♡39♡

207 29 6
                                    

කලින් දවසේ රෑ තිබ්බ සීතලත් එක්ක ජන්ග්කුක් ටේගේ ටී එක අස්සේ උනුසුමට හොදට නිදා ගත්තා. ඒත් ජන්ග්කුක්ට වගේ ටේටත් හොදට නින්ද ගියාද? අසරන ටේටනම් හරියට නින්දක් තිබ්බේ නෑ.. ජන්ග්කුක් මහ රෑට හොදටම බයවෙලා අඩන්න ගන්නවා. ඒත් ටේටනම් මේක අමුතු දෙයක් නෙමේ. මේ ගෙවුනු සති දෙකක කාලයටම ටේ ජන්ග්කුක් රෑට හීනෙන් බය වෙනවා කියලා හොදින්ම දන්නවා. ඒවා හීනමත් නෙමේ. එයාට පුංචි කාලේ බෝගම් අතින් උන හිරිහැර තමයි රෑට හීනෙන් පේන්නේ.. ඒ කියන්නේ ජන්කුක්ගේ මතකය ටික ටික එනවද? නෑ.. රෑට එයාගේ මනසේ පරන සිදුවීම් ටික ටික පෙනුනට. උදේට ඇහැරෙන කොට ජන්ග්කුක්ට ඒ කිසි දෙයක් මතක නෑ.. ජන්ග්කුක්ට වඩා ටේහියුන් තමයි ජන්ග්කුක් විදවනවා දැකලා වේදනාවෙන් ඉන්නේ..

ටේහියුන් අදටත් පසු තැවෙනවා එදා ශින්ගේ කෝල් එක ආන්ස්වර් කරන්න ඕන නිසා ජන්ග්කුක්ව තනියම දාලා ගිය එක ගැන. කවුරු ටේහියුන්ගේ හිත හැදුවත් එයා අනික් අයට පේන්න හොදින් කියලා පෙන්නනවා විතරයි. ටේහියුන්ගේ දුක වේදනාව පසු තැවීම දන්නේ එයාම විතරයි..

ටේහියුන් වෙනදා වගේම උදේම ඇහැරිලා එයාගේ බේබීගේ ලස්සන මූන කන ගමන් තමයි දැන් ඉන්නේ.. මොනා නැතැත් ජන්ග්කුක් ඒන්ජල් කෙනෙක් වගේ ලස්සනයි.. ඉතින් ටේහියුන්ට ඒ ලස්සන මූණ දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙනම් නෑ ඉතින්. ඉතින් අදත් ඒ වගේම දවසක්. ටේහියුන්ගේ ටී එක අස්සේ රින්ගගෙන් පුංචි පුංචි කෙදිරිලි පිටකරමින් ජන්ග්කුක් සැපට ටේහියුන්ගේ පපුව උඩ නිදි. ජන්ග්කුක්ගේ සිනිදු කොන්ඩේ උඩින් ටේහියුන් එයාගේ අත එහාට මෙහාට යවමින් සැරින් සැරේ ජන්කුක්ගේ ඔලුව ඉබිනවා.


Taehyung Pov :

බේබී ඔයා තවත් කියුට් බෝලයක් වෙලා.. මට ඔයාව කන්න හිතෙනවා පැටියෝ.. මේ සිනිදු ලිප්ස් මට ආයෙමත් කිස් කරන්න හිතෙනවා. ඒත් ඔයා තාම මගේ පැටියානේ. ඔයාට ඒවා කලොත් මගෙයි බෝගම්ගේ අතරේ වෙනසක් නැති වෙයි. හ්ම්ම්ම්ම් ඉක්මනට සනීප වෙන්න මගේ පැටියෝ.. අපිට ඔයාව ඕන. හ්ම්ම්ම් දැන් නැගිට්ටනම් හරි වගේ. ජන්කුක්ගේ ඉන්ජෙක්ශන් දෙන්න ටයිම් එකනේ දැන්. වෙලාව කීයද දන්නේ නෑ.. ම්ම්ම් කෝ මගේ ෆෝන් එක.. ආ මේ තියෙන්නේ.. 8.30 යි. 9ටනේ දෙන්න ඕන. තව වෙලා තියෙනවා. හෙමීට ඇහැරවලා මූණ කට සෝදලා ඇගත් ටිකක් තවන්න ඕන. නාවන්න බෑනේ.. තාම තුවාලේ තෙමන්න හොද නෑනේ... දැන් ඉතින් මේ නිදි කුමාරයාව නැගිටව ගන්න තමා අමාරු... කෝමද ඇහැරවන්නේ...

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now