" මල්ලි මේ පෝලිමට එන්න ... ඕක දිග වැඩි නෙ....!" මම ඒ සද්දෙ ආවෙ කොහ්න්ද කියල දැන දැනත් මට ඉස්සරහින් හිටිය ළමයට මුවා වුණා... මේක හරියන්නෑ එක්කො මුන් ටික ඉස්කෝලෙන් අයින් වෙන්න ඕන..නැත්තම් අපි ටික ප්රිෆෙක්ට් ල වෙන්නෝන.... නෑ ඉතිං මුං ගෙ ලොකු සීන් බලන්න නෙමෙ නෙ අම්මලා තාත්තලා අපිව මහන්සි වෙලා හැදුවේ...
" ආං එන්නලු යමං.."
" මෝල් ද...මෙතෙන්ට වෙලා ඉඳහං ඉල්ලන් කන්නැතුව...ඇහුන්නෑ වගෙ ඉඳපං..."
" පිස්සුද....සංදේශ් අයියා ඉන්නෙ.... යමං... අවුලක් නෑ නෙ ඌ... " මගෙ යාලුවාට තියෙන්නෙ අන්න ඒ ජාතියේ කැහිල්ලක්!
ඉතින් හිටිය පෝලිමෙන් පැනලා අලුතෙන් හදාගන්න කිව්ව පෝලිමෙන් ඉස්සරහට ගියා.. යන අතරෙම මාරුවක් දාගන වත්සුක ව ඉස්සරහට පැන්නුව මම දෙවෙනියට ගිහින් පෝලිමට හිටගත්තා... උට නෙ යන්න ඕන උනෙ..ඌ ඉස්සරහ ඉඳියදෙන් !
අපි හිටියේ මෝනින් එසෙම්බ්ලි එකෙ.... අද මහ ඒජන්ත මඩුල්ල ම එළිබැහැලා ... මහ ඒජන්තයොන් ගෙත් මහවුන් ටික චාල්ස් ලයින් දීගන කළු - කහ බ්ලේසරේ ට බැහැලා ! යන ගමනේ හොඳ හිත කියන එක ගැන දැනීමක් තියන එක ම එකා මට හිනාවක් පාස් කල්ලා බ්ලේසරේ බට්න් එකක් පන්නගන්න ගමන් උඩහට දුවද්දි මමත් ලස්සන හිනාවක් දුන්නා ඉතින්... මම එහෙමයි ! හිනාවට හිනාව .... රැවිල්ලට නම් ගෙරවිල්ල.... කොහොමහරි උදේ පාන්දර ඉස්කෝලෙ මොකක් හරි මංගල්ලෙකට අපිව එළිබස්සලා අව්වේ වේලන්න කුමාරවරු ටිකට ආසා හිතිල.... ඒ අස්සෙ මට ඉස්සරහ මිනිහා පිටිපස්ස හැරිලා මම දිහා ඔරවගන බලාන ඉන්නව..
" මොකද ? ඉස්සරහට ආව මදිද? දැන් ඉතින් මයික් එක ගාවට තමා යන්න තියෙන්නෙ..."
" ඕකනෙ....මගෙ සීදේවි තරහ ගන්නවනෙ..."
" අනෙ මේ හු**# කතා නොකර ඉස්සරහ බලාගනින්... තමුසෙට තිබ්බෙ පුදුම අසහනයක් නෙ මෙතෙන්ට එන්න "
" චී.......අවකැපෙන කතා කියන්නෙපා.. "
" මගෙන් කන්නැතුව ඉස්සරහ බලාගනින්...!"
" මොකටෙයි උඹ අරුට සිරික්කිය දැම්මෙ... ?"
" කාට ?"
YOU ARE READING
සෙනෙහස් අවාරේ
Non-Fiction'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'