04 වෙනි පටකය

25 6 2
                                    

" ඩෝං "

දම්යුරු යි ශෙනිරුයි හිටියේ ශූටින් ප්‍රැක්ටිස් රූම් එකේ. දම්යුරු බලන් ඉද්දී ශෙනිරු තමන්ගේ වැඩේ දිගටම කරගෙන ගියා. කොල්ලා ශූට් කරනවා බලන් ඉන්න ආසයි . මස්පිඩු අතරේ තෙරපුනු රයිෆල් එකේබට් එකයි ඊට උඩින් තියාගෙන ඉන්න කොල්ලගේ කම්මුලයි. දිග හුස්මක් ගන්නෙ නැතුව ඉලක්කය එනකම් තනි ඇහැක් වහගෙන ඉන්න කොල්ලා දැක්කම කාටද ආස හිතෙන්නෙ නැත්තේ.

" ඔය සද්දෙ නවත්තපන් දම්යුරු . මට උබේ සද්දෙට හරියට ඉලක්කේ ගන්න බැහැ. "

ශෙනිරු හිටියේ ප්‍රැක්ටිස් කරන ගමන් . ජාතික වෙඩි තැබීමේ තරගාවලිය ඉස්සරහට එන්න තිබ්බා. පලාතෙන් කොල්ලා එක වුන නිසා දැන් දිනින්න තිබ්බේ ජාතික මට්ටමේ එක විතරයි .

" උබට ඉකක්කය ගන්න බැරි වෙන්නෙ මගේ සද්දෙ නිසා නෙවෙයි නේ. කන ඇතුලෙනුයි ඔළුව ඇතුලෙනුයි ඇහෙන උබේ කෙල්ලගේ කටේ සද්දේ නේ. දැන් ඒ ප්‍රශ්නේ කොහොමද ? "

ශෙනිරු රයිෆල් ( air rifle )  එක පැත්තකින් තියලා කොල්ලා වෙඩි තියපු චාට් එක දිහා බලන් හිටියා. කොල්ලාට එකම එක ඉලක්කයක්වත් හරියට ගන්න බැරි වුනා.

" මට වඩා තීර්ථ හොඳයි කියනවා බං. උගේ තියෙන මගේ නැති දේ මොකක්ද දම්යුරු "

" එහෙම කොච්චර දේවල් තියෙද බං. උබට ඉවසීමක් නෑ ඌට ඒක තියෙනවා. උඹ කාරුණික නෑ. ඌ කාරුනිකයි. ඌ HP උඹ DHP ඉතින් ඌට උබට නැති දේවල් තියෙනවා. හැබැයි ඌට ඇගක් නෑ උබට ඇගක් තියෙනවා. මට හිතාගන්න බැරි උගේ කටු ගොඩට ඔච්චර කැමති ඇයි කියලා. "

" විහිලු නෙවෙයි දම්යුරු මේක. "

" විහිළුවක් නෙවෙයි කරේ. ඇත්ත කිව්වේ. මම දෙයක් කියන්නද උබට උඹ කතා කරපන් ඌත් එක්ක .අපි හැමදේම දන්නේ නෑනේ. "

දම්යුරු කියද්දිත් ශෙනිරු තමන්ගේ රයිෆල් එක ගෙදර ගෙනියන්න ලෑස්ති කරගත්තා.

" උඹ ඔය යන්වද ? ප්‍රැක්ටිස් කරලා එහෙම ඉවරද ? "

රයිෆල් බෑග් එකත් කරේ දාගෙන යන ශෙනිරු දිහා බලාගෙන හයියෙන් කෑ ගැහුවේ දම්යුරු . කොල්ලත් දැන් ශෙනිරුගේ පස්සෙන් දුවන්න ඕන.

විභාජක පටක || Completed Where stories live. Discover now