දවස්නුත් ඉක්මනට ගෙවිලා ගියා. ඒ ගෙවුණු දවස් කිහිපය ගෙවුනේ ශෙනිරුගේ කෑ ගහන සද්දෙයි නිවුනු ස්වභාවයකින් ඒවා ගණන් ගන්නෙවත් නැති තීර්ථගෙනුයි.
කොහොමහරි දවස් ගෙවුනේ ඉස්කෝලේ අවුරුදු උත්සවේ ලගට. අවුරුදු උත්සවේ කරන්න භාර ගත්තේ ශෙනිරු . ඒත් කොල්ලා වැඩේ භාර දුන්නට හැමදේම කෙරිලත් අවුරුදු තොරණ හරියට කෙරිලා තිබුනේ නෑ. අවුරුදු උත්සවේට තව එක දවසයි තියෙන්නේත් එහෙම කිව්වට හෙට තමයි තිබුනේ අවුරුදු උත්සවේ.
" ශෙනිරු අනිත් වැඩ ටික හරි වගේ ඒත් කොහෙද මේ ඉස්කෝලේ ඉස්සර ගහන තොරණ. ඒක නැතුව මොකුත්ම කරගන්න බෑනෙ. "
" ඒක දැනටමත් හරි සර් "
ප්රින්සිපල් කියද්දි ශෙනිරුට හිතුනේ නිසල්ට හරි මතීශට හරි වැඩේ භාර දෙනකම් බලන් ඉන්න ඒත් කොහෙද කොල්ලගේ ලොකු කමනේ . හැම්දේටම වඩා ඕන වුනේ තීර්ථ ට වඩා දෙයක් කරලා පෙන්නන්න.
" උබට දැන් අඹ සරනයි. තීර්තයට වඩා වැඩ්ඩ වෙන්න ගියානේ. දැන් උබටයි මටයි තමයි තොරණ කියලා කෝටු කෑලි දෙකක් උස්සගෙන ඉන්න වෙන්නේ. "
ප්රින්සිපල් ගේ ඔෆිස් එකෙන් එළියට එනගමන් දම්යුරු කොල්ලගේ කනට කරලා කිව්වත් දම්යුරු ගේ කනට දෙකක් ගහගන්න බැරි වුනේ කොල්ල කියපු ක්තාවේ ඇත්තක් තිබුන නිසා.
ඉස්කෝලේ අරින්නත් ලගයි. ඒත් තොරනේ කෑලි හොයන්නවත් නෑ. අනිත් හැමදේම ලස්සනට කෙරිලා.
" ශෙනිරු අන්න HP පොඩි මීටින් එකක් අරගෙන මෙහෙ වරෙන්."
මතීශ ඇවිත් ශෙනිරු වචනයක් කියන්නත් කලින් ශෙනිරුව ඇදගෙන ගියේ ඕපන් ස්ටේජ් එක පැත්තට. ඒ පැත්තට යනකොටත් තීර්ථ එයාගේ ක්තාව පටන් ගෙන තිබුනේ.
" ගැමි ගෙදර හරි . ක්රීඩා ටිකත් හරි . තෑගිත් හරි. ඕපන් ස්ටේජ් එකත් හරි. එතකොට දැන් තියෙන්නේ තොරණ. ශෙනිරු ඉතින් මොකද වෙන්නේ තොරනට.? "
මතීශ එක්ක එන ශෙනිරු දිහා බලාගෙනම තීර්ථ ඇහුවා.
" තොරණ හරි ඇවිල්ල ගහන්න විතරයි තියෙන්නේ . "
" එහෙනම් ඔක්කොම හරි "
ශෙනිරු කිව්වේ දම්යුරු කොල්ලා දිහා ඇස් ලොකුකරගෙන බලන් ඉන්නගමන්. දම්යුරු කතා කරන්න හැදුවත් කොල්ලා දම්යුරුගේ කකුල පාගලා ඒ වැඩේ නැවැත්තුවා.
YOU ARE READING
විභාජක පටක || Completed
Non-Fiction" අකාශ්ඨීය ශාක වලට කෙලින් හිටගන්න මෘදුස්ථර විතරක් නෙවෙයි ස්ථුලකෝණාස්තරත් ඕන වෙනවා ශෙනිරු " " උබ හරියට සිලබස් එක කවර් වෙලා නැතුව ලියන පිසික්ස් පේපර් එකක් වගේ. කොච්චර කියෙව්වත් අඩුම ප්රශ්නෙවත් තේරෙන්නේ නැති. " මේක විකාර කතාවක් ! 30.08.2023 ©T-Hyungk...