08 - ලේ ටොන්ග් සූදුපොළ

3 1 0
                                    


තමා සිටින්නේ නිවැරදි සිහියෙන්දැයි වන්ග් ජිවූ ගුයි කල්පනා කළේය. හේ තම කලවා විසල් ශක්තියක් යොදා කෙනිත්තූ අතර, 'අවුච්' හඬක් නංවමින් වේදනාවෙන් කෑගැසුවේය.

එය සිහිනයක් මෙන් නොපෙනුණි.

එහෙත් මෙය සිහිනයක් නොවේ නම්, කෙසේද ඔහු මේ සියල්ල පැහැදිලි කරන්නේ?

කෙටි වේලාවකින් ඔහු ගෙන ආ මිනිසුන් සියල්ලම පොළොවේ තැන් තැන් හි විසිරී වැටී සිටියහ. එහි ආරම්භකයා, තම ඇඳුම් හි තිබූ දුහුවිලි පිස දමමින් ගල් පඩිපෙළ වෙත ගමන් කළාය. වන්ග් ජිවූ ගුයි අදහාගත නොහැකි ලෙස ඇය දෙස බැලුවේය. හේ යැන් ඇගේ බබළන, පැහැදිලි දෑස ඔහු වෙත හැරවූයේ ඔහුගේ සිරුරේ මවිල් සිටුවමිනි.

ඔහු කෙදිනකවත් හේ යැන් මෙවැනි ඉතා උදාර සහ බලවත් අයුරින් හැසිරෙනවා දැක නොතිබුණි.

හේ යැන් කිසිදිනෙක මෙලෙස හැසිරුණේ නැත. ඇය සුන්දර, නපුරු, වඩා අහංකාර, සහ අසාධාරණ ක්‍රම මගින් අනෙකුන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීම පිළිබඳ උමතුව සිටියාය. ඈ වැනි ගැහැණු ළමයෙකු ජින්ග් චෙන්ග් අග නගරයේ සුලබ දර්ශනයකි. මෙවන් ගැහැණු ළමුන් සමාජයේ උසස් තත්වයන් පිළිබඳ ඇස ගසා ගෙන සිටි මුත් කිසිදෙනක එය අත්පත් කරගැනීමට හැකි නොවන්නේය. වාසනාවන්ත ගැහැණු ළමුන් හට ධනවත් ගෘහයන්හි උප භාර්‍යාවන් ලෙස ඇතුළත් වීමට හැකි වද්දී, අවාසනාවන්ත උන්ට හැකි වන්නේ සාමාන්‍ය වැසියෙකු හා විවාහ දිවියට එළඹ දුක්මුසු ජීවිතයක් ගත කිරීමට පමණකි. හේ සුයි ඔහුගේ දියණිය හදා වැඩුවේ වංශවත් ගෘහයක වූ පොහොසත් මෙනෙවියක මෙනි. හේ යැන් ඇගේ දිවියේ කිසිදිනෙක තියුණු සහ මුවහත් කළ දෑ ස්පර්ශ කර හෝ නොමැතිය යන කාරණාව වන්ග් ජිවූ ගුයි දැන සිටියේය. ඇය සංගීත භාණ්ඩ හෝ පින්තූර පාට කිරීම සිදු කර ඇති විය හැකි මුත්, ඇගේ සියුමැලි දෑතෙන් කිසි දිනක මිනිසුන් හට මෙලෙස පහර දී නොමැත.

එහෙත්, මේ දැන්, එම දෑත අත මිට මොළවා එක් පහරකින් ශක්තිමත් මිනිසෙකු පොළොවට සමතලා කරන අයුරු වන්ග් ජිවූ ගුයි අත්දැක්කේය. හේ යැන් ඔහුගේ මැණික් කටුව ග්‍රහණය කරගත් අවස්ථාවේ තමා වේදනාවෙන් මොර දුන් ආකාරය ඔහු සිහිපත් කළේය. ඇගේ ඇඟිලි පොරොවකටත් වඩා තියුණු විය.

Rebirth of a Star General - සිංහල පරිවර්තනයWhere stories live. Discover now