ආරම්භයට පෙර

899 85 19
                                    


රුහුණු රටේ බලගතුම වරාය තේජාන්විත විදිහට මුහුදට මුහුණ දීගෙන හිටියා, වරායේ පෙනුම කාස්ටක නමුත් පොහොසත් පාටයි...
තද මෙරූන්, නිල් පාට කන්ටේනර් පෙට්ටි අහස දිහාවට නැගුණු දොඹකර වල එහෙ මෙහෙ යද්දි ඉන්දියන් සාගරේ, රතු පාට හැන්දෑ ඉර එළියට තැඹිලි පාටට දිලිසුණා...
වැලි මිශ්‍ර රළකට හිමිකම් නොකියූ ඒ නොගැඹුරු මුහුදු කඳට හේත්තු කරලා ඉදිකරපු කොන්ක්‍රීට් බිම උඩ ගොඩගහලා තිබුණෙ තවත් කන්ටේනර් පෙට්ටි තොගයක්...




උඩින්ම අහුරපු කන්ටේනර් පෙට්ටියක් උඩ එක කකුලක් දණිස්සෙන් නවලා අනිත් කකුළ මුහුද දිහාවට පහතට දාගෙන තේජාන්විත සිංහාසනගත විදිහට වාඩිවෙලා හිටපු දේහධාරී මිනිහා , ඝන කළු රැවුලකින් යන්තම් වැහුණු තමන්ගෙ තොල් අතරෙ රැඳිලා තිබුණු සිගරට් එක ඇඟිලි දෙකක් අස්සෙ රඳවගන්න ගමන් ඒ අත නවාගෙන හිටපු දණිස්ස උඩ තියාගත්තා...





ඒ තියුණු , උකුසු ඇස්‍ යොමුවෙලා තිබ්බෙ ක්ෂිතිජය දිගේ වරායට කිට්ටු වෙන විසාල නෞකාව දිහාවට... නෞකාව ටිකෙන් ටික ප්‍රමාණයෙන් විශාල වුණේ ඒක දැනටමත් වරාය ආසන්නයටම ඇවිත් තිබුණු නිසා.. කන්ටේනර් පෙට්ටිය උඩ වාඩිවෙලා හිටපු මිනිහාගේ මුහුණෙ කටකොනේ හිනාවක් ඇදුනෙ ඒ කඩවසම් පෙනුම තවත් ඉස්මතු කරමින්... ඒ හිනාව , ඒ බැල්ම , සර්ව සම්පූර්ණ ඒ පුද්ගලයා නියෝජනය කළේ ශ්‍රී ලංකාවට අයිති මුහුදුකරේ බලය සහ අයිතිය..




නැව සම්පූර්ණයෙන්ම වරායට සේන්දු වෙනකන්ම ඒ දිහා සැරින් සැරේ සිගරට් එක උරන ගමන් බලාගෙන හිටපු ඒ පිරිමියා අවසානයේ කන්ටේනර් පෙට්ටියෙන් පහළට බැහැලා වරාය මධ්‍යයට තේජාන්විත ගමනින් ඇවිදගෙන ‍යද්දි , බටහිර අහසෙ අණසක පතුරවපු රතට හුරු ඉරත් ක්ෂිතිජයේ ගිලිලා ගියා...





වරායෙ වැඩකරන මිනිස්සු, වරායට ආපු පිටස්තරයින් පවා ඒ තේජාන්විත පිරිමියා ඉස්සරහ දෙකට නැවිලා ආචාර කළා... ඇමතිවරයෙක්? ධනපති ව්‍යාපාරිකයෙක්? නැහැ... ඔහුට තිබුණෙ සාමාන්‍ය පෙනුමක්... කළු සරමකින් , අත් දිග කළු බොත්තම් කමිසයකින් වගේම කළු පාට සපත්තුත් පැළඳගෙන හිටපු ඒ පිරිමියා අතිශය සාමාන්‍ය වගේම ගෞරවනීය පෙනුමකින් යුක්ත වුණා...





මුළු වරායෙම වගේම , මුහුදු මට්ටමෙන් උඩ අහස් තීරයත් ඒ පුද්ගලයාගේ අණසකට යටත් වෙලා වගේ , ඔහුගේ තේජාන්විත පෙනුම උලුප්පවා පෙන්වන්න කැපවුණා...





"පණිවිඩයක් එව්වයි ??"



මිනිහා තමන් ගාවට ඇවිදගෙන ආපු කළු පාට ඇඳගත්ත උස මහත මිනිහගෙන් ඇහුවෙ ගැඹුරු හඬකින්... කළු ඇඳගත්ත මිනිහා අත්දෙක එකට බැඳන් බිමට නැඹුරු වෙලා උත්තර දුන්නා....



"ඔව් ලොකු මහත්‍තයා... අපි දැන් පිටත් වුණානම් හොඳයි...."













ගාලු මුවදොර , මීගමුව...





කාස්ටක පොළවෙ දූවිලි වාතයට මුසු කරගෙන වේගයෙන් ආපු ඩිෆෙන්ඩර් රථ පෝළිමක් ගාලු මුවදොරට පිටතින් මාර්ගයේ නතර කරද්දි , ඒ ඩිෆෙන්ඩර් රථ මැදින් ආරක්ෂිතව ඇවිත් තිබුණු මර්සිඩීස් බෙන්ස් රථයේ පිටුපස දොරටුව විවෘත වුණා...
විවෘත වුණු දොරෙන් එළියට තියපු කකුළෙ පළඳලා තිබුණෙ මිල අධික පිරිමි සපත්තුවක්... ඒ වගේම කකුළ ආවරණය කළේ කළු පාට දිග කලිසමකින්...




බෙන්ස් රථයෙන් එළියට බැස්ස ඒ තරුණ පුද්ගලයා, පැළඳගෙන හිටපු අව් කණ්ණාඩි දෙක ගලවලා අතට ගන්න ගමන් මුහුදු තීරයෙන් උඩ අහස දිහා ආඩම්බර බැල්මකින් බැලුවා... තමන්ගෙ ඇස් පියාගත්ත ඒ තරුණයා එක් සිදුවීමක් මතක් කරගත්තා... ඒ,
අහසෙ නිදහසේ පියාඹගෙන යන සුදු පාට පරෙවියෙක්...









~උඹට පුලුවන් දුර්වලයෙක් වෙලා ඉපදෙන්න, හැබැයි උඹට අයිතියක් නෑ දුර්වලයෙක් වෙලාම පොළවට පස් වෙලා යන්න...
~මට තිබුණෙ හරි පුංචි හීනයක්... හොඳ වර්ගෙ බයික් එකක් ගන්න එකයි අම්මව සතුටින් තියන එකයි තමයි මගේ හීනෙ උනේ...
~හැබැයි අද මම ඒ තැන නෑ...
මොකද එයා මට හීනයක් හැදුවා... පුංචි මුහුදු තීරෙක ජීවත්වෙච්ච මට, ලොකු ලෝකයක් පෙන්නුවා...
~එයා මට කිව්වෙ,
මේ මුළු ලෝකෙම ඔයාගෙ කරගෙන නවතින්න කියලා !!!






<<<<______________________________>>>>


සිලිලාර || NONFICTION Where stories live. Discover now