ඉස්කෝලෙ ඉවර වෙලාවත් සයාශ් ට තීර්ථව අල්ලගන්න බැරි වුනා. කොල්ලා හැමතිස්සෙම සයාශ්ව මග ඇරලා කොහොම හරි එතනින් පැන ගත්තා. ඒත් මොනවා වුනත් සයාශ් ට ඕන වුනා තීර්ථ ව හම්බවෙලා කතා කරන්න. ඒනිසාම කොල්ලා මොකුත් නොකියා තීර්ථගේ ගෙදරට ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
." පුතා ඔයාගේ යාලුවෙක් ඇවිත්. "
කාමරේ ඇදට වෙලා නිදාගෙන හිටිය තීර්ථ ඇහැරුනේ අම්මා කතා කරපු නිසා.
" එන්න කියන්න අම්මේ."
නිදි කිරන ගමන්ම අම්මට යාලුවට එන්න කියන්න කියලා කිව්වේ තීර්ථ ඒ යෙනුල් කියලා හිතන ගමන්.
" තීර්ථ "
තීර්ථ ඇදෙන් නැගිට්ටත් එක්කම කාමරේට ආවෙ සයාශ් . කොලා සයාශ් ඒවි කියලා බලාපොරොත්තු වුනෙ නැහැ. තීර්ථට සයාශ් ව එලවගන්න ඕන වුනත් තීර්ථ කවදාවත් ගෙදරට ආපු කෙනෙක් ව ආපහු යවලා නැහෑ ඒනිසා කොල්ලට කරගන්න දෙයක් තිබ්බේ නැහැ.
" ඇයි ? "
" මට උබත් එක්ක ටිකක් කතා කරන්න ඕන . "
" මට... "
" පුතාලා. "
එහෙම කියාගෙන කාමරේට ආවෙ තීර්ථ ගේ අම්මා බීම වීදුරු දෙකකුත් අතේ තියාගෙන.
" මේක එහෙනම් දෙන්නම බීලා වැඩක් කරගන්නකෝ."
තීර්ථගේ අම්මා බීම වීදුරු දෙක තියලා යද්දී සයාශ් තීර්ථගේ අම්මා එක්ක හිනාවුනා.
" මට කතා කරන්න දෙයක් නැහැ සයාශ් . "
" උබ හැමදාම හේතු දැනගෙන හේතු ඉදිරිපත් කරේ නැහැ. ඒත් මට හේතු කියන්න ඕන "
" හ්ම් "
තීර්ථ සයාශ්ට එකගතාවෙ පල කරන ගමන්ම සයාශ් ට ඇද පෙන්නුවේ වාඩි වෙන්න කියන්න කියන ගමන් කොල්ලත් එතන ඉස්සරහින් තියෙන පුටුවේ වාඩි වුනා.
" උබ පොතේ දැක්ක දේවල් දැන් බොරුවක් කියලා කියන්න මට ඕන කමක් නෑ තීර්ථ . ඒවා හැමදේම ඇත්ත. අවුරුදු ගාණක් මම හන්ගපු එක ඇත්ත. ඒ උබත් එක්ක තියෙන යාලුකම මට නැති වෙයි කියලා. "
තීර්ථ කිසිම සද්දයක් නැතුව අහන් හිටියා .
" උබට මමත් එක්ක තරහක් ඇති. "
YOU ARE READING
විභාජක පටක || Completed
Non-Fiction" අකාශ්ඨීය ශාක වලට කෙලින් හිටගන්න මෘදුස්ථර විතරක් නෙවෙයි ස්ථුලකෝණාස්තරත් ඕන වෙනවා ශෙනිරු " " උබ හරියට සිලබස් එක කවර් වෙලා නැතුව ලියන පිසික්ස් පේපර් එකක් වගේ. කොච්චර කියෙව්වත් අඩුම ප්රශ්නෙවත් තේරෙන්නේ නැති. " මේක විකාර කතාවක් ! 30.08.2023 ©T-Hyungk...