අවසාන පටකය

22 6 3
                                    

" ටෙන්ට් එක ගැහුවද මතීශ. "

ශෙනිරු ආවෙ ලොකු කලබලේකින්. කොල්ලගේ අතේ කොල ටිකකුයි පෑනකුයි තියාගෙන හරි දදා හිටියේ.

" ඒවා හරි ශෙනිරු . "

මතීශ කිව්වම ආයෙත් හරියක් කොලේ දාගෙන කොල්ලා ගියේ අනිත් පැත්තට ජූනියර්ස්ලට බනින ගමන්.

" ඌ ගොඩක් වෙනස් වෙලා නේද තීර්ථ ? "

" හ්ම් වෙනදා අපිට කිසිම උදව්වක් කරන්න එන්නැති එකා අද බැහැලම වැඩ. සතුටුයි ඉතින් . "

තීර්ථ කිව්වේ ශෙනිරු ජූනියර්ස්ලට බනින විඳිය බලාගෙනම.

" ඌ එහෙම ඉන්නවනම් කොච්චර හොදද හැමදාම "

මතීශත් එහෙම කියන ගමන් තමන් කරපු වැඩ ටික කරගෙන ගියා.

උදේ එකොළහට පටන් ගන්න තියෙන දන්සලට තාම කට්ටිය ලෑස්ති වෙනවා. සයාශ් නුත් දන්සලට ආවෙ යෙනුල්ගේ බල කිරීම මත. සයාශ් දැකපු තීර්ථ කොල්ලා ගාවට ගියා.

" උබ ආපු එකට සතුටුයි. "

තීර්ථ වෙනදා වගේම යාලුකමින් සයාශ් එක්ක කතා කරා.

" මම මගේ හොදම යාලුවො දෙන්නා දෙන දන්සලට නෑවිත් කොහොමද "

සයාශ් කියද්දී තීර්ථ සයාශ්ගේ කරට අතක් දානවත් එක්කම කොහේදෝ ඉඳන් යෙනුල් නුත් දුවගෙන ඇවිත් කොල්ලො දෙන්නගේ කරට පැන්නා.

" උබලා දෙන්නා මාව කපලා දාලා වගේ."

" උබව කපනවද අපි නේද සයාශ් . "

" ඒකනෙව් තීර්ථ මූ නැතුව අපිට ජීවිතයක් නැහැනේ. "

" අන්න එහෙම ඉදපන්. මම අර පැත්තට ගිහින් බලලා එන්නම්. "

යෙනුල් එහෙම කියාගෙන ගියේ ශෙනිරුලා ඉන්න . ඉස්කෝලෙ පිටිපස්සේ ගේට්ටුව පැත්තේ තමයි දන්සල දෙන්න ලෑස්ති වුනෙ.

" උබ ආයෙත් මමත් එක්ක කතා කරන එකට සතුටුයි තීර්ථ . "

යෙනුල් යන දිහා බලාගෙන ඉදලා සයාශ් කියන්න ගත්තා.

" උබ මගේ හොඳම යාලුවෙක්නේ සයාශ්. අනික උබ මම ගැන යාලුවෙක් විදියට හිතන්න පටන් ගත්තු එක ගැන මට හරි සතුටුයි. "

විභාජක පටක || Completed Where stories live. Discover now