" ශෙනිරු අධ්‍යාශ් "
.
.
.
පන්තිභාර මිස් හයියෙන් කෑගහලා කිව්වත් කොල්ලට නෙවෙයි ඇහුනෙ තමන්ගේ නම. ඒ වෙනකොටත් කොල්ල හිටියේ වෙනම පැත්තක් දිහා බලාගෙන කේන්තියෙන් මුමුනමින්." ශෙනිරු !!! ඇහෙන්නෙ නැද්ද ලමයෝ ? "
ආයෙත් පන්ති භාර මිස් තමන්ගේ නම කියද්දී වෙනතක තිබුණු ඇස් දෙක මිස්ගේ දිහාවට හැරුනා. ඒ බැල්මට මිස්නුත් ටිකක් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු.
" තනතුරු දැරුවා කියලා තමන්ගේ ලකුණු වැඩිවෙන්නෙ නෑ හැමදේම සමබරව කරගෙන යන්න දැනගන්න ඕන. වෙඩි තිය තිය ඉදලා හරියන්නෙත් නෑ. මේ යන විදියට ඔයාට වෙඩි තියාගන්න වෙන්නෙ "
මිස් එහෙම කියලා කොල්ලගේ පේපර් එක දුන්නා . කොල්ලටත් තමන්ගේ බයෝ පේපරේ දැක්කම එපා වෙලා ගියත් ලකුණ ගැන නෙවෙයි මිස් හය්යෙන් කෑගහපු එක තමන්ට එපා වෙලා ගියේ. ඒ වෙලාවෙනම් තමන්ටම මිස් කිව්වා ව්ගේම වෙඩි තියාගන්න හිතුනා.
ශෙනිරු අධ්‍යාශ් දේවසුරේන්ද්‍ර . ලංකාවේ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. ඒවගේම දක්ශ වෙඩික්කරුවෙක්. අවුරුදු 3ක්ම එක දිගට හොඳම වෙඩි තැබීමේ සම්මානය හිමි කරගත්තේ කොල්ලා. තාත්තා රටේ ප්‍රසිද්ධ ඇමතිකෙනෙක් වගේම අම්මා වෛද්‍යවරියක් වගේම කොල්ලා පවුලේ තනි ළමයා නිසා ශෙනිරුට තිබුනේ සල්ලිකාර ප්‍රසිද්ධ ජීවිතයක්.
" පන්තියේ ජිව විද්‍යාවට වැඩිම ලකුණ තීර්ථ ට . 94ක් ලේසි නෑ. ඒවගේම තමන් දරන තනතුරත් එක්ක කොහෙත්ම පුතා මේ වගේ ලකුණක් ලේසි නෑ. "
පන්තිභාර මිස් තිහස්ගේ පේපර් එක ඒ කොල්ලට දෙනගමන් කොල්ලගේ හොද කිව්වා. හොද කියන්න ඕන කොල්ලා දැරුවේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයගේ භූමිකාව.
" අපි හෙට පටන් ගමු ප්ලාන්ටේ රාජධානිය . තමන්ගේ ලකුණු වැඩිකරගන්න බලන්න. විශේෂයෙන් ඔය තනතුරු දරන පුද්ගලයො."
මිස් හින්ට් එකක් පාස් කරගෙන ගියේ ශෙනිරු ට. ශෙනිරු ට ඒක කිව්වත් ශෙනිරු හිටියේ තිහස් දිහා දිගු කාලීන වෛරයකින් බලාගෙන.
" අපරාදේ ඉතුරු ලකුණු 6ත් තීර්ථ ට ගන්න තිබුනා ශෙනිරු ට ඔය HP පට්ටම දුන්නනම්. ලෝභ කමට බදාගත්තු නිසානේ 100 මිස් වුනේ නේද බං "
YOU ARE READING
විභාජක පටක || Completed
Non-Fiction" අකාශ්ඨීය ශාක වලට කෙලින් හිටගන්න මෘදුස්ථර විතරක් නෙවෙයි ස්ථුලකෝණාස්තරත් ඕන වෙනවා ශෙනිරු " " උබ හරියට සිලබස් එක කවර් වෙලා නැතුව ලියන පිසික්ස් පේපර් එකක් වගේ. කොච්චර කියෙව්වත් අඩුම ප්‍රශ්නෙවත් තේරෙන්නේ නැති. " මේක විකාර කතාවක් ! 30.08.2023 ©T-Hyungk...