09

43 6 1
                                    

කෝපි බිව්වට පස්සෙ රෑ කෑම එකත් කාමරේටම එවලා තිබුණා. කොහොමත් ඉතින් අර ගෙස්ට්ලා ගොඩ අස්සේ ගිහින් කන්න බැහැ නෙ. දැන් හසරින්ද ගෙ ඔලුවෙ තිබ්බ කලබල ගතියත් හරි වගේ. සර් ගෙ මූඩ් එකත් දැන් හොඳයි නෙ.

ඒත් සයිට් විසිට් එකක් ආවට තවම අපි මුකුත් වැඩ කලේ නෑනෙ. දැන් කොහොමත් රෑ වෙලා නෙ. හෙට වෙන්න ඇති වැඩ පටන් ගන්නේ.

හසරින්ද කෑම කාලා ඉවර කලා. ඒත් ඒ වෙද්දි එයාට තවත් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙලයි තිබුණේ. මොකද දැන් නම් මාරම සීතලයි.

ඒසී එකත් ඕෆ් කරල, ජර්සියත් ඇඳල, හවස ගත්ත කලිසමත් ඇඳල ඩුවේ එකත් පොරවගෙන හිටියට හසරින්ද හිටියෙ වෙව්ල වෙව්ල. නිදාගන්න කියල ඇඳට ආවත් කට කට ගාලා වෙව්ලනවා.

"මේ ඇඳේ නම් හීටඩ් ඉලෙක්ට්‍රික් බ්ලැන්කට් එකක් තියෙනවා. සීතල වැඩි නම් එන්න."

සසංක සර් එහෙම කිව්වෙ හසරින්ද කට කට ගගා වෙව්ල වෙව්ල ඉන්නකොට. ඇත්තටම ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ කිව්වොත් හරි. මොකද හසරින්ද ට සීතල ඉවසගන්නම බැරි වෙලා තිබ්බේ.

ඒ පාර ඔන්න හසරින්ද සසංක ගේ ඇඳට ආවා. ඒ ආවත් ඉතින් මුළු ඇඟම ඔතාගෙන යන්තම් ඇස් දෙක විතරයි එළියේ.

සසංක බ්ලැන්කට් එක ප්ලග් කරලා ඔන් කලා. එයාට නම් එච්චර සීතල ගාණක් නැහැ.

හසරින්ද ට සීතල නිසා ගාණක් නැති වුණාට මේ වෙලාවෙ සසංක හිටියෙ පුදුම අමාරුවෙන්. හිත පාලනය කරගන්න හදන හැම වෙලාවෙම හසරින්ද ළඟටම එන්න මොනාහරි දෙයක් වෙනවනෙ. ඔතන හසරින්ද නොවී වෙන කෙනෙක් හිටියා නම් මේ වෙලාවේ සසංක හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. ඒත් හසරින්ද එක්ක එයාට එයාවම පාලනය කරගන්න ඕනෙ ගතියක් දැනුණා.

හසරින්ද හීටඩ් බ්ලැන්කට් එක ඇතුළට ආවට පස්සෙ නම් ටික වෙලාවකින් එයාව උණුසුම් වුණා. ඇඟට දැනුණ අපහසු ගතිය නැති වෙලා යද්දි ගමන් මහන්සියත් එක්කම එයාට නින්ද ගිහින් තිබුණා.

සීතලත් එක්ක සටනක හිටපු හසරින්ද ත්, තමන් එක්කම සටනක හිටපු සසංකත් නින්දට වැටුණා.

සිසි කිරණ BL Where stories live. Discover now