" එයා හරි ලස්සන ගෑණු ළමයෙක් ..."
" ම්ම්ම්.... ඒක නිසා ම තමා මම බයෙන් ඉන්නේ..."
" මම මෙහෙම අහන එක හොඳද නැද්ද කියන්න මම දන්නෑ .ඒත්.....එයාට ට්රීට්මන්ට්ස් කරනවා නේද ?"
" කාලයක් කළා.. අවුරුදු පහක් විතර එක දිගට... ඒත් කිසි හොඳක් නෑ... අනික ..අම්මගෙන් කිසි සපෝට් එකක් නෑ බෝසිළු මම මේව ඔයාට කියන්න ලැජ්ජ නෑ...ඒ ඇයි කියන්න මම දන්නෙත් නෑ.... "
"නෑ ....ඔයාට මාව විශ්වාස නිසා වෙන්න ඕන නෙ මේව මම එක්ක කියන්නෙ...මම මාව විශ්වාස කරන මිනිස්සුන්ගෙ විශ්වාසයක් කඩන්න කැමති නෑ "
" ම්ම්ම් මාව අහන් ඉන්න එකම ලොකු දෙයක් මට ..."
" හැමෝටම කියවන්න අය හිටියට අහන්න අය ත් ලැබෙන්න ඕන නෙ..."
ආඛ්යාන් අයියා මම දිහාවේ බලලා හිනා වුණා.....මේ මනුස්සයා ගෙ ඇත්ත චරිතෙ ටික ටික එළියට එන්නෙ දැන් ද මන්දා.. මට මීටත් වඩා පුදුම වෙන්න දෙයක් ඇති කියලා මම හිතන්නෙත් නෑ එයා ගෙ මූණේ තියන හැඟීම් එකක් වත් මට කියවගන තේරුම් ගන්න පුලුවන් ජාතියේ හැඟීම් නෙමෙයි...
" යමු.... බඩගිනි ඇති ඔයාට "
" නෑ මම කාලා ආවෙ "
එයා මුකුත් නොකියාම ලිවින් ඒරියා එකට යද්දී මමත් ඒ පස්සෙ ගියා..මට බයත් හිතෙනවා මේක අස්සෙ අතරමං වෙයිද කියල... යද්දි මොජිතො දෙකක් සර්ව් කරල තිබ්බ....යකො ඒකෙ ලස්සන !! බොන්නෙ නැතුව හුරතලේට තියාගන්න හිතෙනව... කමක් නෑ ඉතින් ඕක තියාගත්තා කියල මොන කෙහෙල්මලකටය කියලා මම ග්ලාස් එක අතට අරගත්තා...
" මම කීයටවත් හිතුවේ නෑ අපි මෙහෙම මූණට මූණ ඉඳගන කතා කරාවි කියලා "
" ආ අයියේ උඹට දැනෙන්නේ නිකම් සෙලිබ්රිටි ක්රශ් එක ගෙදෙට්ට ගෙන්නගත්ත වගේ ෆීලින් එකක් ද ..." මම කිව්වෙ ටිකක් ඉස්සරහට නැමිලා බර වෙලා..
එයා ඇස් දෙකත් වට්ටකා ගෙඩිදෙකක් සයිස් කරන් මන් දිහා බලන් ඉන්න ගමන් ම කෙළ ගුලියක් ගිල්ලා....එයාගෙ අත් මොජිතො ග්ලාස් එක වතේ එතිලා තද වෙලා.. මූ ට තියෙන්නෙ පුදුම ලැජ්ජාවක් නෙ... කොටහළු වෙලා ගෙට වුණ එකියක් වගෙ .... මොන මාන්දමෙක් ද මන්දා මූ නම්... !!
YOU ARE READING
සෙනෙහස් අවාරේ
Non-Fiction'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'