනුල් ඇන්ඩ් රඛිත් දෙන්නා !
ස්වේන් මීට කලින් එයාට ඇවිත් තිබුණ කිසිම ක්‍රශ් එකක් ගැන මේ තරම් සීරියස් නොවුණ බව දන්න නිසාම රඛිත් අන්තිමේදි ධමීරත් එක්ක මේ ගැන කතා කරන්න තීරණය කළා . හැබැයි , ඒ කතා කරන වෙලෙත් ධමීර හිටියේ ශාරධා මැණිකේගේ බල කෙරිල්ලට ස්වේන් තාම ස්කෝලෙද ඉන්නේ කියලා බලන්න යන ගමන්
මේ දවස් වල ස්කෝලේ ස්පෝර්ට්ස් මීට් තිබුණ නිසා ස්වේන් මුළු හවස් වරුවම ගත කළේ ස්කෝලේ . හැබැයි , වෙනදට එයා එහෙම වලව්වට එන්න පරක්කු වෙනවා නම් කලින්ම ඒක ශාරධා මැණිකේට කියලා යන එක අනිවාර්යයෙන්ම කළා
ඒත් එදා ධමීරට නිවාඩු දවසක් නිසා කෑම මේසෙට නොයා එයාව මග අරින්න තීරණය කරපු ස්වේන් කාටවත් නොකියම උදේ පාන්දරින්ම ස්කෝලේ යන්න ගියා . ඉතින් , එකාහාමාර පහු වුණ වෙලාවේ ඉදන් ශාරධා මැණිකේ ස්වේන් එනකන් බලන් හිටියා වුණත් ස්වේන් එයා සාමාන්‍ය දවස් වලට එන වෙලාවට එදා වලව්වට ආවේ නෑ
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :