" ආහ් දැන්ද නැගිට්ටේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න ශෙනිරු ඉක්මනටම "
ශෙනිරු ඇදෙන් නැගිටිද්දිම කාමරේට ආවෙ කොල්ලගේ අම්මා.
" මම කොහොමද මෙතන ? "
" ආහ් ඊයෙ තීර්ථ තමයි ඇවිත් ඔයාව ගෙනත් දෑවෙ ඔයාට අද අනිවාර්යයෙන් ම ඉස්කෝලෙට එන්න කිව්වා දන්සලේ වැඩ තියෙනවා කියලා . ඒනිසා ඉක්මනට ලෑස්ති වෙන්න තව ටික වෙලාවයි ඔයාට තියෙන්නේ . "
අම්මා කියනවත් එක්කම කොල්ලා ඇදෙන් බැස්සා. ඊයෙ තමන් තීර්ථට මොනවා කිව්වද කියලා මතක නැහැ. ඒවා මතක් කරන ගමන් කොල්ලා ඉස්කෝලේ යන්න ලෑස්ති වුනා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
." ශෙනිරු උබ මෙතනට එනකම්මයි හිටියේ උබට පණිවිඩ කොච්චර යැව්වද යකෝ. "
බෝඩ් රූම් එකට අඩිය තියනකොටම මතීශ හයියෙන් කෑගැහුවා.
" අනේ මන්ද උබට පණිවිඩ ලැබුනද උබේ ලොකුකමට ආවෙ නැද්ද කියලා."
මෙතන වුනේ කොල්ලගේ ලොකුකමටවත් , පනිවිඩ ආවෙ නැතුවටවත් නෙවෙයි . ශෙනිරුට තීර්ථට මුහුන දෙන්න ලැජ්ජාවක් ආවා. මොකද ඊයෙ මොනවද කිව්වේ කියලවත් කොල්ලට මතකයක් තිබ්බෙ නැති නිසා.
" ශෙනිරු වාඩිවෙන්න. "
තීර්ථ ශෙනිරු දිහා බලලා ඉස්සරහ පුටුවට අත දික් කරා. ශෙනිරු තීර්ථ දිහා නොබලාම පුටුවේ වාඩිවුනා.
" හෙට පෝය අපි දන්සල දෙනවා කියලා ගැහුවට කිසිම බඩුවක් එකතු කරගත්තේ නෑනේද ? අයිස් ක්‍රීම් වුනත් පිළිවෙළකට දෙන්න ඕන. "
" බඩු එකතු කරන්න වෙලාවක්නම් තිබ්බේ නැහැ හැබැයි බඩු නලවන්න වුනානේ සමහරුන්ට . "
යෙනුල් කිව්වේ ශෙනිරු දිහා බලාගෙන.ඒක අහපු ගමන්ම ශෙනිරු යෙනුල් දිහා බැලුවේ කන්න වගේ.
" ඕනෙ නැති කතා ඕනෙ නෑ යෙනුල් . වැඩේට බහිමු. ශෙනිරු ඔය රැවිල්ල පැත්තකට දාලා අහගන්න."
තීර්ථ දෙන්නම දිහා රවලා බලලා ආයෙත් කතාවට බැස්සා.
" අද හවසට කට්ටියට ක්ලාස් එහෙම තියෙද ? නැත්නම් යමු දන්සලට බඩු ගන්න. අයිස් ක්‍රීම් වුනත් ගැම්මට ලොකුවට දෙන්න ඕන. "
YOU ARE READING
විභාජක පටක || Completed
Não Ficção" අකාශ්ඨීය ශාක වලට කෙලින් හිටගන්න මෘදුස්ථර විතරක් නෙවෙයි ස්ථුලකෝණාස්තරත් ඕන වෙනවා ශෙනිරු " " උබ හරියට සිලබස් එක කවර් වෙලා නැතුව ලියන පිසික්ස් පේපර් එකක් වගේ. කොච්චර කියෙව්වත් අඩුම ප්රශ්නෙවත් තේරෙන්නේ නැති. " මේක විකාර කතාවක් ! 30.08.2023 ©T-Hyungk...