* හත්වෙනි දිගහැරුම *

473 106 21
                                    

දවස් මේ තරම්ම ඉක්මනින් යනවද කියලා මට හිතා ගන්න බැහැ . තව දවස් හතරකින් මට ආපහු කොළඹ යන්න වෙනවා . ඒත් මට ඕනේ උනේ මට ඉතුරු වෙලා තියෙන දවස් හතර හරි මගේ විහස් එක්ක ගත කරන්න . ඒක නිසාම විහස් බංගලාවට කිරි ගේනකල් බලන් ඉදලා මම විහස් එක්ක ගම් තුලාවේ කරක් ගැහුවා . විහස් මගේ ලගින්මයි . හැම වෙලාවෙම විහස් ගාවින් එන ඩැන්ඩෙලියන් මල් සුවදට මං හරි ආසයි .

විහස් ගේ පස්සෙම මම දිගටම ඇදුනා . කොළඹ උන්නු නිසා මට දැන් ගමත් නුහුරුයි . කැලෑ පියසට යාබදව තියෙන සකුරා මල් ගස් යාය ගාවින් විහස් නතර උනා . රෝස පාට සකුරා පියලි හැම තැනම . හරියට ලා රෝස පාට නිම්නයක් වගේ . සකුරා මල් වලින් එන වැනිලා කූමර සුවදත් මගේ විහස් ගාවින් එන ඩැන්ඩෙලියන් මල් සුවදත් මගේ සිහිය විකල් කලා . විහස් බිම වැටිලා තියෙන සකුරා පෙති මතින් ඉස්සරහට ඇදෙන කොට මම විහස් ගේ පිටු පසින් අඩිය තිබ්බා .

මහා රූස්ස සකුරා ගහක් යටින් නතර උනු අපි දෙන්නා රෝස පැහැති සකුරා නිම්නෙක තනි උනු බඹරු දෙන්නෙක් වගේ කදට යටින් වාඩි උනා . මේ වගේ සුන්දර දසුනක් ඇස් දෙකෙන් දකින්න තරම් මං පින් කාරයි . සකුරා ගහේ කදට මම හේත්තු වෙලා මගේ විහස් දිහා බැලුවා . දැනට මත් විහස් ගේ ඇස් තිබුනේ මගේ ලග .. ඒ වෙල්වට් පාට ඇස් අතර මට කලාවක් නිමාවක් නැතිව අතරමං වෙන්න පුලුවන් . ඒත් ඒ ඇස් භයානකයි ඇබ්බැහි වෙන සුලුයි .

" විමුක්ති බේබි දන්නවද .. බංගලාවේ තියෙන ඕක් ගහ වගේ මේ සකුරා ගහෙත් මල් පිපෙන්නේ වසන්ත කාලෙට විතරයි .. බක් වෙසක් මාස වලදි බලන් ඉන්න ලස්සනයි .. "

" කැලේම පිපිලා කැලේ ඇතුලෙම පරවෙලා යන කැලෑ මලක් වගේ මං ආසම මල් වසන්ත කාලෙට විතරක් පිපුනම හරිද ?? "

" හැමදෙයක්ම සිද්ද වෙන්නේ අපිට ඕනේ විදිහට නෙමෙයිනේ බේබි .. හුරු වෙන්න එතකොට ජීවත් වෙන්න උනත් හරි ලේසියි "

" එහෙනම් මට පොරොන්දු වෙන්න !!
මේ බක්මහේදී වගේ , එන බක්මහේදීත්
මේ සකුරා මලක් වගේ මං වෙනුවෙන් පිපෙන්න .. !!! "

විහස් මගේ දිහා බලන් හිටියේ කිසිම දෙයක් නොතේරුනු ගානට .. මං ඊලග නිවාඩුවට ආයේ ගමට එයිද නොයෙයිද කියලා වත් මට විශ්වාස නැහැ ඒත් මම එන දවසට මගේ විහස් අද වගේම හිටියොත් මට ඒ හොදටම ඇති . ඒ පින්තාරු හිනාවත් වෙල්වට් පාට ඇස් දෙකත් මට කවදාවත්ම අමතක නොවේවි . බෞතීස්මයක් ඕනේ නැහැ මගේ ආදරයට . නම් ගම් නොකලත් ගොලු වුනු ප්‍රේමයට දරණ හෘද සාක්ෂිය උනත් ඇති මේ මහ පොලොව දෙබෑ කරන්න .

" මමත් කැම්පස් ගියාට පස්සේ විමුක්ති බේබි වගේ නොතේරෙන අමුතු වචන කතා කරයිද දන්නේ නැහැ .. "

මම හිනා උනා . මම දන්නවා මම කියන ඕවා උබට තේරෙන්නේ නැහැ කියලා . මගේ පපුව මැද වැඩුනු ප්‍රේමයේ බීජය උබේ පපුවට බර වැඩියි . මේක අතිශය අසාමාන්‍ය ආදරයක් . සම්මතයෙන් කොටු පැන්න අසම්මත පෙමක් . උබට මේවා නොතේරෙන එකමයි හොද . ඇත්ත මගෙ වස්තුවට මාව පිලිකුල් කරයි .. රාමු ගත කල ගරිල්ලා ප්‍රේමය මම ටිකක් බින්දා . හැබැයි මට රිදුනා ලේ ටිකක් වැගිරුනත් අමුතු සතුටකුත් දැනුනා .

බිම වැටිලා තිබුනු සකුරා මලක් මම මගේ අතට අර ගත්තා . ටිකක් පර වෙලා ඒත් සුවද ඒ විදිහටම තිබුනා . මට ඕනේ උනා මේ සකුරා මල මගේ විහස්ගේ කන පිටු පසින් රදවන්න .. රදවලා ටිකක් හැඩ බලන්න .. ඒත් මට කොහෙන්ද ඒවට අයිතියක් ?? සකුරා මල ආයෙම අතට ගුලි කර ගත්තු මම , මල් පෙති නොතැලෙන්න පියලියක් පිරිමැද්දා . හරිම සිනිදුයි .. මට තව ආදරේ හිතුනා .. ඒ සකුරා මලටද නැත්තම් මගේ විහස්ටද කියලා මට හිතා ගන්න බැරි උනා ... !!

ප්‍රේමය හැමෝමටම වාසනාවන්ත නැහැ . අසංස්පර්ශීය වූවත් විනිවිද නොවන , ගැඹුරු ආත්මයක සැගවුනු වේදනාවක මෙන්ම , අත්දැකීම් බහුල අසම්පූර්ණ වූවත් පරිපූර්ණ වූවත් කිසිදා විස්තර කර නිම කල නොහැකි හැගීමකි ප්‍රේමය . ලෝකයේ අවසානයත් , මන්දාකිණියක නිමාවත් , ප්‍රේමයත් විහරවත් අතර ඇති අරගලයක් කොටින්ම ප්‍රේමිය උබ වංකගිරියක් .. දොස් කියන්න පුලුවන් ද මට .. මම උබගෙන් අතරමං වෙනවට ??

කොකේන් වදිනවා
ගංජා වලට වඩා ...

විශ්වාස කරන්න

ප්‍රේමය පැසවනවා
විරහවටත් වඩා ... !!

තහනම් මලක් || TK || NF ✔✔Where stories live. Discover now