♡44♡

203 21 6
                                    

මාස දෙකකට පසු......🌼🍁

🐻: කුකී බබා... ඔහොම ඉන්න දුවන්න එපා.. ඔයාව වැටෙයි ළමයෝ.. හෙමින් යන්න..

🐰: අනේ ටේ හියුන් මට බෑ ඔය බේත් බොන්න.. ඒවා තිත්තයී... මගේ පස්සෙන් එන්න එපා.. බෙබීට ඔවා එපාලූ..

🐻: එහෙම බෑනේ ජන්ග්කුක් ඔයා මේවා බොන්නම ඕන මේ කාලෙට. මේව බේබීට ඕන කියලා ඩොක්ටර් කිව්වා..

🐰: එපා.. මට නම් බෑ ඕවා බොන්න.. මට එපා..

🐻: ජන්ග්කුක් මගේ තරහ අවුස්ස ගන්න එපා..  දුවන්නේ නැතුව ඉන්න. අමතක කරන්න එපා ඔයා දැන් තනි කෙනෙක් නෙමේ කියලා. ප්ලීස් දුවන එක නවත්තන්න ජන්ග්කුක්. මේ අන්තිම පාරට මං කියන්නේ.. හැබැයි මං ආයේ ගෙදර එන්නේ නෑ හරිද. ඔෆිස් එකේ ගිහින් නවතිනවා.

ජන්ග්කුක්ට ටේහියුන් ආයේ ගෙදර එන්නේ නෑ කියලා කියන එක ඇහුනා විතරයි ජන්කුක්ගේ කකුල් දෙක ඉබේම නතර වෙලා ටේහියුන්ගේ කීමට අවනත වුනා.. ඒ කියපු දේට ජන්කුක්ගේ ඇස් වලට හරි ඉක්මනට කදුලු උනන්න ගත උනේ තත්ත්පර කිහිපයයි.. නතර උන පාර උඩ තට්ටුවේ ඉදන් පඩිපෙළ දිගේ පහලට දුවන් එන ටේහියුන්ගේ පැත්තට ආයෙමත් දුවන් ගියපු ජන්ග්කුක් නතර උනේ ටේහියුන්ගේ පපුව අස්සේ... ටේහියුන්ට එකපාරටම ජන්ග්කුක්ට මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි උනා. දැන් ටිකකට කලින් ටේහියුන්ගේන් බේරෙන්න පැනලා දුවපු කෙනාම එකපාරටම ඇවිල්ලා එයාව බදාගත්තාම ටේහියුන්ට මුකුත් හිතාගන්න බැරි උනා..

හැබැයි ටේහියුන්ට එයාගේ ටී එක තෙමෙන්න ගත්තාම තේරුම් ගියා ජන්ග්කුක් අඩනවා කියලා. ඉතින් ටේහියුන්ගේ ඔලුවට එකපාරටම මතක් උනා මේ මාස තුන ඇතුලත ජන්කුක්ගේ නිතරම වෙනස් වෙන හැගීම් හරියට කාලගුනේ වගේ වෙනස් වෙනවා කියලා. ඉතින් ටේහියුන් දැන් උපරිම ට්‍රයි එක දිලා ජන්ග්කුක්ව නලවගන්න බැලුවා. ජන්ග්කුක් ටැප් එක ඇරියා වගේ නෙමේ නලවගන්න ගියාම ටේහියුන්ට හෙන ගේමක් දෙන්න වෙනවා කියලා මතක් උනාම ටේහියුන්ට තරු පෙනුනා.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now