04 - කඳු නැගීම

4 1 0
                                    


04 - කඳු නැගීම

ඊළඟ දිනයේදී වර්ෂා පතනය නැවතුණි. උදා හිරු අහසේ දීප්තිමත් ලෙස බැබලුණි. මැද මිදුලෙහි වූ නිල් ගල් කැට හිරු එළිය යට උණුසුම් ලෙස දැනුණ අතර, තණ සශ්‍රීක මෙන්ම හරිත පැහැ විය.

කුකුළාගේ තුන්වැනි හඬලෑමේදී හේ යැන් අවදි වූවාය. චින්ග් මෙයි ,හේ යැන් සයනයේ නොමැති වග සොයාගත් විට භීතියට වූවාය. ඈ හේන් යැන් සෑමතැනකම සෙවූ අතර මැද මිදුලේ වූ ගල් වේදිකාව මත ඇය හිඳගෙන සිටිනවා දුටු විට පමණක් සන්සුන් වූවාය.

"මෙනෙවියනි, ඔබ ඇයි උදෑසනම අවදි වූයේ? තුනී පොරෝනාව නිසා ඔබට ශීතල දැණුනාද?"

"මම හොඳින්, මට නිදාගැනීමට නොහැකි වූවා පමණයි." හේ යැන් කීවාය.

ඇයට කිසිදාක නිදාගැනීමේ පුරුද්දක් නොතිබුණි. හමුදාවේ සිටින විට, ඇයට කිසිදාක සිය ආරක්ෂාව පහත හෙලා ගැනීමට නොහැකි වුණි. සෑම රාත්‍රියකම, සෑම මොහොතකම ඇයට අවදානයෙන් සිටීමට සිදු වූ අතර සතුරු ප්‍රහාර පිළිබඳ සුපරික්ෂාකාරී වීමට සිදු වුණි. ඒ වාගේම, කුඩා අවදියේ පටන් සටන් කලාව හැදෑරූ බැවින් කුකුළන්ගේ හඬලෑමට අවදි වීමට පුරුදුව සිටියාය. ෂූ පවුලට විවාහ වීමෙන් අනතුරුව, මෙම පුරුද්ද නිසාවෙන් ඇයට අන් අයගේ සරදමට ලක් වීමට සිදු වුණි. කෙසේවුවත්, අන්ධ වූවාට පසු ඇය පසුව අවදි වීමට පටන් ගත්තේ, දිවා රාත්‍රී ද්විත්වයෙහි වෙනසක් නොවූ නිසාවෙනි. ඇය කුකුළාගේ හඬලෑමට අවදි වන නමුත්, අන් අය අවදිව සිටින වග ඇසුණු විට පමණක් සයනයෙන් පිට වූවාය.

නැතිනම්, බැලූ බැල්මට ඇය අන් අය හා නොගැළපෙන ලෙස පෙනෙණු ඇත.

"පියාණන් කොහේද?" ඇය ඇසුවාය.

"ප්‍රධානීතුමා පුහුණුවීම් පිටියට නික්ම ගොසින්. තරුණ ස්වාමියාත් දැනුයි අවදි වූයේ. මෙනෙවියනි, කරුණාකර ඔබේ හැඳුම් පැළඳුම් මාරු කොට උදෑසන ආහාරය ලබාගන්න." වාක්‍යය කියා අවසන් වූ පසු චින්ග් මෙයි මුළුතැන්ගෙට දිව ගියාය.

ගෘහයේ සිටියේ එක් සේවිකාවක් පමණක් නිසාවෙන් නිම කළ යුතු වැඩපොළහි අඩුවක් නොවුණි. කුඩා සේවිකාව හට ඕනෑම වේලාවක තවත් උපකාරයක් වැඩි නොවෙනු ඇත.

Rebirth of a Star General - සිංහල පරිවර්තනයWhere stories live. Discover now