* තෙවෙනි දිගහැරුම *

559 117 29
                                    

ඝන මේඝයක් යට පිරුනු ගං ඉවරේ කලු ගලක් උඩින් මම වාඩි උනා . හරිම නිදහස් හරිම සැහැල්ලුයි . පෙණ නැග නැග ගල් පර වලින් හැපි හැපි යන දිය කඩිති දිහා මම ඔහේ බලන් හිටියා . මේ ගෙවිලා යන්නේ මම ගමේ ඉන්න අන්තිම දවස් කීපය කියලා මතක් වෙද්දි මට ඕනේ උනේ මම ගත කරන අන්තිම දවස් ටික හරි ලස්සනට ගෙවලා දාන්න . ඒත් පපුව අස්සේ මොකකෝ මන්දා හිස් උනු හැගීමක් තිබුනා .

පුරවන්න පුරවන්න හිදිලම ගිහින් පපුවේ පැත්තක් ඉඩෝරකයට අහු වෙලා . මම දන්නේ නැහැ ඒත් ලොකු දුකක් හිතට දැනෙනවා . දිගටම මට ගමට වෙලා ඉන්න පුලුවන් නම් කියලා හිතෙනවා . ඒකාරීව ගලා ගෙන යන දිය වැල් අස්සෙන් තිත්ත පැටව් උඩ පනිද්දි මට මගේ පුංචි කාලේ මතක් උනා . ගග අද්දරට ඇවිත් තිත්ත පැටව් අල්ලන් වීදුරු ජාඩි බෝතල් වලට දාන් ගෙදර අරන් ගියත් අම්මා උන්ව ආයෙම ගගට ගෙනත් දානවා .

කලු ගල උඩ මම හාන්සි වෙලා හොද සෞම්‍ය හුස්මක් ගත්තා . නැවුම් ගහ කොල වල ප්‍රාණවත් බවත් දිව වැල් වලින් උඩ ගහන දිය පෙණ වල හිරිකඩ වලින් මගේ නාස් පුඩු පිරිලා ගියා . මගේ කනට උනත් ඇහුනේ හුලගට වැනෙන ගස් කොලන් වල සිලි හඩයි ගගේ ඝෝෂාවයි විතරයි . එහෙන් මෙහෙන් කුරුල්ලෙක් දෙන්නෙක් ගේ සද්දයක් නොඇසුනාමත් නෙමෙයි . මම මගේ ඇස් යාන්තමට පියා ගනිද්දි මට දැනුනා කවුරු හරි මගේ එහා පැත්තෙන් ඇල උනා කියලා .

එක ඇහැක් විතරක් යාන්තමට ඇරපු මම ඒ කෙනා දිහා බැලුවා . මගේ විහස් .. එයා ආයෙම මගේ ඇස් පේන මානෙට ඇවිත් . උදේ කිරි ගෙනත් දීලා බංගලාවෙන් ගියාට පස්සේ අද දවසට මම විහස්ව දැක්ක දෙවෙනි වතාව . දුහුල් සුදු පාට කමිසයක් ඇදලා කොට කලිසමක් ඇදලා හිටියට මොකද ඇදුම පුරාම හොදටම මඩ . පේන විදිහට හොදට ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක නටලා වගේ . කොල්ලට දොස් කියන්න බැහැ උසස් පෙළ ලියලා ඉවර උනා විතරයිනේ තාම .

" විමුක්ති බේබි ගග අද්දරට එනවා කියලා මම දන්නේ නැහැනේ "

" ඇයි මට දැන් ගග අද්දරට එන්න විහස් ඒජන්ත මහත්තයගෙන් අවසර ගන්නත් ඕනෙද ?? "

එයා හිනා උනා . හරි ලස්සනයි .. මට මුලු දවසම උනත් ඒ හිනාව දිහා බලන් ඉන්න පුලුවන් . හිත නිවෙනවා හරියට භාවනාවක් වගේ . ඒ වෙල්වට් පාට ඇස් හිනාවත් එක්කම හීනි වෙලා යද්දි විහස්ගෙ මූණට අමුතුම හුරතල් බවක් එකතු උනා . ඒ කම්මුල් තද කරලා අල්ලන්න . හාදුවක් දෙන්න මට තදින්ම ඕනේ උනා . ඒත් මං දන්නවා ඒ තරමටම දුර යන්න තරම් මට අයිතියක් නැහැ කියලා . මම අයිතිවාසිකම් කියන්නේ නැහැ ඒත් පපුව මැදට දැනෙන ආදරේ පපුව හාරන කොට දරා ගන්න මට හරි අමාරුයි .

" ඔයාගේ හිනාව හරි ලස්සනයි විහස් !! මම දැකපු ලස්සනම හිනාව ඒක .. ඇබ්බැහියක් වගේ හිත නිවෙනවා .. දවසෙම හරි ඒ දිහා මට බලන් ඉන්න පුලුවන් .. "

" මට ඔහොම කියපු පලවෙනි කෙනා විමුක්ති බේබි .. අනිත් බංගලාවල් වල බේබිලා නම් මාව දකින තැන රවනවා .. මූසලයි කියලා ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නෙත් නැහැ .. කිරි බෝතල් ටික බිමින් තියලා යන්න කියනවා .. ඒත් විමුක්ති බේබි එහෙම නැහැ .. මාත් එක්ක කතා කරනවා මාත් එක්ක හිනා වෙනවා .. මගේ අත් දෙකෙන්ම කිරි බෝතල් ටික ගන්නවා .. තිරිසන් ගති තියෙන මිනිස්සු අතරේ විමුක්ති බේබි වගේ මිනිස්සුත් ඉන්නවා .. "

මං දන්නවා වස්තුව උන් නොසෑහෙන්න උබට රිද්දලා තියෙනවා කියලා . පිපෙන්න තියෙන මලක් උබ .. මම කැමති නැහැ පිපෙන්න කලින් එක එකා මගේ වස්තුවව තලනවට . මට පුලුවන් කමක් තිබුනා නම් මගේ විහස්ව මම කොළඹ එක්කන් යනවා . ඒත් මට එහෙම කරන්න බැහැ . හිතන තරම් ජීවිතේ සරල නැහැ . ඒක මට උනත් විහස්ට උනත් එකයි කිසිම වෙනසක් නැහැ . හැබැයි එක එකා මගේ විහස්ව රිද්දන කොට මටත් රිදෙනවා හරියට .

එක පාරක් හරි සනසන්න . මට පුලුවන් නම් මගේ විහස්ව මට තුරුලු කර ගන්න . ඒත් මට බැහැ සීමාව බිදින්න . ඒ ඇස් වල දුකක් තියෙන්න ඕනේ නැහැ . මට හෙන ගැහුවත් මගේ විහස් සතුටින් ඉන්න ඕනේ හැමදාකම .. මූණ මැලවිලා ඇසුත් බර වෙලා . මගේ විහස් ඉන්නේ දුකෙන් කියලා මට තේරෙනවා . මගේ ඇගිලි තුඩු විහස් ගේ කම්මුලක් යාන්තමට පිරිමැද්දා . මම දන්නේ නැහැ මම ඇයි ඒ වගේ දෙයක් කලේ කියලා ඒත් ඒ සියුම් ස්පර්ෂය පවා මාව උමතු උනා .

" ඔයාට රිදෙන්න ඇති එහෙම නේද ?? "

එයා ඔලුව වැනුවා . හරි අහිංසකයි . මට වැඩි වැඩියෙන් ආදරේ හිතෙන එක පුදුමයක් නෙමෙයි .

" තැලෙන්න තැලෙන්න යකඩයක් උනත් හයිය වෙනවා මට දැන් ගානක් නැහැ තියෙන දෙයින් සතුටු වෙනවා "

එයා හිනා උනා . මන් දන්නවා ඒ හිනාව සම්පූර්ණයෙන්ම නීතී විරෝධීයි කියලා . ඒ හිනාව ව්‍යාජයි මට මිනිස්සුන් ගේ හිත් කියවන්න බැරි උනත් මේ වෙලාවේ විහස් තමන් හොදින් කියලා කියන එක මවාපෑමක් කියලා මට කියන්න පුලුවන් උනා . හැමදාම හිනාවකින් පිරිලා තියෙන ඒ මූණ දැන් ටිකක් පරවුනු මලක් වගේ මැලවිලා . මැලවෙන්න ඕනේ මලක් නෙමෙයි උබ .. පිපිලා සුවද වෙන්න , මං ගාවින් පූදින්න ඕනේ මලක් .. හැබැයි මගේ විහස් උබ මට තහනම් මලක් .

රෝස , ටියුලිප්
ආදරයට සම කරන ..

හෙන ගහනවද
බඹරෙක් වැහුවම
තහනම් මලට .. ??

තහනම් මලක් || TK || NF ✔✔Where stories live. Discover now