05 - දිලිඳුබව

3 1 0
                                    


තමා මේ තරම් දිගු සිහිනයක් දකින්නේ මන්දැයි හේ යුන් ශෙන්ග් කල්පනා කළේය.

ඔහුගේ සහෝදරිය, මෙම උදයේ ඔහු පසුපස කඳු මුදුනට පැමිණ, දර පලා ඉන්පසු අවසානයේ, ඇය පාතරාසයේදී කෑමට නොගත් සැහැල්ලු ආහාරපාන ඔහු හා බෙදාගත්තාය. මුලදී හේ යුන් ශෙන්ග් හට ප්‍රතික්ෂේප කිරීමට උවමනා වූ මුත්, මිහිරි සුගන්ධය ඒ වන විට ඔහුගේ නාසය තුළට ගොස් තිබුණි. හේ යැන් කා දෑමීමට හිස පහත් කරනු දැකීමෙන්, ඔහුද තම අත දමා ඇය ඔහුට පෑ කොටස ඩැහැගත්තේය.

හේ එක් කටක් කා දැමුවේය; ඔහුගේ රස අංකුර කිසිදිනක එවන් ප්‍රණීත රසයක් අත්විඳ නොතිබුණි. හේ යැන් කිසිදිනක ත්‍යාගශීලී අයෙකු නොවූවා මෙන්ම සෑම වටිනා දෙයක්ම ඇය හා තබාගෙන තිබුණාය.

"මගේ උදරය පිරිලා. ඔබට ඉතිරිය කෑ හැකියි." ඔහු එය කෑමට ආසා බව දැකීමෙන්, හේ යැන් ආහාරයේ ඉතුරු පස ඔහුගේ දෑතට දී කීවාය.

හේ යුන් ශෙන්ග් විශ්මයට පත් වූවේය.

හේ පවුලේ සිටියේ දරුවන් දෙදෙනෙක් පමණි. හේ සුයි තරුණ අවදියේදී ජින්ග් චෙන්ග් අග නගරයට බඩු භාණ්ඩ බෙදා හරින ආරක්ෂකයෙකු වූවේය. ඔහු මංකොල්ලකරුවන්ගේ කෲර දෑතට පත් වුණ විද්‍යාර්ථයෙකුගේ දියණියක ගලවාගෙන තිබුණි. ඕ විද්‍යාර්ථයාගේ එකම දියණිය වූ අතර හේ සුයි අනාථයෙකු වූවේය. සිය කෘතඥතාව පළ කිරීමට, විශාරදවරයා සිය දියණිගේ අත හේ සුයි වෙත පිරිනැමීය.

විද්‍යාර්ථයා සහ ඔහුගේ භාර්යාව වසංගත රෝගයක් හේතුවෙන් මිය ගියේය. හේ ෆූරෙන් (ප්‍රධාන බිරිඳ යන අරුත ගෙන ඒ) මානසික අවපීඩනයට ලක් වූ අතර ඒ තරම් කල් සිටියේ නැත. හේ යුන් ශෙන්ග් හට අවුරුදු තුනක් පමණ වද්දී, හේ සුයි සහ ඔහුගේ දරුවන් හැරයමින් ඕ ශෝකය නිසාවෙන් මිය ගියා ය.

හේ සුයි සහ ඔහුගේ භාර්‍යාව දැඩිව ආලයෙන් බැඳී සිටියහ. හේ යැන්, හේ ෆූරේන්ගේ කුඩා ස්වරූපය වූවාය. සමහරවිට එම නිසාවෙන්, හේ සුයි හේ යැන් හට වඩා ඇලුම් කලේය. හේ පවුල ධනවත් නොවූවත්, ඇය පැතූ සියල්ල ඉටු කිරීමට හේ සුයි හොඳින් උත්සාහ කළේය. කාලයත් සමග හේ යැන් වඩා මුරණ්ඩු සහ පුහු ආඩම්බරයෙන් පසු වූවාය; අඩුම තරමේ හේ යුන් ශෙන්ග් විශ්වාස කළේ එය ය.

Rebirth of a Star General - සිංහල පරිවර්තනයWhere stories live. Discover now