Chapter 29

526 72 197
                                    

සලාං.....💥💥💥💥💥💥💥💥💥

"දෙයියනේ මොකක්ද ඒ සද්දේ.."

එකපාරට මොනා හරි භාජන වගයක් පෙරලෙන සද්දෙට ජීවො විවීවත් වඩාගෙන ගේ පිටිපස්ස පැත්තට දුවද්දි ලෙඩ්ඩු එක්ක හිටපු ආරා එවියානා දෙන්නත් ඒ පැත්තට ආවෙ මොකද වුණේ බලන්න....

" මොකද්ද ළමයො ඒ සද්දේ ..."

" ඒක තමයි වෙද නැන්දෙ අපිත් බැලුවේ..."

එවියානා කිව්වත් ආරා නම් හිටියෙ වටාපිටාව හොදට සෝදිසි කරන ගමන්...

" ඔය මොකෙක් හරි සතෙක් වෙන්න ඇති බිම වැටුණ භාජන ටික අහුලලා උඩින් තියලා දෙන්නම ගිහින් වැඩක් කරගන්න.."

එහෙම කියපු ජීවො විවීවත් වඩාගෙනම ආපහු හැරිලා යන්න ගියා එවියානා එතන භාජන ටික අහුලද්දි ආරා ගෙයින් එළියට බැහැලා පිටිපස්සට වෙන්න තිබුණ කැලේ පැත්තට ඇවිදන් ගියෙ බයෙන් බයෙන්...

" ක...කවුද ඔතන..."

ටික දුරක් අවිදන් ආපු ආරා කතා කරද්දි වට පිටාවෙන් හමන සුළග ඇරෙන්න වෙන කිසිම සද්දයක් තිබුණෙ නෑ...

" කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා එළියට එන්න.."

ආරා තව ටිකක් ඉස්සරහට අඩිය තියද්දි එක පාරට ගහක් උඩ ඉදන් ඇගේ පිටිපසෙන් කෙනෙක් බිමට පැන්නා කියලා තේරෙද්දි ඇය පපුවට අතක් තියාගෙන ඇස් තද කරලා පියාගත්තෙ මූණ දෙපැත්තෙන් දාඩිය වැක්කෙරෙද්දි....

වේලිච්ච කොළ පොඩිවෙන හඩක් එක්ක පැනපු කෙනා හිමි හිමින් තමන්ට ළං වෙනවා කියලා දැනෙද්දි ආරා තදින් තොල් හපාගත්තා ඊළග මොහොතෙ කිසිම සද්දයක් නැති තැන ඇය හිමි හිමින් ඇස් ඇරලා බලද්දි කළුපාට ඇදුමකින් සැරසිලා ඒ පාටම මාක්ස් එකකින් මූණ වහගෙන මුළු ඔළුවම වැහෙන්න තොප්පියක් දාගෙන ඇස් දෙක විතරක් යන්තමින් පේන්න ඇදගෙන හිටපු කෙනා දැකලා ඇය අඩියක් පස්සට තිබ්බා...

" ඔ....ඔයා.."

ආරාට කියන්න ලැබුනෙ එච්චරයි ඇය දිහා එක එල්ලේ ටික වෙලාවක් බලන් හිටපු ඒ තැනැත්තා ආපහු හැරිලා එතනින් ඉවතට යන්න ගියෙ ආරා කටත් ඇරන් බය වෙලා ඒ දිහා බලන් ඉද්දි...

👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞Where stories live. Discover now