ගමේ ඉන්න අවසන් දවස අද .. මගේ විහස් එක්ක ගත කරන අන්තිම මොහොත අද .. හැන්දෑව කිට්ටු වෙන කොට අම්මා මාව පන්සලට ඇදන් ආවා . හෙට කොළඹ යන නිසාම පහනක් පත්තු කරන්න අම්මට ඕනේ උනා . යනින් ගමන් විහස්ව අපිට අහම්ඹෙන් මුණ ගැහුනා . යන්න ගියපු ගමන හැරුනු විහස් අපිත් එක්කම පන්සලට ආවා . පහනක් පත්තු කරලා මම ගාථාවක් කියද්දි විහස් මගේ ලගින් හිට ගත්තා . විහස් නිසාම මට ගාථාවේ ඊලග පද පේලිය අමතක වෙලා ගියා ...
විහස් පහන් වැට ගාවට ලං වෙලා පහන් පත්තු කරද්දි මම තව ටිකක් විහස් ගාවට ලං උනා . විහස් පත්තු කරපු පහනකින් තවත් පහනක් මම විහස්ගේ නමට පත්තු කලා . මගේ වස්තුව හැමදාම සතුටින්ම ඉන්න ඕනේ .. උබේ ජීවීතේව මල් වැහි වහින්න ඕනේ .. මං ආදරෙයි විහස් .. මොන දේ කොහොම උනත් මං උබට නොසෑහෙන්න ආදරෙයි .. මේ ඒකාකාරී වෙනස් නොවන යථාර්ථයේ වුනත් මම පර්තවයක් වගේ ආදරෙන් නොසැලී ඉන්නම් ... හැමදාමත් ..
ටිකක් ඈතින් අම්මා මල් වට්ටියක් අතේ තියන් බෝධිය වඳින කොට මම ඒ දිහා බලලා ආයෙම විහස් දිහා බැලුවා . පහන් වැට ගාව ඉදන් මගේ විහස් නිවිලා තියෙන අනිත් හැම පහනක්ම පත්තු කලා . අන්ධකාරය මක මක ටිකෙන් ටිකෙන් පහන් වැට එලිය වෙන විදිහ මගේ හිත තුල යමක් ඇවිස්සුවා . අවලංගු වූ මගේ හදවතටත් , අල්පප්රාණ ලෙස ජීවිතයේ රැදී තිබුනු මගේ හුස්මටත් විහස් ආයේ පණ දුන්නා . හරියට මේ නිවිලා ගිහින් තිබුනු හැම පහනක්ම විහස් ආයෙම එලිය කරනවා වගේ .
සැදෑ අහසේ තිබුනු ලා රත් මේඝ වළාවන් දැන් ටිකෙන් ටික අදුරටම බර වෙලා තිබුනා . ගත නිවන සිහින් හුළගක් බෝ මළුව පුරා දැවටෙද්දි පහන් නිවී නොයන්න විහස් ගන්නා වෙර මගේ තොල් අතර සිහින් සිහනවක් රැදෙව්වා . මට විහස්ට උදව් කරන්න ඕනේ උනේ නැහැ . ඒත් විහස් දිහා බලන් ඉන්න මට ඕනේ උනා . ඔය රූපේ වැඩි වැඩියෙන්ම මගේ මනස ඇතුලේ රදව ගන්න මට සීමාවක් නැතිව ඕන උනා . ඒත් තහනම් මලකට පෙම් බදින එකේ සීමාවක් තියා ගන්න ඕනේ කියලත් මට හිතුනා .
" මේ පහන් සේරම මම බේබිගේ නමට පත්තු කලා .. දෙයියන්ගේ නාමෙට බේබිට කරදරයක් නම් වෙන්නේ නැහැ .. "
" විහස් ගේ ප්රාර්ථනාවම ඇති මට කරදරයක් නොවෙන්න .. "
මම විහස් පත්තු කරලා තියෙන පහන් වැට දිහා බැලුවා . මුලු පහන් වැටෙන්ම එකම එක පහනක් විතරක් මම විහස් වෙනුවෙන් පත්තු කලාට අනිත් පහන් සේරම විහස් මගේ නමට එලිය කරලා .. ඉතිම් මම දරා ගන්නේ කොහොමද ඔය හැටි සෙනෙහස ?? මේක ආදරය නෙමෙයි නේද ?? මට බලාපොරොත්තු වැඩෙනවා විහස් ඒක එච්චර හොද නැහැ .. පහන් තිරය දැල්වෙලා නිවිලා ගියත් මේ හැම පහනක්ම මගේ හිතේ හැමදාමත්ම තියේවි . අමාරුම කාලේ උනත් ඒ පහන් ඒ විදිහටම එලිය දේවී ..
" බේබි මගේ නමට බැංකු පොතක් ඇරලා සල්ලි දැම්මා කියලා ලොකු නෝනා කිව්වා .. එදා ගෙදර ආව දවසෙත් අතේ වියදමට කියලා බේබි එදත් සල්ලි දුන්නා .. ඇයි බේබි මට සල්ලි වියදම් කරන්නේ ?? "
" කොළඹ කැම්පස් එකට යන්න ආසයි කිව්වා නේද ?? ඒවට වියදමට ඔය .. ලග තියා ගන්න ඉතිරි කර ගන්න .. හොදට ඉගෙන ගන්න .. මටත් වඩා හොද තැනකට යන්න .. එච්චරයි ඕනේ මට .. "
" බේබිට පින් .. මං වගේ අනාථයෙක්ට උදව් කරනවට .. ලොකු නෝනා තුන් වේලම බඩට බත් ටික දුන්නට පස්සෙත් බේබි ගෙන් මෙහෙම සල්ලි ගන්න එක මට හරි නැහැ වගේ .. "
" පින් ?? මට ඒවා ඕන නැහැ විහස් .. ඔයා හොද තැනකට ඇවිත් මහත්තයෙක් වෙන්න .. අන්න එතකොට විහස්ට පුලුවන් මාව සතුටු කරන්න .. "
මං දැක්කා ඒ වෙල්වට් ඇස් හරි ලස්සට දිලිසෙනවා . මුලු ලෝකයම අදුරු වෙලා ගියත් මට විශ්වාසයි ඒ ඇස් වල තියෙන දීප්තියේ නම් අඩුවක් වෙන්නේ නැහැ කියලා . ඒ පින්තාරු හිනාවෙන් මුලු මූණම පිරිලා . මේ මොහොතට සීමා උනු ඔය හිනාව නැතුව ඉස්සරහට කොහොම නම් මම ඉන්නද ?? මට ඒ කාලය ගොඩක් අමාරු වෙයි . ඔයා නැති හිස් තැන් තදින්ම දැනෙයි . මගේ ආදරේට හිස් තැනක් ඕනේ නැහැ විහස් .. ඒත් තහනම් මලක් පූදිලා පරවෙනකොට කොහොමත් හිස් හිඩැස් ගොඩක් මතු වෙනවා .
විරහව ප්රේමයට වෙඩි තියලා මාව උදාසීන මිනිහෙක් කලත් තහනම් මලට දුන්නු ආදරේට හිස් තැනක් නම් කොහෙවත් නැති වේවී . දන්නවද .. ප්රේමයත් විරහවත් මුසු උනු හිත් දෙකක් තියෙනවා මට .. ප්රේමය උබේ නමට .. විරහව මගේ නමට .. ඒක හරිම අසික්කිතයි නේද ?? මගේ පපුවට කටු වලින් ඇන්නත් ලේ බූලි ගනනින් ඇදලා ගත්තත් .. ප්රේමය උබට විතරයි .. විරහවේ රස උබ විදින්න නරකයි . හැමෝම එහෙමයි හිමි වෙන දේවල් වලට වඩා හිමි නොවන දේවල් වලට ආදරේ කරනවා . මම උනත් එහෙමයි උබට තාම ආදරේ කරනවා ...
වෙල්වට් ඔබ
මගේ තහනම් මල ..දන්නවද විරහවේ දුක ??
එය නොදන්නා එකමයි
හොද ... !!
YOU ARE READING
තහනම් මලක් || TK || NF ✔✔
Historia Cortaකඩදහියක ලා රෝස තවරන්න .. පෙනෙනවාද ප්රේමයේ වරණය ... ?? ඉතිම් මට කියන්න ආදරය මොන පාටද ... ?? Short Nonfiction Completed Happy ending Start : 28 / 09 / 2024 End : 28 / 09 / 2024