12

31 3 0
                                    

ඊළඟ දවසෙ ජනාධිපති නීතීඥ තිලක් විජේරත්න මහත්තයා ට උදේම ආවෙ එක කෝල් එකක්. හැබැයි ඒක එයාට ආවෙ නුපුරුදු කෙනෙක් නම් නෙවෙයි. රටේ නමගිය ලෝයර් කෙනෙක් වෙච්ච තිලක් විජේරත්න ට එයාගෙ රාජකාරී වලට අමතරව තිබ්බ තවත් එක රාජකාරියක් තමයි එයාගෙ අක්කගෙ පුතා වෙච්ච මන්ද්‍රික හැමදාම වලියකට ගිහින් දාගන්න ලෝක නඩු වලින් බේරන එක.

තමන්ගේ එකම අක්කට බෑ කියන්න බැරිකම වගේම තව හේතුවකුත් තිබුණා මේකට. මොනතරම් හිතුවක්කාර වැඩ කළත් තිලක් මාමා මන්ද්‍රික ට හරිම ආදරෙයි. කොහොමත් මාමලා නෙ අක්කලගෙ, නංගිලගෙ දරුවන්ට ගොඩක් ආදරෙයි කියන්නෙ. ඒක තිලක්ටත් පොදුයි. මන්ද්‍රික මොන ජාතියේ නඩුවක් පටලගෙන ආවත් ඒක ෂේප් කරල දාන්න පුළුවන් ජාතියේ කෙනෙක් තමයි තිලක් කියන්නෙ. හරියට කල්පනා කළොත් මන්ද්‍රික මෙච්චර හිතුවක්කාර වෙන්නත් එක හේතුවක් තිලක් මාමා. ඇයි හැම නඩුවක් ම නෑ බෑ නොකියා ෂේප් කරල දෙනවනෙ.

"මාමෙ?"

"කියපං කොල්ලො. මොකද්ද මේ පාර උඹ දාගත්‍ත කේස් එක?"

"නෑ නෑ එහෙම කේස් එකක් නෙවේ."

"එහෙනම්? උඹ දැන් මගෙ සැප දුක බලන්නත් කෝල් කරනවද?"

"මට ප්‍රැක්ටිස් කරන්න ඕනෙ.?"

"මොකක් කිව්වා?"

තිලක් මාමා දැන් හැසිරෙන්නෙ ලෝක පුදුමයක් වෙච්ච ගාණට. මොකද මන්ද්‍රික එයාගෙ ලෝ ඩිග්‍රි එක හොඳට පාස් වුණාම තිලක් මාමා එයාට කොච්චර කිව්වද ඇවිත් ප්‍රැක්ටිස් කරන්න කියලා.ප්‍රැක්ටිස් කරන්න අකමැති නම් ප්‍රයිවට් යුනිවර්සිටි එකක ලෙක්චර්ස් කරන්න හදල දෙන්නත් ඇහුවා. ඒත් මන්ද්‍රික එයාගෙ සෙල්ලක්කාර ජීවිතය ට පුරුදු වෙලා හිටපු නිසා ඒ කිසිම දෙයක් කනකට වත් ගත්තෙ නෑ. ඉතින් එකපාරටම කෝල් එකක් දීල එයාට ප්‍රැක්ටිස් කරන්න ඕනෙ කියන එක පුදුම වෙන්න තරම් කාරණාවක්.

"දැන් මොකද මේ හදිස්සියේ ප්‍රැක්ටිස් කරන්න එන්නෙ?"

කොච්චර සතුටු හිතෙන ආරංචියක් වුණත් ඒක මේ හදිසියේ වුණේ කොහොමද කියල දැනගන්නකන් ඉවසිල්ලක් නැහැ මේ මාමාට.

සිසි කිරණ BL Where stories live. Discover now