තුන්වන හෝරාව

105 22 12
                                    

"අඩෝ..අඩෝ...මේ පාරත් පාටියක් දානවලු නේත...."

"නැතුව තියේවිය බන්..."

"ඒ...ලකා..මේ මොකෝ බන් මූ දාහට අරන් සතපහට දීලා වගේ.."

"අඩෝ...කට්ටො...මොකෝ උබ සද්ද වහලා..."

"අපි කැන්ටෙමට යනෝ උබ එන්නෑ..."

"නෑ බන්...මේ ඔලුව පොඩ්ඩක් රිදෙනවා..ඒකයි..මම ලයිබ්රිය පැත්තට පොඩ්ඩක් ගිහින් එන්නම්...උබලා කැන්ටෙමට යමන්....මට එන්න වෙන්නෑ..."

"හා..හා...ඒනම් ලොක්කා අපි ගියා...."

එහෙම කියලා උන් ටික කැන්ටිම පැත්තට යන්න යද්දි ඊලග ලෙක්චරේට යන්න හිතක් තිබ්බෙ නැති මාත් ලයිබ්රිය පැත්තට ගාටන්න ගත්තා....උදේට බෝඩිමෙන් කාලා ආපු බත් ටිකෙන් තාම මේ ඉන්නෙ...කැන්ටිමට ගිහින් මොනව හරි කාපන් කියලා බඩ කිව්වත්..අතේ තියෙන සොච්චමෙන් බඩකට පුරෝගත්තොත් බෝඩිමට යන්න වෙන්නෙ පයින් තමයි...මොකද මගේ අතේ තිබ්බෙ රුපියල් තුන්දාහයි...ඒකෙනුත් දෙදහක් එන්ඩ් සෙමෙස්ට්‍ර එකෙන් පස්සෙ තියෙන පාටියට කියලා එකතු කරද්දි අන්තිමට රුපියල් දාහක් එක්ක මේ මහා විසාල කොලඹ තනි වෙච්ච මට ඕකෙනුත් කාලා බීලා නටන්න තරම් මානසික මට්ටමක් නෑ...කෝමත් මට එන වෙලාවෙ නෝනා කිව්වා රස්සාවක් බලන්නම් කියලා...ඒකෙන් කීයක් හරි හොයාගන්න පුලුවන් උනොතින් නම් මට සීයගෙ ඉස්පිරිතාල ගාස්තුත් ගෙවලා...දිගටම මගේ සල්ලි වලින් බෝඩිම් ගාස්තුත් ගෙවාගන්න තිබ්බා...එතෝට සීයා හතරවටේ උන්ට ණය වෙන්න ඕන නෑ...කොහොමත් තා අවුරුදු දෙක්කින් මේ කැම්පස් ගමන ඉවර උනාම මට රජයේ හොද දොස්තර කෙනෙක් වෙලා මගේ සීයව බලාගන්න පුලුවන් වෙනවා...

අනාගතේ ගැන පොඩියට හරි බලාපොරොත්තු මතු වෙද්දි මගේ චූටි මහත්තයත් ඒ අනාගතේ කොටස් කාරයෙක් කරගන්න බැරි වෙයිද කියලා හිත මගෙන්ම ප්‍රශ්න කරද්දි මටම සමච්චලේට හිනාවක් මගෙ කටින් පිට උනා...මගේ කරුමක්කාර ජීවිතේට චූටි මහත්තයාව හවුල් කරගන්න ඕන නෑ...එයාට ලස්සන නෝනා කෙනෙක් එක්ක ලස්සන අනාගතයක් හම්බවේවි...සමහරවිට.... දැනටමත් හම්බෙලා ඇති.....

උඩු හිත එහෙම කියද්දි යටි හිතනම් ඒක පිලිගන්න කැමති උන බවක් පේන්න නෑ...කොච්චර මොනව හිතුවත් චූටි මහත්තයාව වෙන කෙනෙක්ගෙ වෙයි කියලා හිතනකොටත් මගේ හිත කොනක් රිදීගෙන එනවා....අයිතිනැති හිතකට ඔච්චර ඇබ්බැහි වෙන්න එපා බන් කේෂ්....හිතුවක්කාර මගෙ හිතටම තරවටු කරගන්න ගමන් මම පොලොවේ තිබ්බ ගල් කැටේකටත් පයන් පාරක් ගහගෙනම ඉස්සරහට ගියා...

අවිනිශ්චිත හෝරා..Where stories live. Discover now