03 වෙනි පටකය

21 6 8
                                    

තීර්ථ වාහනෙන් ඉස්කෝලෙ ඉස්සර බැස්සේ අලුතෙන් ඉස්කෝලෙට ඇතුලු වෙනවා වගේ. සුදුපාට සරමට කලු පාට ශර්ට් එකකුත් ඇදගෙන හිටිය කොල්ලා නිකන් අවුරුදු කුමාරයා වගේ. ඉස්කෝලෙට ඇතුලුවුන ගමන්ම කොල්ලා බැලුවේ ගේට්ටුව දිහා. තොරණ ලස්සනට ගහලා තිබ්බා. මැදින් සූර්ය මංගල්‍යය කියලා ගහලා ඊට උඩින් ලොකු ඉරකුත් ගහලා දෙපැත්තේ අවුරුද්ද ගහලා ඇහැල මල් වලින් පොල් අතු වටේට සරසලා ලස්සනට අවුරුදු තොරණ ගහලා තිබ්බා . ඉස්කෝලෙට එබ ළමයි වගේම පාරෙ යන අයත් බලාගෙන ගියේ ඒ ගාම්භීරත්වයෙන් ඉස්කෝලෙ ඉස්සරහ තියෙන අවුරුදු තොරණ දිහා. තීර්ථ ට අවෙ නිරහංකාර සතුටත්. ශෙනිරු එක්ක ගිය පොඩි බහින් බස්වීම ඇර කොල්ලට මේ ගහපු තොරණ ගැනනම් හරියට සතුටු හිතුනා.

" තීර්ථ වැඩේ ලස්සනට තියෙනවා. "

තාම බෑග් එකත් දාගෙන ගේට්ටුව ඉස්සර බලන් ඉන්න තීර්ථ ගේ  ගාවට ආවෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් .

" මේවා ඉතින් ශෙනිරු කරපුව තමයි සර්. "

තීර්ථ ඒදේ කිව්වෙ හදවතින්මයි කොල්ලා පොඩ්ඩක් ඇවිත් උදව් කරන්න ඇති ඒත් කොල්ලා ගියපු වෙලාවෙ ඉඳන් මේ දේ කරේ ශෙනිරු .

" කොහොමද සර් තොරණ ලස්සනට තියෙනවනේ. "

තීර්ථ ප්‍රින්සිපල් එක්ක ඉන්නව කියලා දැක්ක ශෙනිරු ආවෙ ප්‍රින්සිපල් ඉන්න පැත්තට. කොල්ලා අද හරි ලස්සනයි . පිම්බුනු මස් පිඩු වලට හිරකරගන්න අමාරු කලු පාට ශර්ට් එකකුයි ඒත් සුදු සරමයි ඇඳන් හිටිය කොල්ලා ඉස්කෝලෙ මිස්ලගේ පවා ආකර්ශනය ගත්තා . හිතේ හැටියට කොන්ඩේ තියාගෙන එන්න පුලුවන් නිසා අද ඇස් වැහෙන්න ඔන්න මෙන්න තියෙන කොන්ඩේ හද හද එද්දි පුදුම ලස්සනක් තිබුනේ. තීර්ථ බලාගෙන හිටියේ ඒ එන ශෙනිරු දිහා. ශෙනිරු ලගට එද්දිම තීර්ථ අනිත් පැත්ත බලාගත්තේ ශෙනිරු ට මුහුන දෙන්න ඕන කමක් කොල්ලට තිබුණෙ නැති නිසා.

" ඔව් ඒක තමයි මමත් මේ තීර්ථ එක්ක කතා කර කර හිටියේ. තීර්ථ කිව්වා ඔයාගේ වැඩක් තමයි මේක සම්පූර්ණයෙන්ම කියලා. "

" මම යන්නම් සර් තව වැඩ බලන්න තියෙනවනේ. 

සර් ශෙනිරු ට කියද්දිම තීර්ථ එතනින් ගියා. ශෙනිරු ට හිතාගන්න බෑ ඇයි තීර්ථ එහෙම ප්‍රින්සිපල් ට කිව්වේ කියලා තීර්ථ ට තිබ්බා ඔක්කොම තමන් කරේ කියලා තමන්ට හොද නාමෙ ගන්න. ඒත් එහෙම කරපු නැති එක කොල්ලට පුදුමයි.

විභාජක පටක || Completed Where stories live. Discover now