1 month later.. (2013 October 01)
Eunwoo pov:
අදට කුක් ඇක්සිඩන්ට් වෙලා හරියටම මාසයක්. ජියෝන් අන්කලුයි ආන්ටීයි අපිව දාලා ගියේ අද වගේ දවසක. මේ මාසය ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. කුක් තාමත් එදා උන ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තාමත් හිටපු විදිහමයි. එයාට තාම සිහිය ආවේ නෑ. ඩොක්ට කියපු හැටියට එයාට සතියකින් පස්සේ සිහිය ආවේ නැති උනොත් එයා කෝම එකක ඉන්නේ කියලා කිව්වා. ඒත් එයාට කලින් සිහිය ආවේ නෑ. ඉතින් කුකීගේ නැන්දා එයාව සතියකට පස්සේ ඇමරිකාවට එක්කන් ගියා. එදායින් පස්සේ මම එයාව දැක්කේ නෑ. එයාගේ ව්ස්තර එයාගේ නැන්දා මගේ ඔම්මට කියනවා. එයා කියන දෙයක් ඇරෙන්න මම එයාව දැක්කේ නෑ. මට ඔයා නැතුව ගොඩක් පාලුයි කුක්. තාමත් මම පසු තැවෙනවා එදා මගේ මෝඩ ප්ලෑන් එක ගැන.😞 ඔම්මා ඒක මගේ වැරැද්දක් නෙමෙයි කිවුවත් මට තාමත් ඒක එහෙම දැනෙනේ නෑ. හ්ම්ම්ම්...
මගේ නංගිට ඩොක්ටර් කිවුව විදිහට දවස් තුනකට පස්සේ සිහිය ආවා. ඒත් එයා හොද සිහියෙන් නෙමෙයි ඉන්නේ. එයා ඇහරුන ගමන් කිවුවේ කුක්ගේ නම. එයාගේ කුකී ඔප්පා කෝ කෝ ගගා හැමතැනම හෙවුවා. එයාව ගොඩක් තදින් බදාගත්තලු. බයවෙන්න එපා එයා ඉන්නවා කිව්වලු. එයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ කිවුවලු. ඩොක්ටර් එහෙම දෙයක් වෙයි කියලා අපිට කලින්ම කියලයි තිබ්බේ.. ඉතින් එහෙම උනොත් අපි Aera ට කියන්න කතාවකුත් හිතාගෙනයි හිටියේ. එයාට ඇක්සිඩන්ට් එක ගැන කිසිම විදිහකින් දැනගන්න තියන්න එපා කියලා ඩොක්ටර් කියලයි තිබ්බේ. එයාගේ මනසට ඒක බලපාන්න පුලුවන් නිසා අපි ජන්ග්කුක් ගැන කිසි දෙයක් එයාට කිවුවේ නෑ. ජන්ග්කුක් ඇමරිකාවට ස්කෝලශිප් එකක් නිසා ඉගෙන ගන්න ගියා කියලා Aeraට අපි කිවුවා. ඒත් එයාට කියලවත් ගියේ නෑ කියලා Aera ගොඩක් දුක් උනා.
හ්ම්ම්ම් ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ.. ඉක්මනට සනීප වෙන්න කුකී. අපි ඔයා එනකම් බලන් ඉන්නවා.Eunwoo pov end.
දින, සති, මාස, අවුරුදු ගනන් ගෙවිලා ගියා. එත් උන දේවල් තාමත් තිබුන විදිහමයි. ජන්ග්කුක් ගැන විස්තර කියන එක lio නැන්දා (ජන්ග්කුක්ගේ නැන්දා -🦁 jeon jung lio) කාලයත් එක්ක අඩු කලා. එයාලා ජන්ග්කුක් ගැන බලාපොරොත්තු තියාගන්න එක අඩු කලා. ජන්ග්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති උනාම හැමෝම බලාපොරොත්තු අත හැරලයි හිටියේ. ජන්ග්කුක්ගේ අප්පට ගොඩක් ලොකු දේපලක් තිබ්බා. ඒකේ අයිති කාරයා දැන් ජන්ග්කුක්. එත් ජන්ග්කුක් තාමත් කෝම එකක ඉන්න නිසා ඒ හැමදේම ගැනම බලන්නේ ජන්ග්කුක්ගේ නැන්දා lio. එයාල බිස්නස් කරන අය එයාලට සල්ලී වලින් කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ. එයාල ජන්ග්කුක්ට ඇත්තම ගොඩක් ආදරය කලා. ජන්ග්කුක්ගේ අප්පා එයාගේ එකම මල්ලී. ඉතින් එයාට තමන්ගේ මල්ලී නැති අඩුව ගොඩක් තදින් දැනුනා. එයාට ඕන උනෙත් ඉක්මනට ජන්ග්කුක්ව සනීප කරන්නයි. මල්ලීගේ හැම දේපලක්ම ජන්ග්කුක්ට දෙන්න lio නැන්දා හිතාගෙන හිටියා. එයා ගොඩක් හොදට ජන්ග්කුක්ව බලාගත්තා..
YOU ARE READING
Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)
Romanceතනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ...