Part 14🌸

445 46 15
                                    

මගේ නහය මිරිකලා හියුංගි වොශ් දාගන්න ගිය නිසා කෑම ටික මේසෙට තියලා ගියේ සේයුට කන්න කතා කරන්න. සූ බබාව හම්බෙලා ගෙදර ගෙනාපු ගමන් සූබින්ට රට යන්න වුනේ ටේටත් කරන්න දෙයක් නැති නිසා සූබින්ව යවන්න වුනා.

" සේයූ මොකද කරන්නෙ කෙල්ල නිදි නේද , එන්න කන්න යන්න සූබින් කෝල් කරාද , "

" දැන් දවස් දෙකකින් එයා කෝල් කලේ නෑ කුක් මට බයත් හිතෙනවා "

සේයු බය වෙලා කියන්න එයා ෆෝන් එක තදකරන් අල්ලන් ඉන්න විදියෙන් කියන්න පුලුවන් ඒත් ටේගෙන්වත් අහනවද

" අපි ටේගෙ ෆෝන් එකෙන් අරං බලමුද "

" ආන්සර් කරයි ද එයා කුක් "

" ටේ බොස් නිසා බලමු කෝ අරං ඉන්න මන් ෆෝන් එක අරං එන්නම් ඔයා එන්න කො කෑම කන්න කෙල්ල නැගිටීනේ දැන් "

ජන්කුක් එයාලගෙ රූම් එකට ගියේ ටේගෙන් ෆෝන් එක ඉල්ල ගන්න කුක් ටේගේ ෆෝන් එක අරං බලනවා වගෙ වැඩ කරලා නෑ කවදාවත් ඉතින් එයා ටේව හොයන් එද්දී ටේ බැල්කනි එකේ සිගරට් එකක් බිබී ඉන්නවා

" බැක් විව් එකත් ඇයී මෙච්චර ලස්සන"

එහෙම කියාගෙනම කුක් ටේව බැක් හග් කරද්දි වෙන ලෝකෙක හිටපු ටේ සිගරට් එක නිවලා දාලා කුක්ගේ පැත්ත හැරුනා.

" මොකද මේ දැන් ටිකකට කලින් මාව පන්නගෙන දැන් මට තුරුල් වෙලා ඉන්නෙ ම්ම්ම් මොනාද ඕන "

" ෆෝන් එක දෙන්න "

" ෆෝන් එක හදිසියේම මොකටද මගේ ෆෝන් එක"

" ඇයි දෙන්න බැරිද හොරවැඩ අහුවෙයි කියලා බයද ඉතින් "

" අපො අපො රණ්ඩු වෙන්න එපා දෙන්නම් මොකටද කියන්න කො ඇත්තටම "

" සූබින්ට කෝල් එකක් ගන්න පවු සේයු හොදටම බය වෙලා සූබින් ෆොන් එක ආන්සර් කරන්නෙ නැති නිසා "

" ඌට වැඩකට ගිහින්වත් පාඩුවේ ඉන්න දීපන් බන් ඌ ගියෙ සෙල්ලම් කරන්න නෙවෙයි නේ වැදගත් වැඩකට නැත්තම් ඉපදිච්ච් ගමන් ලමයව දාලා යන්න තරම් මොලේ අමාරුවක් ඌට නෑනේ තාත්තා කෙනෙක් වෙන සතුට කවදාවත් අම්මෙක්ට තේරෙන්නෙ නෑ "

You've reached the end of published parts.

⏰ Last updated: Sep 17, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •| Where stories live. Discover now