* දෙවනි දිගහැරුම *

713 128 60
                                    

කහට එකත් තොල ගාලා ඉවර උනු ගමන් මම පින්න අස්සේ මිදුලට බැස්සේ එයාව බලන්න . උදේ හයත් පහු වෙලා තාමත් නැහැ . වත්තේ පල්ලෙහ තියෙන ඕක් ගහ දිහාවට ඇවිදන් ගියපු මම ගහ යටින් වාඩි උනා . මට හොදට මතකයි මේ ඕක් ගහ . මගේ ආතාගේ අත් දෙකෙන්ම හිටවපු එදා බීජයක් විතරක්ම වෙලා හිද අද මහා රූස්ස ගහක් වෙලා . හරි හෙවනයි හිතට සනීපයි . ආයෙ මෙතනින් නැගිටින්න ඕනේ කියලා නම් මම හිතන්නේ නැහැ .

ඕක් ගහේ පෙති පියලියක් මගේ කම්මුලට වැටෙද්දි මට හිනාවක් ගියා . මිනිස්සුන්ට වගේ ම ගස් කොල වලටත් ජීවයක් තියෙනවා . උන්ට අපි කියන ඒවා දැනෙනවා . තෙත පස් පිඩලි ඉරා ගෙන ගැඩවිල්ලු එකා දෙකා උඩට අදිද්දි මම ටිකක් එහාට උනා . කොළඹ හිටිය කාලේ මට ගම කොච්චර නම් මග හැරුනද කියලා මට දැනුනා . අරලිය ගස් උඩ ඉදන් පාඩම් කරලා උඩහ දොළෙන් නාපු හැටි මාව අතීතෙට ඇදන් ගියා .

බොරලු වෙලා තිබුනු බංගලාවේ සමහර තැන් තෙත පාසි නිම්න වගේ . උල්පත් වලින් දිය උනලා පුංචි ගගක් වගේ . මිනිස්සු නැතුවටව කදෝපැණියොයි , කුරුමිණියොයි සේරම එතන . උන්ටත් විඩාව දැනෙනවා ඇති . හරියට මට වගේ . මම ඕක් ගහේ කදට හේත්තු වෙලා ගෙවුනු අතීතය ගැන කල්පනා කලා . හෙන ගහන්න තරම් මගේ ජීවිතය අපායක් උනත් මම තාම හුස්ම ගන්නවා . අවාසනාවන්තයි සංකීර්ණයි ඒත් පුදුමයි .

බයිසිකලයක ට්‍රීන් ට්‍රීන් සද්දයක් මගේ කන් බෙර මතට වැටෙද්දි මම ඉක්මනට ඕක් ගහ යටින් නැගිට්ටා . එයා ඇවිත් !! මම මෙච්චර වෙලා බලන් හිටපු එයා අන්තිමේදී ඇවිත් !! මගේ පපු ගර්භාෂය ඇතුලෙන් මට සතුටක් දැනුනා . මගේ පපුව ප්‍රේමයෙන් හිර කරපු , ගන්න හුස්මක් පවා උබටම සින්න කරන්න සලස්වපු , මගේ වෙල්වට් උබ තමයි මිනිහා මම ප්‍රේමයෙන් දණ නමපු .

" විමුක්ති බේබි මෙන්න කිරි බෝතලේ .. මග එන කොට අද බයිසිකලේ හුලං බැස්සා ඒක නිසයි එන්න පරක්කු උනේ "

එයා මගේ ගාවට එනකල්ම මම දැක්කේ නැහැ . කොහොම දකින්නද මගේ ඔලුව හැම තැනම දුවන කොට . එයා කිරි බෝතලේ දීලා ප්‍රමාද හේතුවත් ඉදිරිපත් කලා . මට ඒවයින් වැඩක් නැහැ . පරක්කු වෙලා හරි මගේ වෙල්වට් ආපු එක මට හොදටම ඇති . කිරි බෝතලේ අතට ගත්තු මම එයාගේ වෙල්වට් පාට ඇස් දිහා බැලුවා . ඒවා හරියට මැණික් කැට වගේ දිලිසෙනවා . අනන්තයට යන පාර කියන ඒ ඇස් මාව අතරමං කලා .

තහනම් මලක් || TK || NF ✔✔Where stories live. Discover now