10 - අන්ධ වීමේ ප්‍රතිලාභ

4 1 2
                                    

විශාල මුදල් ප්‍රමාණයක් මේසය මත තිබුණි. වැඩි වේලාවක් යන්නට මත්තෙන්, අයෙකු ඔහුගේ ජේඩ් මාල පෙත්ත එම ගොඩ මත තබන ලදී. නරඹන්නන්ගේ අවදානය සොරා ගත් තාරුණ්‍යයෙන් හෙබි කොලුවෙකු ලෙස හේ යැන් එහි කැපී පෙනුණ අතර, ඉක්මනින්ම එම ස්ථානය ප්‍රීති ඝෝෂාවෙන් යුත් මිනිසුන්ගෙන් පිරී ගියේය.

"විශාලයි."

"විවෘත කරන්න----"

"ගොන්ස', කරුණාකර තෝරන්න."

"කුඩායි."

"විවෘත කරන්න----"

"ආපසු."

"විවෘත කරන්න---"

"ආපසු."

"විවෘත කරන්න---"

"ආපසු."

"විවෘත කරන්න---"

කාසි සහ අභරණින් පිරි විසල් කන්දක් හේ යැන් ඉදිරිපිට ගොඩ ගසා තිබුණි. මිනිත්තු කිහිපයකට පෙර ඇයට සිනාසුණ උන් එක්ව මුව වසා ගත්තේ, ඇය සූදු කෙළියෙහි හුදෙක් ආධුනිකයෙකු නොවන වග දැන් දැන් ඔවුනට කිව හැකිවාක් මෙනි. ලේ ටොන්ග් හි සුප්‍රසිද්ධ කීර්තිය නිසා නොවන්නට, මෙය වංචාවක් යැයි මෙන්ම බාහිරින් පැමිණෙන්නන් පිනවීමට ගනුදෙනුකරුවා වංක වන බව සිතන්නට තිබුණි.

සූදුපොළට පිටතින්, රාත්‍රී වැඩ මුරයේ ශබ්දය ක්‍රම ක්‍රමයෙන් වියැකී ගියේය. "හිරු නැගෙන්නටත් ආසන්නයි, මට ආපසු යන්නට වේලාව ඇවිත්." හේ යැන් නැගී සිට කීවාය.

"ගොන්ස'," රැවුලකින් හෙබි මහළු මිනිසෙකු මඳ සිනහා පෑවේය, "තව එක් වරක් පමණක් ඔට්ටු තබන්න. කෙසේද එහි ක්‍රමය වෙනස් කළෝතින්?"

හේ යැන් ඇගේ දෙබැම ඔසවා ඔහු දෙස බැලුවාය: "කුමක්ද ඔබ අදහස් කරන්නේ?"

"අප තවදුරටත් දාදු කැටයේ විසල් හෝ කුඩා අගය මත ඔට්ටු තබන්නේ නැතිව හිඳිමු. ඔබ විශේශඥයෙකු හැඩයි, එම නිසා දාදු කැටයේ අගය අනුමාන කිරීම ඔබට ලෙහෙසියි නොවෙද?" ඔහු මේසය මත වූ අභරණ සහ මුදල් කන්ද මේසයේ මධ්‍යය වෙත තල්ලු කළේය, "ඔබ දිනුවහොත් මේ සියල්ල ඔබෙයි."

හේ යැන් මේසය මත වූ මුදල් දෙසට බැල්ම යොමු කළාය.

තමා මෙම ගවේෂණයෙන් බොහෝ දේ ලබාගත්තා මෙන්ම බොහෝ පුද්ගලයන්ගේ අවදානයද ලබා ගත් බව ඇය දැන සිටියාය. අග නගරයේ වූ සූදුපොළවල් නොයෙකුත් නීති විරෝධී ගනුදෙනු හා එක්කාසු වන වග හේ යැන් හමුදාවේ සිටියදී අසා තිබුණාය. මෙය ඇයට ඔට්ටු තැබීම නැවැත්වීමේ වේලාව වග ඇය දැන සිටියත්, කිසියම් හේතුවකට හේ යුන් ශෙන්ග් උද්‍යෝගයෙන් පාසැල් යාම පිළිබඳ කතා කිරීමේ මතකය ඇගේ මනසේ සැරිසැරුවේය. ඕ තමා ඇද සිටි කබාය දෙස බැලුවාය---එය හේ යුන් ශෙන්ග් ගේ සන්තකයේ තිබූ එකම කබාය වූවා මෙන්ම, එය බොහෝ වාරයක් ඇඳ ඇත.

Rebirth of a Star General - සිංහල පරිවර්තනයWhere stories live. Discover now