වසර පහකට පෙර (2019)
කතෲගෙ මානයෙන්කලු පාට වාහනයක් මහනුවර නගරය පහු කරගෙන කොළඹ දෙසට ධාවනය වෙන්නෙ ඒ වාහනේ ඇතුළෙ හිටිය පුංචි තරුණ පිරිමි ළමයගෙ ඇස් දෙකම ඝණකම් කඳුලු පටලෙකින් ආවරණය කරලා.. තමන්ගෙ තාත්තගෙ වචනෙ අහක දාන්න බැරි කමට එයාගෙ අම්මා, මල්ලි, විශේශයෙන්ම එයාගෙ සුදු බෝලෙවත් අතෑරලා කිලෝමීටර් ගාණක් දුරට යන්නෙම එයා තාමත් හැඟීම් අඳුරනොගත්තු එයාගෙම පුංචි හුරතලේ වෙනුවෙන් වෙද්දි තමන්ගෙ පුතාගෙ කඳුළු ඉස්සරහා ඒ තාත්තා උනත් අසරණ වෙලා හිටියා..
" මට සමාවෙන්න ලොකූ.. තාත්තට වෙන කරන්න දෙයක් නෑ පුතේ.. මමත් අසරණයි.. තමන්ගෙ ලමයින්ට කරදරයක් කරනවයි කියලා තර්ජනෙ කරද්දි ඕනම අම්මෙක් තාත්තෙක් බය වෙනවා
පුතේ.. "" ම්..මට.. තේරෙ..නවා.. තාත්..තේ.. මම.. කොහොම..හරි.. අල්ල..ගෙන.. ඉන්නම්.. ඒත්.. මට.. සුදු.. බෝලෙව.. මතක් වෙනවා..තාත්තේ.. "
" ටික කාලයක් ඉවසන්න ලොකූ.. ඉක්මනට අපි එයාවත් මෙහෙට අරගෙන එමු.. "
ආදිත්‍ය එදා උදේ තමන්ගෙ ජීවිතේ වටිනම දේවල් අතෑරලා දාලා තාත්තත් එක්ක අලුත්ම ජීවිතේකට කොළඹ පොළවට පය ගැහුවා.. කොළඹට ඇවිල්ලා සතියක් යනකම් ආදිත්‍යට ස්කෝලෙ යන්න උනේ නෑ.. එයාගේ තාත්තට අධ්‍යාපන අමාත්‍යාංශෙටයි පත්වීම ලැබුණ ස්කෝලෙටයි සැරින් සැරේ එක එක වැඩ වලට යන්න උන නිසා ආදිත්‍ය එයාලගෙ අලුත් ගෙදරට වෙලා පාඩම් වැඩ කරගෙන හිටියා.. ආදිත්‍ය කොළඹ ආවදාට පහුවදාම එයාගෙ සුදු බෝලෙට කෝල් කරා.. ඒත් ඒ වෙද්දිත් මිහිනු හිටියේ එච්චර හොඳ සෞඛ්‍ය තත්වෙක නෙවෙයි.. ඉතින් ආදිත්‍යට උනේ සිහියත් අසිහියත් අතර ඉන්න මිහිනු එක්ක ඔහේ කතා කර කර හිමින් හිමින් හිත හදන්න..
ඔය විදිහට ආදිත්‍ය මිහිනු එක්ක එක දිගට දවස් තුනක් කතා කරන්න ඇති.. ඒත් ඒ හැමදේම නැවතුනෙ හතරවෙනි දවසෙ කෝල් එක ගනිද්දි ඒ ෆෝන් එක වැඩ කරපු නැති නිසා.. ආදිත්‍ය මිහිනුගෙ ගෙදර ෆෝන් එකට, චන්දුගෙ ෆෝන් එකට, එයාගෙ අම්මගෙ ෆෝන් එකට, කේශ් ලගෙ ගෙදරට කෝල් ගන්න පුලුවන් හැම තැනටම ගත්තත් එයාලගෙ උත්තරෙ උනෙත් මිහිනුලා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියන එක වෙද්දි ජීවිතේ පලවෙනි වතාවට ආදිත්‍ය මානසිකව වැටුනා..
YOU ARE READING
දේදුනු හාදු [TK] On Going
Non-Fictionඔය නෙතු හමුවන තුරු පාරදිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. නුඹ ළඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. Content * BL * Boy × Boy * Sinhala * Love * Possessive * 18+ * School Romance ...