පටන් ගත්තා වගේම මේක විකාර කතාවක්. මේක තව ගොඩක් දිගට දෙන්න මම හිතාගෙන හිටියා. ඇත්තටම මට මෙතනින් නවත්තන්න ඕන වුනා. මේක පරන අදහසක් වුනාට කතා ලියන්න නැවැත්තුවට පස්සේ ආයෙ ලියන්න කම්මැලියි . මේකෙ ටිකක් දිගට ලිව්ව නිසාම තමයි මම මෙච්චර දුරට ඇදගෙන ආවෙ. කාලෙකින් ලියපු නිසා මේක එච්චර හොද නැතුව ඇති. ඔයාලට මේකෙ අවසානෙ තේරෙන්නෙත් නැතුව ඇති. පලවෙනි chapter එකේ කිව්වා වගේ වචන ඇතුලට කිඳා බැහැලා බැලුවත් මේක විකාරයක් . ඔව් මේක තනිකරම විකාරයක්. සීමාවන් ගොඩාක් ඇතුලේ හිරවෙච්ච විකාරයක්.
මේකෙ අදහස එද්දී අඩුම කතාවට නමක්වත් නැහැ. බාගෙට තිබ්බ අදහස මේ අවුරුද්දෙදි තමයි ලියන්න පටන් ගත්තේ. ඒලියද්දිත් කතාවට නමක් නෑ. ඒනිසා බයෝ පාඩමක් අරගෙන නමක් දැම්මා. ඒ නම නිසා බයෝ විදියටම මේක ලියලා දැම්මා.
මේක ලියන්න අදහස තියෙද්දිනම් මට ඕන වුනේ මේක තව දිගට ලියලා මේකෙම දෙවනි කොටසක් දෙන්න . ලියන ගමනුත් හිතුනා - භ්‍රමණ චලිතය - කියලා දෙක කොටසක් පටන් ගන්න. ඒත් ඇත්තටම මට කම්මැලියි .
ඔයාලට මේකෙ ප්‍රශ්න ඇති. කිසිම නිර්මාණාත්මක බවක් නැතුව ඇති. හොද අවසානයක් නැතුව ඇති.ඒ හැමදේටම සමාවෙන්න. ඒත් මට කරන්න දෙයක් නැහැ. මේක තනිකරම විකාරයක් නිසා....
පලි:-
කතාවෙ නම් ගත්තොත් මම තීර්ථ කියන නම හොයාගත්තේ ගූගල් එකෙන්. ඒකෙ බබාට නමක් කියලා පිටුවක සයාශ් තීර්ථ කියලා තිබ්බා. එකට දාන්න මට ඒනම සෙට් නැති නිසා තීර්ථ වෙන කෙනෙක් ටයි සයාශ් වෙන කෙනෙක් ටයි දැම්මා. ශෙනිරු අධ්‍යාශ් නම් මම නිකන් ඉන්න් ගමන් හදපු නමක් . ඔය දෙවනි නම් කෑලි ටිකයි අනිත් නම් ටිකයි මගේ වසයේ කොල්ලො ටිකකගේ නම් ටිකක්. :) තව මගේ යාලුවගේ ක්‍රශ් එකකගෙ නමත් තියේ :)
©T-hyungkook
YOU ARE READING
විභාජක පටක || Completed
Non-Fiction" අකාශ්ඨීය ශාක වලට කෙලින් හිටගන්න මෘදුස්ථර විතරක් නෙවෙයි ස්ථුලකෝණාස්තරත් ඕන වෙනවා ශෙනිරු " " උබ හරියට සිලබස් එක කවර් වෙලා නැතුව ලියන පිසික්ස් පේපර් එකක් වගේ. කොච්චර කියෙව්වත් අඩුම ප්‍රශ්නෙවත් තේරෙන්නේ නැති. " මේක විකාර කතාවක් ! 30.08.2023 ©T-Hyungk...