"ඇයි ඔබ අද බොහෝ වෙලා ගොස් අවදි වුණේ? පසුව අපට හොඳ තැනක් සොයාගන්න වෙන එකක් නැහැ." ඒ දවසේ, ඔවුන් රාජකාරි සඳහා පිටත් වීමට පෙර, හේ යුන් ශෙන්ග් ඇසුවේය.
"මට කරන්නට දේ තිබුණා." හේ යැන් පිළිතුරු දුන්නාය. "හොඳ ස්ථානයක් ලැබුණේ නැති වුණාට කමක් නැහැ, අපේ කේක් ඇති තරම් හොඳයි."
හේ යුන් ශෙන්ග් වදනකදු නොදොඬා සිටියේය.
ඔහුට අනුව, හේ යැන්ට කතා කිරීම කපු ගුලියකට පහර ගසනවාක් මෙනි, අවශ්‍ය වුවත් ඔබට කෝපය පිට කිරීමට නොහැකිය. හේ යැන් අමනාපයට පත් කිරීම අපහසු වූ අතර නොසැලකිලිමත් ආකල්ප තිබුණි. ඇය සුභවාදී වනවාද නැතිනම් බොළඳ වෙනවා දැයි හේ යුන් ශෙන්ග් හට කිව නොහැකි විය. හේ යැන් කිසිවක් නිසා පීඩාවට පත්ව සිටිනවා ඔහු දැක බොහෝ කාලයක් ගතව තිබුණි.
මඩුව සාදා තිබුණේ වෙළෙඳුන් නොයෙකුත් ව්‍යාපාර කළ නගරයේ බටහිර කොටසට වන්නටය. එය පිහිටා තිබුණේ ජින්ග් චෙන්ග් හි විශාලතම අවන්හළ වූ, සුයි යූ අවන්හල ඉදිරිපිට ය. එහි සැලකිය යුතු මිනිසුන් ප්‍රමාණයක් මෙන්ම ලාභ ලබන වෙළෙඳුන්ද සිටියහ. කෙසේවුවද, මඩුව ඒ තරම් විශාල නොවුණි, එම නිසා, පසු කර යන්නන්ගේ අවදානය ලබාගත හැකි හොඳ ස්ථානයක් ලබා ගැනීමට ඔවුනට කලියෙන්ම යන්නට සිදු වුණි.
හේ යුන් ශෙන්ග් ලී භාජනයෙන් දා නයි කේක් පිටතට ගත්තේය.
දා නයි කේක් ප්‍රසිද්ධ අතුරුපසයකි. පිට සම ඉවත් කළ නැවුම් මිදි සහ ඇට මෙම කේක් සෑදීමට භාවිතා කරයි. මෙම සුදු පැහැ මිදි පළමුව පුළුස්සන අතර වැල්මී කැඳ හා මඳක් කලවම් කරයි. ඉන්පසු, පැණි, වෝල්නට්, ඔලිව්, පයින් ඇට සහ වට්ටක්කා ඇට මගින් පුරවයි. අවසන, අමුද්‍රව්‍යයන් හුමාලයේ තම්බයි. මෙම කේක් සාමාන්‍යයෙන් පැණි රසැති මුත් මඳ ඇඹුලක් සහිත ය. මේවා මිල අධික නොවූවා මෙන්ම පොදු ජනයා අතර ප්‍රිය විය. දා නයි කේක් විකිණීමෙන් හේ යුන් ශෙන්ග් හට හේ පවුලේ ආදායමට දායක වීමට හැකි වූවේය.
ගිම්හාන හිරු බබළමින් කාලගුණය යහපත් වන විට, මිනිසුන් විටින් විට කේක් එකක් දෙකක් මිලදී ගැනීමට නතර වෙයි. හිරු බසින විට, ඔවුනට කේක් විකිණීම අවසන් කිරීමට පුළුවන.
YOU ARE READING
Rebirth of a Star General - සිංහල පරිවර්තනය
Acciónපුරාණ කියමන මෙසේය: බොහෝ ඇමතිවරුන් ගුආන් දොන්ග් වලින් පැවතගෙන එන අතර, බොහෝ ජෙනරාල්වරුන් ගුආන් ෂී වලින් පැමිණෙයි. හේ යැන් උපන්නේ තරු ජෙනරාල්වරයෙකු වීමට ය. ඈ ඇගේ පවුලට පයට පෑගෙන ගලක් තරම් වූ අතර, ඇගේ සහෝදරයාට ආදේශකයක් ලෙස යොදාගන්නා ලදී. මිලේඡ්ඡයින් නවත...