" දැන් ශුවර් ද තමුසෙට ඔය ගත්තු තීරණේ ගැන.....?"
" හම්ම්ම්න්.... හදිසියේ ගත්තු එකක් නෙමෙ..... හුඟක් කල්පනා කරලා ගත්තේ... "
" හරි...... හැබැයි උඹෙ සතුට ට මෙහෙමයි කියලාවත් බාධාවක් උනොත් මම නිකම් ඉන්නෑ බං....."
" එහෙනම් ඇයි උඹ ඌට සප් කලේ....?"
" අනර්ඝ අයියා ජෙනුයින් මනුස්සයෙක් බං.... ඌට උඹ ව මේකට බලෙන් පොළඹවගන්න ඕන තරම් චාන්ස් තිබ්බා...ඒත් ඌ උඹට අවුරුද්දකටත් ළං වෙන්න කාලෙක ඉඳන් ආදරෙයි කියල නිකමට වත් දැනෙන්න දුන්නෙ නෑ.....අඩුම මගෙ කනට ඕක වැටෙනකම් මම දන්නෙත් නෑ..... එදත් ඌ ඉල්ලුවේ ඌ මේ ඉස්කෝලෙන් හෙට අනිද්දා ගුයාට උඹ තව කල් මේකේ කිසි ම ප්‍රශ්නයක් නැතුව ඉන්න ඕන කියලා.... ඒත් උඹ දන්නවනෙ...මේ ලංකාව.... මේක අපි හිතන ජාතියෙ සුරංගනා ලෝකයක් නෙමේ...උඹලාට අහගන්න වෙන්නෙ එසේ මෙසේ කතා තොගයක් නෙමේ.. උඹ ඒවට ලෑස්ති පිට ඉන්න ඕන....හිත හයියට තියාගන්න ඕන....මම නැතත් උඹට කරදරේකදි උඹව බලාගන්න පුලුවන් වෙන්නෝන.....අපි හැමෝටම හැමදාම එකට ඉන්න හම්බෙන්නෑ නෙ බං "
මමයි වත්සුක යි හිටියේ ඉංග්ලිශ් ක්ලාස් එකෙ අන්තිම ඩෙස් පෝලිමේ කයියක් දාගන...... පෙරේදා අනර්ඝ අයියා මුට කන්ෆෙස් කරල නෙ...... ඒකත් එකපාට්ටම..... මම හිතුවේ නෑ අනර්ඝ අයියා දැන් ම අහාවි කියලා... ඒත් ඉතින් ඌට හොඳනම් අපට මොකද....... වත්සුක දමාගන බාර් ග්‍රාෆ් එකක් ඩිස්ක්‍රයිබ් කරද්දී මම පේපරේ හොරිසොන්ටල් වර්ටිකල් මාක් කරලා ඒ ප්‍රශ්නෙත් ඉවර කලා...... ගිය ටිකේම අපිට ඉංග්ලිශ් ක්ලාස් එක ගැන වගේ වගක් තිබ්බෙ නෑ...මේ මාසෙකින් වගේ එන්නේ.. ඇයි ගිය දවස් වල සංදේශ් අයියා බලන්නයි රවුම් ගහන්නයි කොච්චර වැඩ තිබ්බද..... අපිට එහා පැත්තෙ හිටිය අක්කලා ටික දැන් හෙන වෙලාවක ඉඳන් අපි දිහාවෙ බල බල කුටු කුටු ගානවා.... සයුන්දි අක්කාගෙ යාලුවො... අල්ලපු වැටේ කිංකිණි කෝකිලාවියො.... සයුන්දි අක්කා නම් හෝ ගාලා මොනාදෝ ලියනව... මන් හිතන්නෙ එසේ එකක්... මට මේ පැත්තට පේනවා එයාගෙ අකුරු පිරුණු ෆුල්ස්කැප් කොළේ.... වත්සුකත් වැඩේ ඉවර කරපු හන්දා අපි දෙන්නම පේපර්ස් මැඩම් අතට දිලා කන්ඩිශනල් ටෙන්සස් වගයක් ලිව්ව නෝට් බුක් එකත් මාක් කරවගන ක්ලාස් එකෙන් එළීයට ආවා.....
YOU ARE READING
සෙනෙහස් අවාරේ
Non-Fiction'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'