අද නිකමට වගේ මට හිතුනා විහස් එක්ක එයාගේ ගෙදරට යන්න . දන්න තරමින් විහස්ට පවුලේ කවුරුත් හිටියේ නැහැ . අපේම බංගලාවේ කැලෑවට කිට්ටුව පහලම හරියේ තිබුනු ගඩොල් ගෙදර විහස් තනියම ජීවත් උනා . පවුල් උරුමයෙන් කියලා වත් විහස්ට කිසිම දෙයක් ලැබිලා නැහැ . විහස් ආදරෙන් ඇති කරන කේප්ප වැස්සිගෙන් දොවන කිරි බෝතල් බංගලාවල් වලටයි වලව් කීපයකටයි විකුණලා පොඩි ගානක් විහස් හොයා ගන්නවා .
විහස් මෙහෙට ඇවිත් තියෙන්නේ මම කොළඹට ගිය කාලේ . ඒ නිසා මං ආයේ ගමට එද්දි විහස් ගැන දැනන් හිටියේ නැහැ . ඒත් දැන් මම ගමෙන් යන්න ලෑස්ති වෙන්නේ විහස් මගේ මුලු ලෝකයම කර ගෙන !! මගෙ එකම ආදරය කර ගෙන !! හරිම හදවත් අහඹුවකින් හරි හමුවීම ප්රේමයේ පුරුද්දක් .. ඒත් වේදනාවක් .. සදාකාලික මතකාවර්ජනයක් .. !! මට මගේ වස්තුවව නැති කර ගන්න බැහැ . ඒත් අත් හැරලා දාන්නත් බැහැ . මම අසරණයි .. ආදරය නිසා මම අසරණයි ..
" බංගලාවේ වගේ මෙහෙ සැප පහසුකම් නම් නැහැ .. මෙන්න මේ පුටුවෙන් වාඩි වෙන්නකෝ .. විමුක්ති බේබීට මම තේ කහට එකක් හදන් එන්නම් "
" කරදර වෙන්න එපා විහස් මට ඕනේ උනේ මෙහෙට ගොඩ වෙලා යන්න මිසක් ඔයාට වද දෙන්න නෙමෙයි "
" මොන වදයක්ද විමුක්ති බේබි ඔතනින් වාඩි වෙලා ඉන්න මම කහට කෝප්පයක් හදා ගෙන ඉක්මනට එන්නම් "
විහස් කුස්සිය දිහාවට යද්දි මම සාලේ තිබුනු ලී පුටුවෙන් වාඩි උනා . සාලේට තිබුනේ ලී පුටු තුනක් විතරයි . ඒකේ උනත් හරියට වාඩි වෙන්න බැහැ චිරි චිරි ගානවා . සාලේ උනත් ඒ හැටි ඉඩක් නැහැ මේසයක් දාපු ගමන් පිරෙනවා . කපරාදු කරලා වත් නැති මේ ගඩොල් ගෙයි මගෙ වස්තුව කොහොම ඉන්නවද මන්දා . ටකරං වහලෙත් හිල් තැන තැනම .. අව්වට වේලිලා වැස්සට තෙමෙනවා ඇති . මගේ වස්තුව දුක් විදින්න ඕනේ නැහැ මේ හැටියට .
දොරක් වත් නැති කාමරේ සාලෙට හොදට පේනවා . පුංචි මේසෙකුයි පුටුවකුයි දිරච්ච අල්මාරියකුයි ඇරුනම ඒ කාමරේ තිබුනේ තව පන් පැදුරක් . මැටි වත් ගාලා නැති බොරලු පොලොවේ පන් පැදුරක් එලා ගෙන මගේ වස්තුව කොහොම නම් නිදියනවා ඇතිද ?? මට දුකයි රත්තරනේ .. මට පුලුවන් නම් මම උබව මගේ ගාවට අරන් මැණිකක් වගේ පරිස්සන් කරනවා . තැලෙන්න ඕනේ මලක් නෙමෙයි උබ .. ලෝකෙට පේන්න ලස්සනට පිපෙන්න ඕනේ මලක් ..
කිරි බෝතල් විකුණලා හරි අමාරුවෙන් ජීවත් වෙනවා ඇත්තේ .. මට දුකයි .. වේදනයි .. කහට කෝප්පකුත් හදා ගෙනම මගේ විහස් සාලෙට ඇවිත් කහට කෝප්පේ මගේ අතට දුන්නා .. උණු උණුවෙන්ම දුම දාන කහට කෝප්පෙන් මම උගුරක් බිව්වා . සීනී ගානට කහටත් හරියටම .. මම ජීවීතේ පලවෙනි වතාවට බිව්ව රසම කහට කෝප්පේ මේක . මගේ වස්තුව ගේ අතින්ම හදපු කහට එක ..
" ම්ම් හරිම රසයි .. "
එයා හිනා උනා .. ඒ හිනාව ඒක ඇත්තටම මායාවක් .. මාව නිවන මාව ආදරයෙන් පුරවන ඇබ්බැහියක් .. ග්ලැසියර් වගේ තියෙන මගේ පපු බෙනය ඒ හිනාවෙන් දිය උනා .. කෙහෙල් මල් හදවත දරා ගන්න බැහැ මෙහෙම වෙනකොට .. මෘදු වෙන්න ඕනෙමද හිනාවකටට ?? මාවත් දිය කර ගෙන ?? එත් මං ආදරෙයි නොසෑහෙන්න .. පුලුවන් නම් වැස්සක් වගේ වෑහෙන්න මට .. මගේ විහස් කැමති නැද්ද ප්රේමයෙන් ටිකක් තෙමෙන්න ??
" විමුක්ති බේබී ඔය උගන්න කැම්පස් එක ලොකුයිද ?? "
" ඔව් ගොඩක් ලොකුයි "
" මාත් හිතන් ඉන්නේ රිසාල්ට් ආවම කැම්පස් යන්න ඒත් .... "
" ඒත් ඇයි ?? මට කියන්න විහස් "
" ඕවට කොහෙද සල්ලි මං ගාව ?? වියදම් කරන්න මං ගාව සතයක් නැහැ .. මම බැලුවේ රස්සාවක් කරන්න කියලා "
" ඉගෙන ගන්න වයසට රස්සාවල් කරලා හරියන්නේ නැහැ විහස් .. ඔයා කැම්පස් යන එක යනවා .. ඔයාගේ සේරම වියදම් මං බලා ගන්නම් .. ඕක මහ ලොකු දෙයක් නෙමෙයිනේ "
මං කිව්ව දේට විහස් පුදුම වෙලා මගේ දිහා බැලුවා .. මට ඔයාව සතුටින් තියන්න පුලුවන් හැම විදිහකින්ම මම ඔයාව සතුටු කරනවා විහස් .. මගේ ජීවීතේට මල් නොපිපුනාට උබට හරි පිපෙන්න ඕනේ .. මං ආදරෙයි ඒක මාත් එක්කම තිබුනාවේ .. හැබැයි මම ඔයාව අතාරින්නේ නැහැ විහස් .. ඔයා වැටෙන , ඔයාට මාව ඕන හැම වෙලාවකම මම ඔයත් එක්ක ඉන්නවා .. යෝධයෙක් නොවුනට උබට තියෙන ආදරේ වෙනුවෙන් මට ගස් ගල් පවා පෙරලන්න පුලුවන් පණ ..
අවුරුදු ගානක් ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට කතා කරපු ඔයාව මම නැති කර ගන්නේ නැහැ විහස් !! ඒක මගේ පොරොන්දුවක් .. මගේ ආදරේට ප්රතිඥාවක් .. !! නිහඩවම තෙරපෙන හිතත් , ගොළු වෙලා තියෙන ආදරයත් උබ වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා වස්තුව .. පැයෙන් පැය ගෙවිලා යන ඔරලෝසුවේ දොලහ කනිසම වදින්නේ ආයේ පැය කට්ටත් මිනිත්තු කට්ටත් එකට මුණ ගස්සලා .. හැබැයි එකම විදිහට අලුත් දවසක් එකක්ක .. ඒත් සමහරට විට මගේ කතාවේ එහෙම දවසක් නැති වෙන්න පුලුවන් ..
මේක සාපයක් ..
හෙන ගැහිලා යන ආදරයක් .. !!උබ මත්තෙම මැරෙන හිතක් ..
ඒත් උබ මට සිප ගන්න තහනම් මලක් ... !!
YOU ARE READING
තහනම් මලක් || TK || NF ✔✔
Short Storyකඩදහියක ලා රෝස තවරන්න .. පෙනෙනවාද ප්රේමයේ වරණය ... ?? ඉතිම් මට කියන්න ආදරය මොන පාටද ... ?? Short Nonfiction Completed Happy ending Start : 28 / 09 / 2024 End : 28 / 09 / 2024