"මොකක්ද ඔබ කිව්වෙ?." :හේ යුන් ශෙන්ග් දෙබැම පටු කර, ඇසුවේය."මම කිව්වෙ, ඔබට මෙලෙසෙ ලී දඬු පලන්න බැහැ." හේ යැන් එලෙසම සිටගෙන උනන්දුවෙන් නැවතත් කීවාය.
හේ යුන්ශෙන්ග් නොඉවසිලිමත් වූවේය: "හේ යැන්, ඔබ අසනීපයෙන් සිටින්නේ, එම නිසා ගෙතුළට යන්න. මා සමග රණ්ඩු කරන්න එපා."
"ඔබ මෙලෙස දෙපළු කළොත්, මධ්‍යම රාත්‍රිය වන තෙක් එය අවසන් නොකරනු ඇති." හේ යැන් නොසෙල්වූවාය.
ඇය මෙලෙස මුරණ්ඩු වෙමින් ඔහුගේ කාර්යයට බාධා කරනු දැකීම හේ යුන් ශෙන්ග් යක්ෂාවේශ කරවීය. දර දෙපළු කිරීමට යොදාගත් පොරව ඔහුගේ දෑතින් ලිස්සා ගොස් හඬක් නගමින් නිල් පැහැ ගල් පොළොව මත වැටුණි. ඔහු පියවරක් ඉදිරියට ගෙන ගිගිරුවේය: "ඔබ අසනීපව, කමකට නැති විදිහට නොසිටියා නම් අපගේ පියාණන් දාසයා පිටත් කර යවන්නේ නැහැ. ඔබ සමහරවිට නොදන්නවා ඇති, පියාණන් දාසයාට ගෙවූ මුදලුයි ඔබේ ප්‍රතිකාර වලට යොදාගත්තේ. ඔබට පැහැදිලිවම තේරෙනවා මෙම කාර්‍යය මා මධ්‍යම රාත්‍රිය තෙක් අවසන් නොකරනු ඇති කියා, ඔබත් දර පැළීමට නොදන්නා නිසා මට අණ දීම නතර කරන්න! ඔහ්, ඔබ සිතනවා නම් ඔබට එය හොඳින් කළ හැකියි කියා, යන්න ඔබම එය කරන්න!"
හේ යැන් සිතින් කලබල වූවාය... එසේ නම් ඇයට වෛද්‍යවරයෙකු ගෙන ඒමට මුදල් උවමනා වූ නිසා මෙම ගෘහයේ සිටි දාසයා පිටත් කර ඇත. මෙම පිරිමි ළමයාට ඒ වෙනුවට දාසයෙකුගෙ රාජකාරී කිරීමට සිදුව තිබුණි. ඔහුගේ කුඩා මුහුණ කේන්තියෙන් රක්තව තිබෙනු දැකීමෙන්, ඔහු ඇය කෙරෙහි කාලයක සිට අමනාපයෙන් පසුව සිටින්නට ඇති බව හේ යැන් තේරුම් ගත්තාය. හේ හුස්මක් ගැනීමට හෝ තත්පරයක් වැය නොකර දොස් කීම කරගෙන ගියේය.
එහෙත්, දුක්පත් වීමේ යම් වාසි කිහිපයක්ද පැවතුණි. උදාහරණයකට, මෙම සහෝදරයින් දෙදෙනා අතරේ වූ අවලක්ෂණ තත්වය දැකීමට මැද මිදුලෙහි කිසිවෙකු නොවූවේය. එය හේ පවුල හෝ ෂූ පවුල වූවා නම්, සේවිකාවන් දර්ශනය දැක බලා ගැනීම සඳහා දැනටමත් එක් රැස්ව සිටින්නේය.
ඔහුගේ දීර්ඝ කතාව අවසානයේ, හේ යැන් පය පොළොවෙ ගසා ශාප කිරීම පටන් ගන්නා තෙක් හේ යුන් ශෙන්ග් බලා සිටි මුත්, මෙවර ඔහුව විශ්මයට පත් කරමින් හේ යැන් එලෙස කිරීමෙන් ඈ වළක්වාගත්තාය. ඒ වෙනුවට ඇය පොළොවට විසි කර තිබූ පොරව පහතට නැවී අහුලාගත්තාය.
YOU ARE READING
Rebirth of a Star General - සිංහල පරිවර්තනය
Actionපුරාණ කියමන මෙසේය: බොහෝ ඇමතිවරුන් ගුආන් දොන්ග් වලින් පැවතගෙන එන අතර, බොහෝ ජෙනරාල්වරුන් ගුආන් ෂී වලින් පැමිණෙයි. හේ යැන් උපන්නේ තරු ජෙනරාල්වරයෙකු වීමට ය. ඈ ඇගේ පවුලට පයට පෑගෙන ගලක් තරම් වූ අතර, ඇගේ සහෝදරයාට ආදේශකයක් ලෙස යොදාගන්නා ලදී. මිලේඡ්ඡයින් නවත...