හසරින්ද කීයටවත් හිතුවේ නැහැ සසංක එයාට ඒ වගේ යෝජනාවක් කරයි කියල. ලයිෂන් එක ගත්ත ගමන්ම නුවරඑළියෙ වාහනයක් අරන් යන්න කියයි ද?
ඒත් මොනවත් කියන්නත් බැහැ නෙ. සර් හරිම සැර නිසා ඔෆිස් එකේදිම කෑ ගැහුවොත් එහෙම?
ඉතින් සිකුරාදා වෙනකන්ම හසරින්ද දෙයියන්ට කිය කිය හිටියෙ ඒ සසංක කලේ විහිලුවක් වෙන්න කියලයි.
ඒත් ජීවිතේට විහිළු කරනවා තියා හිනා වෙන්නෙ වත් නැති සසංක ඒ වගේ දෙයක් කියයි ද?
හසරින්ද මාරම බයකින් තමයි සිකුරාදා වැඩට ගියේ. සිකුරාදා යනවා කිව්වට බ්‍රහස්පතින්දා හවස වෙනකන්ම ඒ ගැන මුකුත් කිව්වෙ නැහැ.
සිකුරාදා උදේම හසරින්ද ට සසංකගෙන් කැඳවීමක් ලැබුණා.
හසරින්ද ගෙ හිතේ බයේ නම් අඩුවක් නැහැ.
"හසරින්ද, හවස මීටින් එකක් තියෙන නිසා අද අපිට පිටත් වෙන්න බැරි වෙයි. හෙට උදේම යමු."
ඒ කියන්නෙ හෙට ගමන යනවා.
"හරි සර්."
"දවස් 2කට හරියන්න ඇඳුම් ගේන්න. ජර්සි ගේන්න ඕනෙ නැහැ. එහෙන් ගන්න පුළුවන්."
"හරි සර්"
ඒත් ඔය කිව්වට මලින්තගෙන් වත් අහල ජර්සියක් වත් ලේස්ති කරගන්න වෙයි.
"දැන් යන්න. ආ මේ මතක් කරල ටෙම්පරරි ලයිෂන් එක ගේන්න"
හපොයි. මේ යකාට ඒක අමතක වෙලා නැහැ නේද?
ඇත්තටම මට ඩ්‍රයිව් කරන්න දෙයිද?
ඒත් අනිත් කම්පැනි වල මීටින් වලට යද්දි අනිවර්‍යයෙන්ම ඩ්‍රයිවර් කෙනෙක් යනවනෙ. සර් ඩ්‍රයිව් කරන්නෙත් නැහැ නෙ. ඒ නිසා ෂුවර් එකටම ඩ්‍රයිවර් කෙනෙක් එයි.
ඒ නිසා එච්චර අවුලක් වෙන එකක් නැහැ. සර් එක්ක පළවෙනි පාර ටිකක් දුර ගමනක් යන නිසා හැබැයි හසරින්දගෙ හිත නම් ගැස්සිලා තියෙන්නෙ.
ඒ අතරෙ සසංක හවස් වෙලා තිවංකට කෝල් එකක් ගත්තා.
"ලොකු මහත්තයට අපිව මතක් වෙලා තියෙන්නෙ?'
" හවස ස්ටුවට් යං."
"ආපෝ ඕක කියන්නත් දෙයක් ද? යං යං මා පුතී."