වසන්තයේ වර්ෂාව කිසිදා නොනැවතෙන හැඩකි. එළිමහනේ මොරසූරමින් වැස්ස වැටුණි.කෙසේවුවද, නිවස ඇතුළත උණුසුම් වූවේය. ගින්න ප්‍රබෝධයෙන් හඬ නගමින් දැල්වුණි. 'ගල්ප්, ගල්ප්' හඬින් උණු වෙමින් තිබෙන ඖෂධීය පැළෑටි පානයේ හුමාලය ඉහලට නැගුණි.
තරුණ ගැහැණු ළමයෙකු පිත්තල කැඩපතක් ඉදිරිපිට හිදගෙන සිටියාය. සිහින් සහ තරමක් සුදුමැලි මුහුණක් කැඩපත පරාවර්තනය කළේය. මුහුණේ හිමිකාරිය රෝගී සහ උදාසීන පෙනුමක් දැරුවාය. ඇගේ දෙතොල් දිය චෙස්නට් ගෙඩියක් මෙන් එකිනෙක තෙරපී තිබූ අතර මෘදු නමුත් දුරස්ථ හැඟීම් ප්රකාශනයක් විය. ඇප්රිකට් ගෙඩි හැඩැති ඇගේ කාල වර්ණ, තෙත් දෑස, මීදුමෙන් වැසී තිබෙන කඳු පන්තියක්, මීදුම ඉවත්ව ගිය පසු ඓශ්චර්යමත් මාණික්‍යක් පෙන්නුම් කරනවාක් මෙන් විය. ඇගේ සම හිම මෙන් සුදු පැහැති වූ අතර මුහුණේ හැඩරුව පැහැපත් සහ අලංකාර වූවේය. ඕ සොළොස් වියැති ආකර්ෂණීය තරුණ මෙනෙවියක වූවාය.
ඈ ඇගේ සුන්දරත්වය පිළිබඳ දැන සිටි බව කීමට අනවශ්‍ය ය. විවිධ වර්ගයේ පුයර මිශ්‍රණ, මුහුණේ ආලේප කරන දිය සායම්, සුවඳ විලවුන්, සහ හිසකේ ආලපන ඇගේ කුඩා රූපලාවන්‍ය මේසය වසාගත්තේය. බාල රූපලාවන්‍ය ද්‍රව්‍යන්ගේ දුර්ගන්ධයෙන් සම්පූර්ණ කුටියම දුගඳ හැමුවේය. හේ යැන් ඇගේ නාසය අකුළා ගත් අතර කිවිසුම් යෑම වළක්වාගත නොහැකි වූවාය.
ඇය ප්රාශ්වාස කළ වාතය, ශීතල නිසාවෙන් තඹ කැඩපත මත තුහින ලේයරයක් ඇති කරමින් ප්‍රතිබිම්භය මඳක් අපැහැදිලි කළේය. අතීතය සිහිපත් කරමින් හේ යැන් මොහොතකට සිතුවිල්ලේ නිමග්න වූවාය. ඇගේ පුරුෂ වෙස් වළා ගැනීම ඉවත් කළ පළමු වතාව ඈ සිහියට නගා ගත්තාය. මේ මොහොතේ වාගේම, ඇය කැඩපතක් ඉදිරිපිට හිඳගෙන සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු දෙස බලනවාක් වැනි හැඟීමක් දැනෙමින් ඇගේම ප්‍රතිබිම්භය දෙස බලා සිටියාය.
හේ වැන් රූ රැගෙන ආ මිනිසුන් විසින් තමාව ෂූ පවුලේ දිය පොකුණේ ගිල් වූ බව ඇය දැන සිටි නමුත් පසුව දෑස් විවර කරන විට, ඇය හේ යැන් බවට පත්ව තිබුණි. නමුත් ඒ සත්‍ය ජෙනරාල් ෆෙයි හොන්ග් හෝ හේ රූ ෆෙයි ගේ කුඩා සහෝදරිය වූ හේ යැන් හෝ, ෂූ ජී හෙන්ග් ගේ භාර්යාව වූ හේ යැන් නොව. මෙම හේ යැන්, අබලන් වූ පැලක අයිතිකරුවෙකුගේ දියණිය වූවාය. මෙම සිරුරේ මුල් අයිතිකරුගේ පියාණන්, හේ සුයි, රාජකාරියෙන් තොර නව වන ශ්‍රේණියේ නගර ද්වාර නිලධාරියෙකු වූවේය.
YOU ARE READING
Rebirth of a Star General - සිංහල පරිවර්තනය
Actionපුරාණ කියමන මෙසේය: බොහෝ ඇමතිවරුන් ගුආන් දොන්ග් වලින් පැවතගෙන එන අතර, බොහෝ ජෙනරාල්වරුන් ගුආන් ෂී වලින් පැමිණෙයි. හේ යැන් උපන්නේ තරු ජෙනරාල්වරයෙකු වීමට ය. ඈ ඇගේ පවුලට පයට පෑගෙන ගලක් තරම් වූ අතර, ඇගේ සහෝදරයාට ආදේශකයක් ලෙස යොදාගන්නා ලදී. මිලේඡ්ඡයින් නවත...