"අනේ...... !අම්මා .... මගෙ මේස් එක කෝ අප්පා... "
"ඇයි ඕකටම තියලා නෙ නැමුවේ සුදුපුතා.... !!!!"
" මේක අස්සෙ නෑ .... මන් තාත්තිගෙ එකක් දාන් යන්නද "
" චික්... පිස්සුද පුතා.. තාත්තිගෙ ඒව දාගන ගිහින් හැමවෙලෙම උස්ස උස්ස ඉන්නද..ඒව ලොකුයි නෙ.."
" එහෙනම් අද මන් යන්නෙ නෑ "
" ගුටි කන්න යන්නෙ සුදුපුතා මගෙන් හරිද ඔය.!!"
" හරි හරි අප්පා..." මේස් දාන්න ගියාම කුට්ටමේ අනෙක් මේස් එක නෑ. අම්මා හැමදාම ලස්සනට පිළිවෙලට මේස් ජෝඩුවෙ එකක් උඩ එකක් තියලා අමුතු තාලෙකට නමලා මගේ ක්ලෝසෙට් එකටඇටැච් කරල තියන සුදු කබඩ් එකේ ලාච්චු වල අඩුක් කරනවා..ඒ උනාට මේකෙ අනිත් එක නෑ...මම හිතන්නෙ මේ ලෝකෙ ඕනම ගෙදරක් කොච්චර පරිපූර්ණ පිළිවෙල විදියට තිබ්බත් අනිවාරෙන් මේස් කුට්ටමේ මේස් දෙකෙන් එකක් මිස්ප්ලේස් වෙලා නැත්තම් ඒක ගෙදරක් නෙම!!! මම කබඩ් එක සම්පූණෙන් ම අනෙක් අතට ගහන ගමන් මේස් එක හෙව්වා ... ආහ්හ්....!! මේ තියෙන්නේ...
" ආ... අම්මා ...තිබ්බා හොඳේ..."
" ඒකනේ.. හොඳට බැලුවනම් ඉවරනෙ සුදුපුතා... "
අම්මා තාම උයනවා මම හිතන්නේ... මේස් දෙකත් දාගන කොන්ඩේ ත් හදාන මම බෑග් එකත් එළියට අරන් ම කාමරෙන් එළියට ගියා... කුස්සියට යද්දී අම්මා කෑම පිඟානට බෙදලා..මුකුණුවැන්න මැල්ලුමකුයි මාලුයි අල හොද්දකුයි .. පැත්තකින් ටිශූ පේපර් එහෙක තෙල් බහින්න තිබ්බ මල් පපඩම් ටික දැකලා මම එකක් කටට දාගන කුස්සියෙම මැද්දට වෙන්න තිබ්බ ඩයිනින් ටේබල් එකට හේත්තු වුණා... මට ඇහෙනවා වොශෲම් එකෙ තාත්තා නානවා.
මම කන්න ගත්තොත් ඉඳුල් හලාගනී කියලා අම්මා ම මට කවන්න ගත්තා.. මෙහෙම හිටියට අම්මත් යන්න ලෑස්ති වෙන්න ඕන... ඔන්න එතකොට තමා අපෙ ගෘහ මූලිකයා ස්නානය කල්ලා මුළුතැන්ගෙට සරමකුත් ඇඳන් සැපත් උනේ... තාත්ති මගෙ ඔලුව ඉඹලා අම්මගෙත් ඔලුව ඉඹලා කොණ්ඩේ අවුස්සලා අම්මගෙ කනට කරලා ' ගුඩ් මෝනින් මාලී ' කියද්දී මම බලාගන අම්මා රතු වෙන්න ගත්තා... බලන්නකො නාකි ජෝඩු ලව් කරන්න තියාන අපටත් ලැජ්ජ හිතෙනව ......
YOU ARE READING
සෙනෙහස් අවාරේ
Non-Fiction'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'