පැය භාගයකටත් අඩු කාලයක් ඇතුළත රොසෙල්ටා ට සෝල් සිටි ක්ලබ් එකට එන්න පුළුවන් වුණා ගාඩ්ලා දෙන්නෙක් පස්සෙන් දුවන් එද්දි කෙල්ල කලබලෙන් ක්ලබ් එක ඇතුළට ආවෙ ජිමින්ව හොයාගෙන...
" මං හිතන්නෙ ප්‍රින්ස් ජිමින් වීඅයිපී පැත්තෙ ඇති.."
ඇයගෙ පස්සෙන් ආපු ගාඩ් කෙනෙක් කිව්වත් රොසෙල්ටා හිටියේ තොලකුත් හපන ගමන් ක්ලබ් එක වටේම ඇස් යවන එක...
" නෑ වෙන්න බෑ ප්‍රින්ස්ගෙ ගාඩ්ලා මේ කොහෙ හරි ඇති.."
තමන්ගෙ ඇගට එන පිරිමින්ව තල්ලු කරන ගමන් රොසෙල්ටා ඇතුළටම ඇවිදගෙන ගියේ නොඉවසිල්ලෙන් සිවිල් පිට හිටියත් ජිමින්ගෙ ගාඩ්ලා අදුරගන්න රොසෙල්ටා ට වැඩි වෙලාවක් ගියෙ නෑ..
" කොහෙද ප්‍රින්ස් ජිමින්.."
ඇයගෙ හඩ තරමක් සැර වෙද්දි ගාඩ් බය වුණා ජොන් පවුලෙ ගාඩ්ලා දන්නවා ඔවුන්ට වඩා හිතවත් කමක් රොසෙල්ටා ට ජන්කුක් ජිමින් එක්ක තියනවා කියලා ඒ විතරක් නෙමෙයි රොසෙල්ටාගෙ හිතේ ජොන් ජිමින් ගැන ඊට වඩා ලැදියාවක් තියන බවත් ඔවුන් දැනන් හිටියා ඒ නිසාමයි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔවුන් මැලි වුනේ...
" කියපන් කොහෙද ප්‍රින්ස්..."
" මාත් එක්ක එන්න.."
එහෙම කියපු ගාඩ් වී අයි පී රූම් තියන පැත්තට ඇවිදන් යද්දි රොසෙල්ටා බර හුස්මක් ගත්තා කෙල්ල දන්නවා ජිමින් දැන් ඉන්නෙ කොහෙද කියලා...
" සමාවෙන්න මේ වෙලාවෙ කාටවත් ඇතුළට යන්න දෙන්න බෑ..."
රූම් එකේ දොරට කෙල්ල අත තියද්දිම ගාඩ් කිව්වෙ තර්ජනාත්මක හඩින් ඇත්ත ඇය කොහොමද ජිමින්ව මෙතනින් අරන් යන්නෙ ඇයට ඒකට කිසිම අයිතියක් නෑ ඒත් ජන්කුක් ඔහු කිව්වෙ ජිමින්ව හොටෙල් එකට අරන් යන්න කියලා කෙල්ල මොහොතකට කල්පනා කරා කොහොමද ජන්කුක් රොසෙල්ටාව එහෙම අසරණ කරේ...
" කොච්චර වෙලාවක් යයිද.."
" ඈහ්.."
ගාඩ්ට කෙල්ල අහන දේ තේරුණේ නෑ ඔහු ආයෙම අහද්දි කෙල්ලගෙ අත් මිට මෙලවුණා...
" මං ඇහුවෙ ප්‍රින්ස් ජිමින් ගැන.."
" අහ් ඒකනම් කියන්න බෑ සමහර වෙලාවට ප්‍රින්ස් හෙට උදේ වෙනකන් වුණත්..."
YOU ARE READING
👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞
Fanfictionමිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤