මම තේරුම් ගත්තා . හද රිදවන්නේ ප්‍රේමය නොව ප්‍රේමය නම් අවිය හරියට හැසිරවීමට නොදන්නා මිනිසුන්ය සහ අසම්මතයට ගරහන නින්දිතයන්ය . එය පහත්ය , මුඩුමය .. ඉතිම් මම වැරදිද .. ?? ආදරය කෙලින් කියා ගන්නට බැරි මමත් කශේරුවක් නැති නිවටයෙක්ය . සංස්කෘතිය හා ලෝ දහම එකතු වී නිපැයූ සම්ප්‍රදායන් වෙනස් කිරීමට තරම් මට හයියක් නැති උනත් හදවත ප්‍රේමයෙන් ගැබ්බර වීමද මට වලක්වා ගත නොහැක .
ඇත්තටම මමත් නිවටයෙක් නේද .. ??
විහස්ව මගේ කර ගන්න බැරි හේතුවට විරුද්ධව සටන් කරන්න බැරි පිරිමියෙක් මම . මට ලැජ්ජයි මං ගැනම .. ඒත් රිදෙනවා උනත් ලේසියෙන් අතාරින්න බැහැ මට . ඒක උමතුවක් . ප්‍රේමයේ මුලාවක් . හුස්ම හිර කරන අදෝනාවක් !! පපුව දෙකඩ උනත් ප්‍රේමයෙන් ලය පැලුනත් , ගන්නා හුස්ම විස උනත් මං ආදරෙයි මැරෙනකල් .. !! ඒක මම විතරක්ම දන්න පොරොන්දුවක් ..!! මගේ ආදරේට සාක්ෂියක් ..
කාමරයට වෙලා පොත් අතර හිර වෙලා හිටපු මම මිදුලට ආවා . මම ආසම තැන මහ විසාල ඕක් ගහ යටින් මම වාඩි උනා . මුලු බංගලාවම අද වෙනදටත් වඩා හරිම නිහඩයි . ඕක් ගහේ කදට හේත්තු උනු මගේ ඇස් ඕක් ගහේ ගෙඩි වලට යොමු උනා . ලා නා කොල පාට ඕක් ගෙඩි ගහේ පොකුරු පිටින් ඒ අස්සේ වයින් පාටට හුරු ඉදුනු ගෙඩිත් නැතුවමත් නෙමෙයි . කෙහෙල් දලු පාට ඕක් මලුත් ගහට බර වෙලා තිබුනා . නොඉදුල් පොහොට්ටුත් ඒ අස්සෙන් එල්ලෙද්දි පිපෙන්න කලියෙන් නෙලා ගන්න මට හරි හිතමයි .
එක පොහොට්ටුවක් උදුර ගත්තා කියලා ගහට පාඩුවක් නෑනේ . පිපෙන්නත් කලින් ඕන තරම් පොහොට්ටුට බිමට රූටන්නේ . එහෙව් එකේ මම එකක් ගත්තට කමක් නැහැ . බිමටම නැවිලා තියෙන ඕක් මල් පොකුර අස්සේ තිබුනු නොඉදුල් පොහොට්ටුවක් මම උදුර ගත්තා . ඒක හරිම බොලදයි .. ඒත් මගේ හිතට අමුතු සතුටක් දැනුනා . චෙරි සහ ඇපල් වල සුවද මිශ්‍ර උනු අමුතුම සුවදක් මට ඕක් පොහොට්ටුවෙන් දැනුනා . පොහොට්ටුව ටිකක් මම තලලා නහයට තද කලා .. ඇත්තටම හරිම සුවදයි .
" පිපෙන්නත් කලින් පොහොට්ටුවක් කඩා ගෙන සුවද බලන්නේ ගහට රිද්දන්නද ?? "
මම එක පාරටම ඇහුනු කටහඩ නිසා මම ඉක්මනට පිටි පැස්ස හැරිලා බැලුවා . ඒ මගේ විහස් .. ලා නීල කමිසයක් ඇදලා ගානට කොණ්ඩේ පැත්තට පීරලා හරිම ලස්සනයි හරිම හුරතල් . මගේ වස්තුව මගේ දිහාවට ඇවිත් මට නුදුරෙන්ම ඕක් ගහ යටින් වාඩි වෙලා හේත්තු උනා . අද නම් ඉවසන්නම බැහැ හරිම කුසුඹයි ..!! මෙච්චර ලගින්ම ඉද්දි මම කොහොමද මගේ ඇස් ඔයාගෙන් එහාට අර ගන්නේ ??
YOU ARE READING
තහනම් මලක් || TK || NF ✔✔
Historia Cortaකඩදහියක ලා රෝස තවරන්න .. පෙනෙනවාද ප්‍රේමයේ වරණය ... ?? ඉතිම් මට කියන්න ආදරය මොන පාටද ... ?? Short Nonfiction Completed Happy ending Start : 28 / 09 / 2024 End : 28 / 09 / 2024