සූදු නිවසට ඇතුළුවන ද්වාරය අසලදී පුෂ්පයෙන් සැදි කොණ්ඩා කටුවක් පැළැඳ සිටි තරුණියක් හේ යැන් නවතා මිහිරි ලෙස හඬ අවදි කළාය: "ගොන්ස', මෙය සූදු නිවසක්."
"මම දන්නවා." හේ යැන් හිස සලා, ඇගේ ලෝගු අතෙන් බිදුණු රිදී කැබැල්ලක් ගෙන තරුණියගේ මුහුණ ඉදිරිපිට සෙලවූවාය, "මා පැමිණියේ සූදුවටයි."
තරුණිය අකමැත්ත පෙන්වූවත් ඇයට පිළිතුරක් ලබා දීමට හැකි වීමට හෝ පෙර හේ යැන් ඇතුළතට ගමන් කළාය.
සූදුපොළ පිටත, 'සූදු වෛශ්‍යාවන්' ලෙසින් නම් දරන තරුණියන් මිනිසුන් හට මඟ පෙන්වීමට සිටගෙන සිටියහ. ලේ ටොන්ග් සූදු නිවසට පැමිණි අයවලුන් බොහෝ විට ධනවත් වූ අතර මෙම තරුණියන් හට මිනිසුන්ගේ අතෙහි වූ රිදී කාසියේ වටිනාකමෙන් ඔවුන්ගේ තරාතිරම හඳුනාගත හැකි විය. පහත් ලෙස පෙනුණ උන් හට පිටතට යන ලෙස ඉල්ලීම් කරන ලදී. පළමුව, දුක්පත් මිනිසුන් සූදුවෙහි නිරත වීම නෙතට ප්‍රිය දර්ශනයක් නොවූ අතර විසිතුරු මැහුමෙන් කළ බුමුතුරුණු අපවිත්‍ර කරන්නේය. දෙවනුව, ඔවුන් තම රිදී පිළිබඳ බොහෝ වද වූයේ මුරණ්ඩු ලෙස දිනීමේ අභිප්‍රායයෙනි. ඔවුන් පරාජයට පත් වූ විට, විලාප දීම සහ මොරදීම සිදු කරමින් ඔවුන්ගේ ණය පියවීම ප්‍රතික්ෂේප කරන්නේ ධනවත් පුද්ගලයින්ගේ සූදු කෙළීමට ඇති ප්‍රියතාවය වළක්වමිනි.
ඇය හැඳ සිටි ඇඳුම් පැළඳුම් සැලකූ විට හේ යැන් පැහැදිලිවම ධනවත් පවුලකින් පැමිණෙන්නෙකු ලෙස නොපෙනුණි. කෙසේවූවද, ඇතුළු වීමේ එල්බගෙනම සිටියෙන් සූදු වෛශ්‍යාවන් හට කිරීමට දෙයක් නොමැති විය.
ඇතුළතින් මහත් ශබ්දය සහ කෑකෝ ගැසීම නික්මුණු අතර සෑම කෙනෙකුගේම මුහුණු රත් පැහැ විය. දිනූ පුද්ගලයන් තෘප්තිමත් වද්දී, පරාජයට පත් වූවන් අකමැත්තෙන් මුදල් කඳු විසි කරමින් "නැවතත්!" යනුවෙන් කෑගසයි.
එසේ නම් සූදුපොළවල් සහ ගණිකා මඩම් මුදල් නාස්තියේ සංස්ථාපනයන් බව මිනිසුන් පැවසූ විට එය මුසාවක් නොවේ. හේ යැන් ඔබ මොබ සැරිසරද්දී සිතුවාය.
පෙරදී, වන්ග් ජිවූ ගුයි හට පාඩමක් ඉගැන්වූ පසු ඇය විමසා ඇත්තේ ජින්ග් චෙන්ග් හි විශාලතම සූදුපොළ කුමක්ද යන්නයි. වන්ග් ජිවූ ගුයි වැනි වීදි මැරයෙක් ස්වභාවයෙන්ම හොඳින් දැනුම් තේරුම් ඇත්තෙකි. බලාපොරොත්තු වූ ලෙසටම, වන්ග් ජිවූ ගුයි පිළිතුරු දුන්නේය: ලේ ටොන්ග් සූදු නිවහන.
YOU ARE READING
Rebirth of a Star General - සිංහල පරිවර්තනය
Actionපුරාණ කියමන මෙසේය: බොහෝ ඇමතිවරුන් ගුආන් දොන්ග් වලින් පැවතගෙන එන අතර, බොහෝ ජෙනරාල්වරුන් ගුආන් ෂී වලින් පැමිණෙයි. හේ යැන් උපන්නේ තරු ජෙනරාල්වරයෙකු වීමට ය. ඈ ඇගේ පවුලට පයට පෑගෙන ගලක් තරම් වූ අතර, ඇගේ සහෝදරයාට ආදේශකයක් ලෙස යොදාගන්නා ලදී. මිලේඡ්ඡයින් නවත...