🐻: ජීමින් ශින් මොකක්ද මෙතන කරන්නේ. එයාට මොකක්ද බෝගම්කාරායා එක්ක තියන ගනුදෙනුව. හැබැයි ඒකී මගේ කුකීට මොකක් හරී කරලා තිබ්බොත් ඕකිව මං යහතින් තියන්නේ නෑ.
🦔: ජිමින් හියුන් මම පොලිස් ටීම් එකක් ලෑස්ති කරලා තියෙන්නේ අපි ඉක්මනට බොගම්ගේ ප්ලේස් එකට ගියොත් කුකීව ඉක්මනට බේරගන්න පුලුවන් වෙයි. කරන්න ඕන හැමදේම මම යනගමන් කියන්නම්.
🐥: හරී යං ඉක්මනට. ටේ ඔයා තනියම එනවද මං eunwoo ගේ වාහනේ ෆලෝ කරන් යන්නම්. ඔයා මගේ පිටිපස්සෙන් එන්න.
🐻: හරී චිමී ඉක්මනට යමු.
කුකී මං එනවා. එතකම් බෝගම්කාරයාගෙන් පරිස්සම් වෙලා ඉන්න පැටියෝ.
කට්ටියම වාහන වලින් බෝගම්ගේ ප්ලේස් එකට ඉක්මනින් යන්න පිටත් වුණා. එයාලා යනගමන් කුකීව බේරගන්න විදිහ ගැන ප්ලෑන් එකක් කතා කරගත්තා. මේ වෙලාවේ එයලා කලින් සූදානමක් නැතුවයි මේක ප්ලෑන් කලේ. හැමෝගෙම හිත් වල බයක් තිබුනා. මොකද බොගම් කියන්නෙත් ලේසී පහසු කෙනෙක් නෙමෙයි. එයත් කුකීව කිඩ්නැප් කරන්න කිහිම වතාවක්ම උත්සාහ කරලා තිබ්බා. ඒත් කුකී තනියම ඉන්න වෙලාවක් එයාට හම්බුනේ නෑ. කුකී ටේහියුන් එක්ක අද එලියට යනවා කියලා එයා දැනගෙන හිටියේ. ටේ ජීමින් එක්ක ඔෆිස් එකේදි එයා කුකීට අද ප්රෆෝස් කරනවා කියලා කියන එක ටේහියුන්ගේ සෙක්රටී මිස් ශින් අහන් ඉන්නවා.
ඔව් බෝගම් එක්ක ඉන්න කෙල්ල වෙන කවුරුත් නෙමෙයි ඒ ශින්. ටේහියුන්ගේ සෙක්රටී. එයා ටේහියුන්ට ගොඩක් කාලයක ඉදලා ආදරේ කරලා තියනවා. ඒක හැබැයි ආදරයක්ම නෙමෙයි. ටේහියුන් කියන්නේ කොරියාවේ ඉන්න නම්බර් වන් කම්පැනී එකේ ඔව්නර්. ඉතින් එහෙම කෙනෙක්ගේ ගර්ල්ෆ්රෙන්ඩ් වෙන්න කවුද අකමැති. ටේහියුන්ගේ වයිෆ් නැති උනාම ශින් හිතුවා එයාට ටේහියුන්ගේ නැතිවුන වයිෆ්ගේ අඩුව පුරවන්න පුලුවන් කියලා. ඒත් ඒක හිතන තරම් ලේසි උනේ නෑ. ටේහියුන් එයාගේ හානී නැති උනාම හිටියේ හිතින් කඩන් වැටිලා. එයා අවුරුද්දක් යනකම් හැමෝත් එක්කම තිබ්බ සම්බන්ධකම් නැවැත්තලා එයාගේ දරුවත් එක්ක තනියම ජීවත් උනා. අඩුම එයා තමන්ගේ දෙමාපියන් එක්ක පවා හරියට කතා කලේ නෑ. ජීමින් තමයි ටේහියුන් කොච්චර මුරන්ඩු උනත් එයගේ ලගින් ඉදන් හැමදේම කරලා හොයලා බැලුවේ. ඇත්තම ජීමින් කියන්නේ ටේහියුන්ගේ හොදම යාලුවා විතරක්ම නෙමේ. එයාගෙම සහෝදරයෙක් වගේ. ඒ බැදීම ඇත්තටම පුදුමයි. ඒ බැදීම වචන වලින් කියලා නිම කරන්න බෑ.
![](https://img.wattpad.com/cover/336652092-288-k864905.jpg)
YOU ARE READING
Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜) || Onhold
Romanceතනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ...