ඇදට ගොඩ වුණ ජන්කුක් හාන්සි වෙද්දි එවියානා පෙරලිලා ඔහු ළගට ඇවිත් ඒ නිරුවත් පපුව උඩින් ඔළුව තියාගත්තෙ එක අතකින් ජන්කුක්ව තුරුල් කරගන්න ගමන්....
" හෙට ඔයා මැරි කරනවලු නේද.."
සිවිලිම දිහා බලාගෙන හිටපු ජන්කුක් ඇස් පාත් කරලා තමන්ගෙ නිරුවත් පපුව මත ඉන්න කෙල්ල දිහා බැලුවෙ ඇහි බැමක් උස්සලා...
" තමුසෙ කොහොමද ඒක දන්නෙ.."
" අහ්ම්....මේ.....මේ නෑ මට ඒක ඇහුනා.."
" ඇහුණා.."
ජන්කුක්ගෙ හඩ තරමක් උස් වෙද්දි තමයි එවියානට හිතුනෙ කරගත්ත මෝඩකමේ තරම ඇයට කොහොමවත් රොසෙල්ටාව අහු කරන්න වුවමනාවක් තිබුණෙ නෑ...
" ජන්කුක් ඔයා මේ රටේ ඊළග ජනාධිපති ඉතින් ඔයා ගැන මිනිස්සු කතා වෙන එක සාමාන්‍ය දෙයක් "
කෙල්ල හැදුවෙ ජන්කුක්ව ශේප් කරගන්න වුණත් ජන්කුක් ඉන්නෙ කේන්තියෙන් කියලා කෙල්ලට තේරුණා...
" ජන්කුක් ඔයා ආයෙ මාව හොයාගෙන එන්න එපා..."
" තමුසෙ එනවද මට අණ කරන්න.."
" අනී ඒත් එහෙම හොද නෑ හෙට ඉදන් ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවා ඔයා එයා එක්ක ඉන්න ඕනෙ මෙහෙම කරන එක වැරදියි..."
එවියානාගෙ බක පණ්ඩිත කතාවට ජන්කුක් නෝන්ඩි හිනාවක් දැම්මා..
" තමුසෙ මේ දැන් තුරුල් කරන් ඉන්නෙත් බැදලා වයිෆ් කෙනෙක් ඉන්න මිනිහවම තමයි ආයෙ අමුතුවෙන් බදින්න දෙයක් නෑ.."
එවියානා ඔළුව උස්සලා කොල්ලගෙ තුරුලෙ ඉදන්ම ඔහු දිහා බැලුවා කොල්ලා සිවිලිම දිහා බලාගෙන හිටියෙ හිනාවක් එක්කමයි...
" වුණ දේවල් වුණා හෙට ඉදන් ඒ කෙනා ඔයා එක්ක ජීවත් වෙන්න එනවා එයත් ගෑණු ළමයෙක් ඒ නිසා ආයෙ කවදාවත් මෙහෙම දේවල් කරන්න එපා.."
" තමුසෙ එනවද මේ මට අණ කරන්න අනික හිතනවද මේ ජොන් ජන්කුක් තමුසෙ කියන දේ අහයි කියලා.."
ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් හිටපු එවියානා නැගිටලා ජන්කුක් ගානටම ඉස්සිලා ඔහුගෙ මූණ දිහා බැලුවා...
YOU ARE READING
👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞
Fanfictionමිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්‍ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤