22

1.5K 246 192
                                    

ස්වේන් කොච්චර බඩගිනි නෑ අරකයි මේකයි ගෑවත් එයා ඉන්නේ ගොඩක් බඩගින්නේ කියන එක ධමීර හොදටම දැනන් හිටියා . ඉතින් , ස්වේන්ගේ ඒ ඔක්කොම රැවිලි ගෙවිලි නොසලකා හැරීම් ටික පාඩුවේ විද දරාගත්ත ධමීර ගිහින් ස්වේන්ට බොන්න සුප් එකකුයි තව එක එක කෑම ජාති ටිකකුයි අරන් ආවා

එතන ඉදන් වලව්වට එනකන්මත් ඒ දෙන්නා අතර කිසිම කතාවක් වුණේ නෑ . වලව්ව ඉස්සරහා කාර් එක නතර කරනවත් එක්කම ස්වේන් හැදුවේ මුකුත් නොකියම සීට් බෙල්ට් එකත් ගලවලා දාලා කාර් එකෙන් බහින්න . ඒත් , ස්වේන් ගැන හොදටම දන්න නිසාම ධමීර එයාට වඩා ඉක්මන් වුණා

" ගිය ගමන් නිදාගන්න ලෑස්ති වෙන්නෙපා , ඔය මගුල තෙමා ගන්නැතුව වොශ් දාලා කාලා බීලා ඉන්නවා ! "

" පාඩුවේ ඉන්න දෙනවා ධමීර "

ඩෝන්ට් කෙයාර් වොයිස් එකකින් ධමීරට එහෙම කියපු ස්වේන් ඕනවට එපාවට සීට් බෙල්ට් එකත් ගලවලා දාලා කාර් එකෙන් බහිද්දී ධමීර පුදුම තරම් ඉවසීමකින් ඒ දිහා බලන් හිටියා . ඒත් ඊටපස්සේ ධමීරත් කාර් එක ගරාජ් එකට දාලා ශාරධා මැණිකේටත් කතා කරගෙනම කෙලින්ම ගියේ උඩ තට්ටුවේ ස්වේන්ගේ රූම් එකට

ධමීර යද්දිත් ස්වේන් හිටියේ මුනින් අතට ඇදට වැටිලා , ඒකත් ඇදන් හිටපු ඇදුමවත් මාරු නොකර . ඉතින් , දිග හුස්මක් ගත්ත ධමීර ඊලගට කළේ බොරුවට නිදාගෙන වගේ ඉන්න ස්වේන්ව ඇහැරවන්න ට්‍රයි කරපු එක . මොකද , එයා පහළ ඉදන් උඩට එන විනාඩි ගානට ස්වේන්ට ඔය පෙන්නන් ඉන්න තරම් ගැඹුරු නින්දකට වැටෙන්න බෑ කියන එක ධමීර දැනන් හිටියා

" කෝ නැගිටිනවා ආශේර්ය , බොරු නින්දකනේ තමුසේ ඔය ඉන්නේ ! "

" Get lost ධමීර ! "

ධමීර ස්වේන්ට කොච්චර නැගිටින්න කියලා කිව්වත් ස්වේන් කළේම කොට්ටෙට මූන ඔබාගෙන ඔහේ හිටපු එක . ඒ වගේම ධමීර කියන මුකුත් සත පහකට ගණන් නොගත්ත ස්වේන් ඒ ඉන්න විදිහටම කොට්ටෙට මූන ඔබාගෙනම තමයි ධමීර අහන ඒවට උත්තරත් දුන්නෙත්

අන්තිමේදි , ධමීරට ඒ විකාරේ එපා වෙද්දි එයා ඇදන් හිටපු ෂර්ට් එකේ අත් දෙක උඩට නවාගත්ත ධමීර ස්වේන්ව බලෙන්ම වගේ ඇදෙන් ගිහින් බාත් ‍රූම් එකට දාලා දොර වැහුවා . එතනින් පස්සේ ධමීරට ඇහුණ එකම දේ වුණේ ස්වේන් බාත් රූම් එක ඇතුලට වෙලා එයා දන්න හැම බී වර්ඩ් එකක්ම කියලා ධමීරට සාප කරන විදිහ !

SR || Ongoing Where stories live. Discover now