21

132 16 12
                                    

" ......මේ හන්දා පුනරුද යුගයේදි හුඟක් නිර්මාණකරුවෝ එක එක අංශ වලින් බිහි වෙන්න ගත්තා...ඩාන්ටේ ත් ඒ අයගෙන් කෙනෙක්...."

අපි හිටියේ හිස්ට්‍රි පාඩම අහගන්න ගමන්.... වත්සුක ගෙ කම්මුලක තිබ්බ අතෙන් ලිස්සලා ගිහින් බෙල්ල කඩාවැටිලා පොතේ ඇනෙන්න ගියාම චිතේර මිස් ට පේන්න නැතිවෙන්න උගෙ ඔලුවෙන් අල්ලගත්තා...

රස්නෙත් එක්ක තිබ්බ අමුතු මත් වුණු ගතියට මේ වෙලාවෙ නින්ද හොඳට සෙට් වෙලා තිබ්බේ....මම හිටියෙත් අර looney tunes එකෙ හාවා වගෙ ඇස් රතු කරන්.. වෙනසකට තිබ්බෙ ඇස් දෙක ඇරන් ඉන්න ඉරටු කෑලි දෙකක් ගහගන නැති එක විතරයි..... ආයම ඉතාලියේ පුනරුදයක් ගැන මොකද්දො හත්තිලව්වක් කියවන ගමන් මිස් බෝඩ් එකෙ ඇන්ද මොකද්දො එකක් චෝක් කෑල්ලෙන් කැපුවා... අපෙ හිස්ට්‍රි මිස් හෙන හොඳයි... උගන්නන්නෙ නැති වෙලාවට..... මේ සබ්ජෙක්ට් එකෙ සාපයක්ද මන්දා අපි කට්ටියටම මේක හරිහැටි පත්තියං වුනේ නෑ.... තව විනාඩි විස්සයි..ඒත් මට ඒ විනාඩි ටික වත් ඉන්න බෑ වගේ දැන් නම්....

" ශ්හ්හ්හ්හ්හ්.... ස්ස්ස්... ඕයි.. වත්සුක... නැකිටපන් බල්ලො....." මම වත්සුක ගෙ කකුලට එකක් ඇන්නාම මූ දනි පනි ගාලා ඇහරිලා පුටුවෙන් නැකිටින්න යද්දි ම මම අත් දෙකෙන් ම ඌව පුටුවට තෙරපාන මිස් දකින්න කලින් ඌව නවත්තගත්තා...

හැලයා පන්තියේ නින්ද ගිය වෙලාවක ඇහැරවනව කියන්නේ වටේ පිටේ ඉන්න අපෙත් සායම යැවෙන වැඩ....

දවසක් මූ ට නින්ද ගිහින් ඉඳලා ඌ මාට්ටු වෙන්න කලින් මම ඇහැරැව්වා....මූ බස බස ගාලා උන්නු තැනින් නැකිටලා අත් දෙක එකතු කලා ' ආයුබෝවන් මිස් ' කියලා සද්දෙට කෑ ගැහුව නෙ..

මිස් කිව්වා ආය බෝඩ් එකෙ ලියන්න ඌමනාවක් ආවත් ලියන්නෑ කියලා ඇයි මුන් දපලා නිදි නෙ....

" මොකද හු#තො නිදාගන්න දියන් මට..." වත්සුක ආය ම අත උඩ ජැක් එකක් ගහගන නිදාගන්න ලෙහෙත්ති උනා...ඒ උනාට එහෙම බෑ නෙ...කලින් පාර යෙනුක ලා නිදාගන හැමෝගෙම නම් රෙකෝඩ් බුක් එකෙ ලියලා ඒක ප්‍රින්සිපල් සර් දැකලා ඔෆීස් එකට ත් ගෙන්නුවා...

මේ හිස්ට්‍රි මිසුත් අනේ මන්දා....

" තොට ඕන තෝත් රතු දත්ත පොතට ගිහින් මගෙ නමත් ඒකෙ ලියවන්නද... යමං එළීයට....ඊළඟ දෙක බුඩිසම් ඉංග්ලිශ් නෙ.... පනිමු.... "

සෙනෙහස් අවාරේWhere stories live. Discover now