අපි දැන් මේ ඉන්නෙ ලොකූ ගහක් යට ඉඳගෙන වෙහෙස මහන්සිය නිවාගන්න ගමන්.. උදේ 9ට විතර ආව ගමන දැන් වෙලාව නම් දවල් 1ට විතර ඇති.. මොකෝ ගමේ ඇවිදින්න ඔරලෝසු බැඳගෙන එනවා කියලැයි.. අපේ ගමනාන්තය නම් ගමේ තියෙන පන්සල.. හැබැයි ඒක හුඟාක් කැලේට වෙන්න තියෙන එකක්.. මං ගමේ ඉන්න කාලේ නම් ඔතනට යන්නෙ බොහොම අමාරුවෙන් මොකද අම්මා කියන්නෙම තෝ කොයි වෙලේ හරි සර්පයෙක් දශ්ට කරගන තමයි පස්ස බලන්නෙ කියලා..
අඤේ එහෙම උන්නෑ ඉතින් මං බොදු දරුවනෙ.. සර්පයෙක්ට උනත් මං වගේ දරුවෙක්ට දශ්ට කරන්න හිතෙන්නෙ නැතුව ඇති කියලා අපි හිතමු.. ඒ කොහොම වෙතත් දැන්නම් මං ඉන්නෙ පට්ටම බඩගින්නේ.. ඇයි වදේ උදේට කාලා ආව ඉදිආප්ප පහ විතරයි බඩට.. මොකෝ අපි බත් මුල් බැදගෙන ආවා කියලද දවල්ට කන්න නෑනේ.. ඒත් අනේ මේ තිරිසන්නු වගේ මිනිස්සු ටිකට ගානක්වත් නෑනේ.. ඔහේ කියවනවා ඔහේ කියවනවා.. මං අහන්නෙ ඔච්චර කියවන්න තියෙන්නෙ මොනාද..
" අනේ ඒයි මට බඩගිනිනේ.. දැන් 2ටත් ලග ඇති අයියේ.. "
" කට.. කට වහගෙන හිටපිය මං කිව්වෙ නැද්ද ආ උදේ කද්දි වැඩිපුර කන්න කියලා.. 5ක් කාලා උබේ කොහෙට යන්නද.. බඩගිනි නම් කටවහන් හිටපිය.. උබේ මුරණ්ඩු කම වැඩී.. "
" ම්හ්ක් අනේහ්හ් උදේ පාන්දර කන්න බැරි නිසානේ කෑවේ නැත්තේ.. සැර කරන්න එපානේ ඒයි.. "
" ඔව් ඔව් උබට අනේ මැණිකේ මගෙන් මුකුත් නාහා ඉදපන්.. "
" පලයන් යන්න ඕන්නෑ ඔහේව මට.. මං යනවා ගෙදර.. ම්හ්ක් "
" ඔතනින් හෙල්ලෙන්නෙ නැ හරී.. කකුල් දෙක කඩනවා උබේ.. "
" කතා කරන්න එපා මා එක්ක.. "
එයාගෙ එහා පැත්තෙ හිටිය මම ඒ අත බදාගෙන කොනිති ගගහා බඩගිනී කිව්වත් අන්තිමට උනේ එයා පරල උන එක.. ඇත්ත ඉතින් මට කිව්වා උදේ වැඩියෙන් කන්න දවල්ට කන්න පරක්කු වෙයි කියලා.. ඒත් උදේට මං කන්නෙ පොඩ්ඩයි නිසා මං කිව්වා මේ ටික කෑවහම ඇතී කියලා.. ඒකට බයින්න ඕනේද මං අහන්නේ.. ම්හ්ක් මිනිහා ඉස්සරහා උනත් ඔහොම පච වෙන්න පුලුවන්ද.. අන්තිමට එයාගෙ අතත් ගසලා දාලා මං නැගිටින්න හැදුවා උනත් නැගිට්ටොත් කකුල් කඩනවා කිව්ව ආදි අයියට ඕන බම්බුවක් ගහගන්න කියලා මං එයාගෙ අත ආයෙම අයින් කරලා ගස්සගෙන එන්න ආවේ ගෙදරට..
YOU ARE READING
දේදුනු හාදු [TK] On Going
No Ficciónඔය නෙතු හමුවන තුරු පාරදිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. නුඹ ළඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. Content * BL * Boy × Boy * Sinhala * Love * Possessive * 18+ * School Romance ...