සතියක්ම ගෙදර ඉදලා කොල්ලො ටික අද තමයි ඉස්කෝලෙ යන්න හැදුවේ. ඉස්කෝලෙට ගියාට මොකද මුලින්ම යන්න වුනේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට. ප්‍රින්සිපල්ගේ බණ ටිකත් අහලා තමයි කොල්ලොන්ට පන්ති වලට යන්න වුනේ.
" මම බෝඩ් රූම් එක පැත්තට යනවා. "
තීර්ථ යෙනුල් ට කියාගෙන ගියේ සයාශ් ට ඇහෙන්නත් එක්කම. කොල්ලා සයාශ් ගේ පොත කියවපු දවසෙ ඉදන්ම තීර්ථ සයාශ් එක්ක කතා කරේ නෑ. සයාශ් කොච්චර කෝල් ගත්තත් තීර්ථට ඒවා ආන්සර් කරන්න තරම් වුවමනාවක් තිබ්බේ නැහැ. තීර්ථට ඕන වුනේ සයාශ්ව මග අරින්න. ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේදි වුනත් තීර්ථ සයාශ්ගේ එහා පැත්තෙන් හිටගන්නේ නැති වෙන්න වග බලාගත්තා.
සයාශ්ගේ පැත්තෙන් තිබුණෙ වෙනම දෙයක් . කොල්ලට ඕන වුනේ තීර්ථ ගාවින් ඉන්න තීර්ථ ට හැමදෙයක්ම තේරුම් කරලා දෙන්න ඒත් තීර්ථ මේක එකපාරින් තේරුම් ගන්නෙ නැහැ කියලා කොල්ලා දැනගෙන හිටියා. ඒත් තියෙන යාලුකම නැති වෙන්න හරි කොල්ලට තීර්ථ එක්ක කතා කරන්න ඕන වුනා.
" උබ පන්තියට එන්නේ නැද්ද ? "
" ටිකකින් එන්නම් යෙනුල් "
එහෙම කියාගෙනම තීර්ථ බෝඩ් රූම් එක පැත්තට ගියා. අනිත් කොල්ලො ටික දෙනා බලාගෙන හිටියේ තීර්ථ දිහා.
තීර්ථ යනකම් බලාගෙන හිටපු සයාශ් නුත් සද්දයක් නැතුවම පන්තියට ගියේ යෙනුල් පස්සෙන් පන්නගෙන එන ගමන්.
.
.
.
.
.
.
.
." උබ අවුලකින්ද ? "
යෙනුල් තීර්ථව හොයාගෙන ආවෙ කොල්ලා ඉන්ටර්වල් එක ඉවර වෙනකම්වත් පන්තිය පැත්තේ ආවෙ නැති නිසා බෝඩ් රූම් එක පැත්තට හොයාගෙන ආවා.
" මම මේ පිසික්ස් ගණන් වගයක් හද හද හිටියේ බං . මට ඇති අවුලක් නෑ. "
" නෑ උබට මොකක්ම හරි අවුලක් තියෙනවා. උබට විතරක් නෙවෙයි සයාශ් ටත්. "
" ඇයි ඌට මොකද ? "
තීර්ථ පොත දිහා බලාගෙනම ඇහුවා.
" මම උබ එක්ක ඉදලා තියෙන්නේ පොඩි කාලෙ ඉඳන්. සයාශ් එක්ක හිටියේ පොඩි කාලයක් වුනාට මට උබලා දෙන්නගෙම හැසිරීම් තේරුම්ගන්න පුලුවන් යකෝ. "
YOU ARE READING
විභාජක පටක || Completed
Non-Fiction" අකාශ්ඨීය ශාක වලට කෙලින් හිටගන්න මෘදුස්ථර විතරක් නෙවෙයි ස්ථුලකෝණාස්තරත් ඕන වෙනවා ශෙනිරු " " උබ හරියට සිලබස් එක කවර් වෙලා නැතුව ලියන පිසික්ස් පේපර් එකක් වගේ. කොච්චර කියෙව්වත් අඩුම ප්රශ්නෙවත් තේරෙන්නේ නැති. " මේක විකාර කතාවක් ! 30.08.2023 ©T-Hyungk...