Jungkook Pov:
මගේ හියුන්.. ඔයා මාව හොයාගෙන ඇවිත්. ඔයාගේ ඇස් ඒවා ඉදිමිලා, රතු වෙලා. මං දිහා බලන්න එපා. මට ගොඩක් රිදෙනවා හියුන්. මට සමාවෙන්න ඔයා වෙනුවෙන් තියාගෙන හිටපු හැමදේම මං නැති කරගත්තා හියුන්. ඔයාගේ ඇස් වල කදුලු. ඔයාගේ කදුලු මං වෙනුවෙන් හලන්න එපා හියුන්. මං වගේ වැඩකට නැති කෙනෙක් වෙනුවෙන් කදුලු හලන්න එපා හියුන්. මම දැන් පිරිසිදු කෙනෙක් නෙමෙයි හියුන්. මාව මේ නරුමයා විනාශ කරලා දැම්මා හියුන්. මට ගොඩක් රිදෙනවා. මට මාවම අප්පිරියයි දැන්. ඔයා දැන් පරක්කු වැඩි හියුන්.
මට සමාවෙන්න මට සමාවෙන්න හියුන්. මම ඔයාට ගොඩක් ආදරෙයි හියුන්. මම උබට වෛර කරනවා බෝගම්.ජන්ග්කුක් ටේහියුන්ව අදුර ගත්තා. කාටවත්ම අදුර ගන්න බැරි උන ඒ ඇස් ජන්ග්කුක් අදුර ගත්තා. ඒ හීනී දිග චොකලට් පාට ඇස් වෙන කාගෙවත් නෙමෙයි. ඒවා ජන්ග්කුක් ගොඩක්ම ආදරය කරන ටේහියුන්ගේ. ඒ ඇස් අදුරගන්න ජන්ග්කුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ජන්කුක්ගේ ඇස් බොදවෙන්න ගියේ තත්පර ගානයි. ඒ කලු පාට බෝල ඇස් වල කදුලු. ටේහියුන්ගේ මූන බොදවෙලා පේන්න තරම් ඒ ඇස් වල කදුලු පිරිලා. ජන්කුක්ගේ ඇස් එන්න එන්නම බර වෙන්න ගත්තා. ජන්ග්කුක්ට විදපු ඩ්රග් එකත් එක්ක බෝගම්ගේ වදහිංසාත් එක්ක ජන්කුක්ගේ මුලු ඇගම රිදෙන්න ගත්තා. නැගිට ගන්නවත් බැරුව කතා කරගන්නවත් පණක් නැතුව ජන්ග්කුක් ඔහේ වැටිලා හිටියා. ජන්කුක්ගේ පුංචි ඇස් තෙහෙට්ටුවට පියවෙන්න ගත්තා.
කලින් කොච්චර අමාරුවෙන් හිටියත් ඒ ඇස් වල ටේහියුන් එයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තිබ්බා. ඉතින් දැන් ඒ ඇස් උවමනාවෙන් හොයපු ඇස් වල අයිතිකාරයා හම්බුනා. ජන්ග්කුක් දන්නවා ටේහියුන් එයාව මේ අපායෙන් කොහොමහරි බේරගෙන අරගෙන යනවා කියලා. ජන්කුක්ගේ ඇස් දැන් පියවෙන්න බය වෙන්නේ නෑ. ටේහියුන් එන්න පරක්කු උනත් එයා කොහොම හරි ජන්ග්කුක්ව හොයාගෙන ආවා.
ජන්ග්කුක්ට සිහිය නැතිවන විට ටේහියුන්ට ජන්ග්කුක් ඉන්න විදිහ දැකලා ඒ වගේම බෝගම් ජන්ග්කුක්ට කරන දේ දැකලා ගොඩක් කේන්ත් ගියා. ටේහියුන්ගේ ඇස් කේන්තියෙන් රතු වෙලා අතපය තරහෙන් වෙව්ලන්න ගත්තා.

YOU ARE READING
Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜) || Onhold
Romanceතනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ...