හෙට තමයි දවස උදේ දිවුරුම් දීමේ උත්සවයෙන් පස්සෙ රාත්‍රී උත්සවයක් විදිහට ජන්කුක් සහ සෝනුගෙ විවාහා මංගල්‍යය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් තිබුණා. ඉතින් හෙට ඉදන් ඉදිරි සතිය පුරාවටම උතුරු කොරියාව පුරාම විවිධාකාර උත්සව සූදානම් වෙලා තිබුණෙ ජොන් පවුලෙ මේ ප්‍රීතිමත් දිනය සමරන්න හෙට ඉදන් ජේසන්ට අමතකරව ජන්කුක්ටත් රටේ පාලන කටයුතුවලට සෘජුවම සම්බන්ධ වෙන්න පුළුවන් ඒ නිසාම රටේ කොච්චර සතුටු උත්සව තිබුණත් ඒ අහිංසක මිනිස්සුන්ට නම් ඒක සතුටට කාරණයක් වුණේ නෑ ජේසන්ට වඩා ජන්කුක් දරුණුයි කියන්න හැමෝම දන්නවා ජන්කුක්ට වැඩිපුරම තිබුණෙ ඔහුගෙ හරාබොජිගෙ ජාන හැමෝම කිව්වෙ එහෙමයි. රටවැසියො විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ඉන්න ලොකු ධානපතියන් වගේම මාෆියා ලෝකෙ ප්‍රබලයින්ගෙ අවධානය පවා මේ වෙනකොටත් ජන්කුක් වෙත එල්ල වෙලා තියනවා ඔවුන් දන්නවා ඉස්සරහට ජොන් ජන්කුක්ගෙ බලය වැඩි වෙනවා කියලා.....
ජන්කුක් හිටියෙ ඔළුව අව්ල් කරගෙන එකක් මදිවට තව එකක් කියලා වෙඩින් එකත් හෙටම වැටුණ එක ගැන කොල්ලා හිටියෙ කේන්තියෙන් වුනත් ජේසන්ගෙ තීරණවලට පිටුපාන්න බැරි නිසා ඉවසගෙන හිටියා.සෝනු එක්ක වෙඩින් එකේ වැඩ වගයකට එළියට ගිහින් එහෙම්ම ආවෙ ජොන් මැන්ශන් එකට එදා අනික් ප්‍රින්ස්ලා ටිකටත් හරිම කාර්‍යබහුල දවසක් වුණා....
කා එකෙන් බැහැලා සෝනු ජන්කුක්ගෙ අතේ එල්ලිලා මැන්ශන් එක ඇතුළට ආවෙ හරිම සතුටින් හෙට ඉදන් තමන් ජන්කුක් එක්ක එකට ජීවත් වෙනවා කියන එකත් කෙල්ලට හීනයක් වගේ.මුළු ලෝකෙම ඉදිරියේ හෙට පාක් සෝනු ජොන් සෝනු වෙනවා වගේම ජන්කුක්ට කෑදරකමින් ඉන්න ගෑණු සිය දහසක් ඉස්සරහ ජන්කුක් තමන්ගෙ හස්බන්ඩ් වෙනවා කියලා මතක් වෙද්දි කෙල්ලට පිස්සු හැදුනෙ නැති ටික විතරයි...
" කුකී මට නම් විශ්වාස කරන්නත් බෑ හෙට ඉදන් අපි මුළු ජීවිත කාලෙම එකට ඉන්නයි යන්නෙ.."
සෝනු කියද්දි ජන්කුක් පුරුදු විදිහට කට කොනින් හිනා වුණා..
" මෙච්චර කල් වෙනම හිටියා කියලත් වෙනසක් නෑනෙ බේබි ඔයා නිතරම මාත් එක්ක හිටියනෙ නේද.."
YOU ARE READING
👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞
Fanfikceමිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්‍ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤