ලාවට අඳුර වැටිලා තියෙන, පිනි බිංදු බේරෙන ගස් කොළන් වලින් වහගෙන තියෙන පාර, පාර දෙපැත්තේ තියෙන මල් ගස් තනිකරම සුදු පාටින් වැහිලා තියෙද්දි මම හිටියේ ජීවිතේ මම විඳින්න ආසාවෙන් හිටිය හැඟීමක් විඳින ගමන්..
අපි සෙට් එකම මේ ආපහු කොළඹ යන ගමන්.. අවුරුදු නිවාඩුව ඉවර වෙන්න හරියටම දවස් දෙකක් තියලා සිකුරාදා උදේ පාන්දරම අපි කට්ටිය කොළඹ එන්න පිටත් උනා.. විශ්වාස කරන්න මගෙ ජීවිතේ මම සමරපු ලස්සනම අලුත් අවුරුද්ද තමයි මේක.. මීණුගෙ පවුලෙ අය, මගෙ පවුලෙ අය එක්ක සතුටින්ම ගෙව්වෙ මේ සති දෙක.. කොල්ලට නොකියා තිසුක අයියගෙන් අහගෙන ගමේ ගියපු වෙලේ මාව දැක්කම කොල්ලගෙ මූණ.. පළවෙනි පාරට එයාගෙ අම්මා අප්පච්චිත් එක්ක කතා කරපු වෙලාව.. ඒවා මට අලුත් දේවල්..
මෙච්චර වෙලාම හිමින් හිමින් ගෑටුව බස් එකේ ඉස්සරහා ලොකු වීදුරුවෙන් මහ පාරට වැටෙන තැන පෙනෙද්දි මගෙ පපුවට තුරුලු වෙලා හිටිය මගෙ සුදු බෝලෙව මම ඇහැරෙව්වා.. කම්මැලි කොල්ලා බස් එකට නැගලා විනාඩි දහයක් යන්නත් කලින් නිදි..
" මැණිකේ... නැගිටින්න ඉස්සරහින් අපි බහින්න ඕනේ.. කෝ මූණ උස්සන්නකො.. "
" ම්හ්හ්.. නිදිමතයිනෙ ඒයි.. "
" අනික් බස් එකට නැග්ගම අපි ආයෙ නිදාගමු හොදේ.. දැන් බහින්න නැගිටින්නකො.. "
" හුම්ම්.. "
ඇඟ මෑලි කඩ කඩ කොල්ලා නැගිට්ටම මම එයාගෙයි මගෙයි බෑග් දෙකත් අරගෙන බස් එක ස්ටෑන්ඩ් එකෙන් නැවැත්තුවහම බස් එකෙන් බැස්සා.. බැහැලා ප්රධාන බස් නැවතුම්පොළට ගිහින් එතනින් මහනුවර - කොළඹ බස් එකකට නැග්ගා.. යන්තමින් තවම උදේ පහ උනා විතරයි.. ඊයෙත් මහ රැයක් වෙනකම් නිදි නැති නිසා වෙන්න ඇති මේකට මෙච්චර නිදිමත.. බස් එකට නැග්ග වෙලේ ඉදන් මගෙ අතත් බදාගෙන දැන් ආයෙම නිදි.. ඊයේ අම්මත් එක්ක එකතු වෙලා කොළඹ ගෙනියන්න මොන මොනාදෝ කෑම වගයක් හැදුවා.. හූණු පැටියෙක් වගේ ඇලිලා නිදාගෙන ඉන්න මගෙ පොඩි එකාගෙ ඔලුවෙන් හාදුවක් තිබ්බ මම ශීට් එකට ඔලුව බර කරගත්තෙ බර කල්පනාවකට වැටෙන ගමන්..
සති තුනකට විතර කලින් ස්කෝලේ නිවාඩු දුන්න දවසට පස්සෙ දවසෙ උදේම ඇවිල්ලා තිසුක අයියයි මීණුයි එදාම ගමේ යනවා කියලා කියද්දි මට කරගන්න දෙයක් හිතාගන්න බැරි උනා.. මනුස්සයෙකුට හිතෙන්න පුළුවන් මේ පොඩි කාලයක් ලව් කරලා මුන්ට සතියක් දෙකක නොදැක ඉන්න බෑයි කියලා.. ඉතින් ඇත්තටම මට මේකව නොදැක ඉන්න බෑ.. ආදරෙයි කියලා පොඩි කාලයක් වෙන්න ඇති ඒත් මම මේකට ආදරේ කරන්නෙ අද ඊයෙක නෙවෙයි.. කොහොමත් මම තිසුක අයියට කියලා තිබ්බෙ එයාලා යන දවසට පස්සෙ දවසෙ මමත් එනවයි කියලා.. ඒත් ඉතින් එහෙමවත් මට ඉන්න බැරි උනා.. පොඩි එකා උදේ මං ළඟට ඇවිල්ලා අයියේ මම යනවා කියලා කියද්දි මම ගණන් නොගෙන හිටියට ඒ දෙන්නා පිටත් උණ සැනින් මම පොඩීට සීන් එක කියලා ඇඳුම් ලෑස්ති කරගන්න කිව්වා.. ඒ ගමන්ම එයා දිලුම්ටත් කියන්නම් කිව්ව නිසා මම කේශ් ට කෝල් එකක් දීලා ඌටත් ලෑස්ති වෙන්න කිව්වා.. ඔක්කොම ලෑස්ති කරගෙන අම්මගෙන් අවසර අරගෙන අන්තිමට තාත්තගෙනුත් ප'මිශන් ගත්තා.. පොඩ්ඩක් කුනු කුණු ගෑවත් ඕවා ගණන් ගත්තෙ නෑ.. ස්ටෑන්ඩ් එකට ගිහින් 7ට තියෙන පිළියන්දල - මහනුවර බස් එකේ නැග්ගා.. දහයට එකොළහට විතර තිසුක අයියට කෝල් එකක් දාලා විස්තර අහගෙන ලොකේශන් එකත් දම්මගත්තා.. නුවර ස්ටෑන්ඩ් එකෙන් බැහැලා අයියට කෝල් එකක් දෙන්න කිව්වනේ එයා එන්නම් කිව්වා අපිව ගන්න.. කොහොමත් තව පැය තුන හතරක්වත් යාවි නුවරට යන්න.. අවුරුදු කටේ නිසා පාරවල් වල හරියට ට්රැෆික්..
YOU ARE READING
දේදුනු හාදු [TK] On Going
Non-Fictionඔය නෙතු හමුවන තුරු පාරදිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. නුඹ ළඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. Content * BL * Boy × Boy * Sinhala * Love * Possessive * 18+ * School Romance ...